Special 26 [2013] Sinhala Subtitles


Special 26 [2013] Sinhala Subtitles
Add to Favorites
Special 26 [2013] Sinhala Subtitles (144 min 03 sec)
03-18-2013 at 10:11 PM
Uploaded by HEDZ

Rating: 5 after 4 votes

Hindi Movies
Favorites: 237 - Views: 36943



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත




  1. Most Popular Subtitles of this Contributor







ඔන්න තවත් අලුත් හින්දි චිත්‍රපටියක් අරගෙන ආවා.මේකේ ටොරන්ට් පිටපතක් ඇවිත් නම් දවස් 3ක් 4ක් වගේ වෙනවා.රාජකාරිවැඩ අතර මැද මේවා කරලා දෙන්නත් එපැයිනේ.ඒ නිසා පොඩි කාලවේලාවක් ගියා කරලා දෙන්න.මම දන්නවා සුම් එකෙන් උපසිරැසි දෙනකම් මොනා උනත් ඔයාලා බලන් ඉන්නවා කියලා.හරි එහෙනම් වැඩි කතාවක් නැතුව ෆිල්ම් එක ගැන බලමු..

කාලේකට පස්සේ ඔන්න අක්ෂේ කුමාර් තමන්ගේ සුපුරුදු හාස්‍ය චරිතවලින් මිදිලා ඉන්නවා දකින්න පුලුවන්.මම මේක දකින කොටත් හිතුවා මේකත් විහිළුවක් හරි ගැවිලාවත් ඇති කියලා.නමුත් මේ චිත්‍රපටියේ එවැනි දර්ශන නැහැ.අක්ෂේ කාලේකට පස්සේ සිරියස් චරිතයක් රගපානවා කිව්වොත් මම නිවැරැදියි.මෙය IMDB හි 8ට අගයක් ලබා ගැනිමට පවා හැකිවි තිබෙනවා.මේ කතාව 1987 සිද්දවෙච්ච සත්‍ය සිදුවිමක් අලලා තමයි නිර්මාණය වෙලා තියෙන්නේ.එක්තරා හොරු කණ්ඩායමක් ඉන්නවා.මොවුන් කරන්නේ කොල්ලකන එක.හැබැයි එක අමුතුම විදියකට.මම මේකේ කතාව වැඩිය කියන්නේ නෑ.එකටත් හේතුවක් තියනවා.ෆිල්ම් එකේ බාගයක් විතර අපි කිව්වාම ඔයාලා ඒකත් ඔළුවේ තියාගෙන බලන්නේ.එක නිසා වෙන සිදුවිම් ගැන දන්නවා.එහෙම වෙන්න උවමනා නැති නිසා ඔයාලා මේක අරගෙනම අත්දැකිම විදගන්න. චිත්‍රපටියේ අර මම කිව්ව දේ මතක තියාගත්තම ඇති.කොහොම හරි මේ හොරු කණ්ඩායම අල්ලන්න පොලිසිය ලොකු උගුලක් අටවනවා.මේ හොරුත් එසේ මේසේ හොරු නෙමෙයි.ඉතින් එහෙම හොරු මේ පොලිසියේ ඇම කයිද? අමතක උනා පොලිසියේ නෙමෙයි මේ හොරු කණ්ඩායම අල්ලන්න පැලැන් එකක් ගහන්නේ CBI එකේ කට්ටිය.එයාලා මේ හොරු කණ්ඩායම කොටු කරගනිද? ඒ ගැන දැනගන්න නම් මේ චිත්‍රපටිය බලන්නම වෙනවා.අරන් බලන්න.හැමදාම මම කියනවා වගේ හින්දි කියලා මගහැරගන්න එපා.මොකද හින්දි උනත් වටින චිත්‍රපටි තමයි උපසිරැසි එක්ක දෙන්නේ.

කට්ටිය දැන් බලයි මම Inkaar [2013] දෙද්දි දෙනවා කිව්ව පරණ හින්දි චිත්‍රපටිය කෝ කියලා.එක ඉක්මනටම ඔයාලගේ අතට ලැබේවි මේ සතිය ඇතුලතම.එහෙනම් එතකම් මේ චිත්‍රපටිය අරන් බලන්න.අලුත් චිත්‍රපටි කිහිපයක් දාන්න කියලාත් කියලා තිබ්බා එවත් පුලුපුලුවන් විදියට හොද කොපි ආවම දෙන්න බලන්නම්.මේ මගේ 38වන උපසිරැසි ගැන්විම.ඒ වගේම හින්දි චිත්‍රපටි වලින් 27 වන සිංහල උපසිරැසි ගැන්විම.එකත් එහෙනම් අරගෙන බලන්න.අදහස් උදහස් යොජනා චොදනා ඕනම දෙයන් කියන්න අමතක කරන්නත් එපා.එහෙම දෙවල් වලට වෙනදා වගේම ප්‍රොෆයිල් එකට හරි ඊමේල් එකට හරි මැසේජ් එකක් දාන්න.ගිහින් එන්නම් එහෙනම්.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 1GB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
375MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
350MB DVD RIP Direct links මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment