Madly Madagascar [2013] Sinhala Subtitles


Madly Madagascar [2013] Sinhala Subtitles
Add to Favorites
Madly Madagascar [2013] Sinhala Subtitles (30 min 11 sec)
03-20-2013 at 10:32 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 100 - Views: 11155



Tags:


උපසිරැසි ගැන්වීම: ප්‍රසාද් ශ්‍රීමාල්




  1. Most Popular Subtitles of this Contributor







ආදරය කියන්නේ මොකක්ද? සියයට සියයක්ම හරියටම ඒක විග්‍රහ කරන්න පුළුවන් කෙනෙක් නම් ඉන්නවද දන්නෙත් නෑ... කොහොම වුණත් අපි හැමෝම ආදරය කරනවා.. තමන් තමන්ට වගේම ලෝකේ අනිත් හැමෝටමත් ආදරය දයාව කරුණාව දක්වනවා. හැබැයි සමහර අය ඒක දකින්නේ වැරදි විදියට.

අපි හැමෝම දන්නා Madagascar කතා මාලාවේ අලුත්ම කතාව මේ 2013 වුරුද්දේ ආවේ පෙබරවාරි 14 වැනිදා ලෝක ආදරවන්තයින්ගේ දවසේයි. එදාම මේ චිත්‍රපටිය ඔයාලට ලබාදෙන්න බැරිවීම ගැන කණගාටුයි. ඒත් ඉතින් හැමෝම හැමෝටම එක විදියට හැමදාමත් ආදරේ කරනවා නම් හැමදාම වැලන්ටයින් දවසක් නේ... ඒ නිසා මම මේක ගැන දැනගත්ත ගමන් ඔයාලට දෙන්න අරගෙන ආවා...
Madagascar කතාමාලාවේ හැම චරිතයක්ම වාගේ මේ කතාවේත් ඉන්නවා, විශේෂයෙන්ම දක්ෂ පෙන්ගුවින් රැල

කතාව මෙහෙමයි,
වැලන්ටයින් දවසේ ජුලියන් උණහපුළුවාට අහම්බෙන් සුවඳ හමන සුවඳ විලවුන් බෝතලයක් හම්බවෙනවා... එයා මේක අරගෙන අනිත් හැම සතෙක්ටම මිලට දෙන්න සැලසුම් කරනවා බොරුවට ආදරවන්තයින්ගේ දවසේ දෙවියන් දුන් තෑග්ගක් කියලා, එයා කියනවා ඒකෙන් ටිකක් ලබාගත්තම තමන්ට ගැහැණු සතුන්ගේ ආකර්ෂණය දිනාගත හැකි බව. ඔතනින් පටන්ගන්නා මේ පුංචි කතාව අපිට ආදරය ගැන හිතට වදන කතාවක්
කියාදෙමින් අවසන් වෙනවා..

“අපි හැමෝටම ආදරය කරන්න ජීවිතයේ ගොඩක් අය හමුවෙනවා.. ඒත් සමහර අය ඒක වැරදියටයි වටහාගෙන ඉන්නේ.. අම්මා තාත්තා දරුවන්ට දක්වන ආදරය එක් විදියක්, සහෝදර සහෝදරියන් ආදරය කරන විදිය තවත් විදියක්, යහළු යෙහෙළියන් අතර තියෙන්නේ වෙනත් විදියක ආදරයක්, බිරිඳ සැමියා, පෙම්වතා පෙම්වතිය අතර තියෙන්නේ වෙනත් වර්ගයක ආදරයක් කියලා ගොඩක් අය ආදරය වර්ග කරනවා. ඒත් ඇත්තටම ආදරය කියන්නේ එක වචනයක්, එක තේරුමක් ඇති දෙයක් පමණයි. ඒ හැම ආදරයක්ම එකයි. ඒ එකිනෙකා අනෙකාට සලකන විදියයි වෙනස් වෙන්නේ..
ඒ නිසා ආදරවන්තයින්ගේ දවස කියන්නේ පෙම්වතුන්ට පමණක් ඇති දෙයක් නොවෙයි ආදරය කරන සියලු දෙනාටම ඇති දවසක්... එසේම සැබෑවටම ආදරය කරන අයට ජීවිතේ හැම දවසක්ම ආදරවන්ත දවසක්“

මෙන්න මේ කතාව හැමෝටම තේරුම් කරලා දෙන ලස්සන මේ චිත්‍රපටිය හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.. එහෙනම් තවත් ලස්සන චිත්‍රපටියකින් හමුවෙමු යාලුවනේ


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
500MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
250MB DVD RIP DIRECT LINKS මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


500MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රසාද් ශ්‍රීමාල් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment