The Batman vs Dracula [2005] Sinhala Subtitles


The Batman vs Dracula [2005] Sinhala Subtitles
Add to Favorites
The Batman vs Dracula [2005] Sinhala Subtitles (83 min 53 sec)
03-20-2013 at 09:38 PM
Uploaded by HEDZ

Rating: 4.5 after 2 votes

English Movies
Favorites: 80 - Views: 6757



Tags:


උපසිරැසි ගැන්වීම: ප්‍රවීන් මහේෂ්



  1. Most Popular Subtitles of this Contributor







ඔන්න මම මගේ 3 වෙනි උපසිරැසි නිර්මාණයත් අරගෙන ආවා.

මේ පාර මම අරගෙන ආවේ සුපිරි, ත්‍රාසජනක Animation film එකක්. ඒ තමයි The Batman vs Dracula කියන film එක. මේක 2005 වසරේදී තිරගත වුණු film එකක්. මේ film එක සුප්‍රකට Warner Brothers සමාගමේ නිර්මාණයක්. චිත්‍රපටයේ කතාව මේකයි.ඔයාලා කවුරුත් හොඳින් දන්නා සුපිරි වීරයෙක්නේ Bat Man කියන්නේ. බැට් මෑන් ගැන වගේම එයාගේ ප්‍රධානම සතුරන් වන Joker සහ Penguin ගැනත් ඔයාලා දන්නවා. මෙම චිත්‍රපටය ආරම්භ වෙන්නේ Joker සහ Penguin හිරගෙදරින් පැනලා යන දර්ශනයකින්. හැබැයි මේ විදිහට පැනලා යන Joker සහ Penguin ටත් වඩා දරුණු සතුරෙකුට මුහුණ දීමට Bat Man ට සිදුවෙනවා. ඒ තමයි Dracula කියන මිනිසුන්ගේ ලේ උරා බොන දුෂ්ට වැම්පයර් සිටුවරයා. Dracula කියන්නේ කවුද කියලා ඔයාලා හැමෝම හොඳින් දන්නවානේ. Joker සහ Penguin දෙදෙනාම Dracula සමඟ එක්වීමත්, ඔවුන්ගේ ගොදුරු බවට පත්වන සියලුම දෙනා Dracula ගේ අනුගාමිකයින් බවට පත්වීම නිසා Dracula ගේ ලේ උරා බොන-නොමැරෙන හමුදාව ක්‍රමයෙන් වැඩි වෙනවා.
ගෝතම් නගරයේ පොලිස් දෙපාර්තමේන්තුවට පවා නගරය ආරක්ෂා කරගැනීමට නොහැකිව, ගෝතම් නගරයට ඉහළින් භීතියේ අඳුරු වළාකුළක් පාවෙන අවස්ථාවක දී, Bat Man ගෝතම් නගරය ආරක්ෂා කරගැනීමට දරණ උත්සාහය තමයි චිත්‍රපටය පුරාවට විකාශනය වෙන්නේ. ඉතින් යාළුවනේ, Bat Man ට ගෝතම් නගරය ආරක්ෂා කරගන්න පුළුවන් වේවිද? නැද්ද? කියලා දැනගන්න නම් චිත්‍රපටය නරඹන්න.සජීවීකරණ චිත්‍රපටයක් වුණත්, මෙම චිත්‍රපටය නොනැවතී එක දිගටම බලන්න පුළුවන් අතිශය ආකර්ෂණීය එකක්. ඇත්තටම මම නම් හිතන්නේ මේක බොහෝ දෙනෙකුගේ ඇස නොගැටුණු ලස්සන චිත්‍රපටයක් කියලා.චිත්‍රපටයේ අනර්ඝත්වය වැඩි කරන්න පසුබිම් සංගීතය උපරිම අන්දමින් දායක කරගෙන තියෙනවා. ඇත්තම කියනවා නම් සංගීතය නිසාම චිත්‍රපටය අතිසාර්ථක වෙලා තියෙනවා.ඉතින් ඔයාලත් film එක බලලා Comment කරලා යනවා නම් මම ගොඩක් සතුටු වෙනවා. නැවත තවත් මෙවැනිම සුපිරි film එකක් සමඟින් හමුවෙමු.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රවීන් මහේෂ් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment