The Crazies [2010] Sinhala Subtitles


The Crazies [2010] Sinhala Subtitles
Add to Favorites
The Crazies [2010] Sinhala Subtitles (101 min 34 sec)
03-21-2013 at 10:19 AM
Uploaded by HEDZ

Rating: 5 after 4 votes

English Movies
Favorites: 107 - Views: 13984



Tags:


උපසිරැසි ගැන්වීම: Triple Thunders සමඟ එරංග






කාලෙකට පස්සෙ ඔන්න ටීම් එකත් එක්ක සෙට් වෙලා සබ් එකක් අරං ආවා ටීම් එක කිව්වට ටීම් එකට අමතරව අපේ සූම් යාලුවෙකුත් එකතු කරගත්තා ඒ මොකද දන්නවාද මේ දවස්වල අපි තුන් දෙනාටම ටිකක් වැඩ වැඩි ගතියක් තිබුන නිසා ඉතින් මම අපේ M.D.W. එරංග සහෝට බාර දුන්නා මේක සම්පූර්ණ කරල දෙන්න කියල, එයත් ඒක බාර අරගෙන මට හරියටම වෙලාවට භාර දුන්නා, ඒත් ඉතිං ‍මේක කරලා දැන් සතියක් විතර වෙනව ඒත් ඉතං මේකෙ අඩුපාඩු ටික බලලා කරල දෙන්න වෙලාවක් නැති නිසා පොඩ්ඩක් ඇනිල හිටියෙ ඒත් ඉතං අපිට ෆ්‍රී ටයිම් එකක් සෙට් උනා ඉතිං අපි ඒකෙන් ප්‍රයෝජනයක් අරං මේක ඉවර කලා, ඔන්න ඉතිං අපිට වෙච්ච ඇබැද්දිය ගැන කිව්වනි, දැං ඉතින් බහිමු කතාවට, කතාවට බහින්න කලින් මට ෆිල්ම් එක ‍හොයල දුන්න හෙඩ් සහෝටත්, එරංග සහෝටත් හැමදාම වගේ, මගේ ටීම් එකේ කොල්ලො දෙන්න දනුකටත් පහන්ටත් මගේ ස්තූතිය පුද කරණවා, ඒ වගේම චිත්‍රපටිය බලන්න ඕනි 17++ අය මොකද ඒක එහෙම කියන්න යම් හේතූන් තියෙනවා සාමාන්‍යයෙන් අසභ්‍ය වචන ඉංග්‍රීසි චිත්‍රපටිවල තියෙන ඒවනි අන්න ඒ හෙතුව නිසාත් මෙහි ඇති යම් දර්ශන නැරඹීමට අපහසු නිසාත් මෙය 17++ වත් බැලුය යුතු යැයි මා කියා සිටිනවා, හරි දැං බහිමු කතාවට.

Ogden Marsh නැමැති නගරයේ, ඩේවිඩ් සහ රසල් බේස් බෝල් ක්‍රීඩාවක් නරඹමින් ඉන්න අතර තුර, ඔවුන් හදුනන රෝරි නැමැති පුද්ගලයෙක් උමතුවෙන් මෙන් තුවක්කවක් රැගෙන බේස් බෝල් පිටියට ඇතුලු වෙනවා, කුවක්කවක් අරං එනකොට කවුද භය වෙන්නෙ නැත්තෙ නේ..? හි හි හී ඉතින් බේස් බෝල් ක්‍රීඩාවේ යෙදෙන හැමෝම ඩේවිඩ් සහ රසල් වහාම පිටියෙන් ඉවත් කරණවා. ඩේවිඩ් රසල් කියන්නෙ Ogden Marsh නගරයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක්. රෝරි උමතුවෙන් මෙන් ඩේවිඩ්ට තුවක්කුව දිගු කරණවා වෙඩි තබයි යැයි බිය වී, ඔහු ඔහුගේ තුවක්කුවෙන් රෝරිට වෙඩි තබනවා මේ වෙඩි තබන්නේ මොහු බීලා යැයි සිතා නමුත් සිදුවී ඇත්තේ ඊට හාත් පසින්ම වෙනස් සිදුවීමක්. මෙවැනිම සිදුවීමක් පහුවදා දින රාත්‍රියේදී සිදුවෙනවා එනම් එක් මනුස්සයෙක් තම බිරිද සහ දරුවා නිවසක් තුල හිර කර උවුන් ගිනිබත් කර මරා දැමීමයි. බිරිද සහ දරුවා මැරීමේ වරදට මොහු අත්අඩංගුවට ගන්නවා.. ඔන්න දැං තමයි ඉතිං වැඩේ පටං ගන්නෙ, දැං ඉතිං භය වෙන්න ලෑස් වෙන්ඩලා.. දිනක් දෙකක් යන විට අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ යම් වෙනස් කම් කීපයක් පෙනෙන්නට ගන්නවා, ඇග හැම තැනින්ම ලේ වැගිරෙනවා මුහුනේ දත් පෙනෙන තෙක්ම සම නැති වෙලා, නමුත් මිය ගොස් නැහැ එන්න එන්නම තත්වය දරුණු අතට පත් වෙනවා, ඇත්තටම මේ සිදුවීම වෙලා තියෙන්නෙ ගුවන් යානයක් කඩා වැටීම නිසා මේ ගුවන් යානය කඩා වැටිල තියෙන්නෙ පාලු වැවකට. මේ වැවේ තාරාවන් අල්ලන්න දඩයමේ යන තුන් දෙනෙකුට තමා මේ රෝගෙ හැදෙන්නෙ රෝගයක්මත් නෙවේ රසායනික මිශ්‍රවීමක් තමා මේ අමනුශ්‍ය ගති ඇතිවීමට හේතු වෙලා තියෙන්නෙ, නගරය තුල සියලුම සම්බන්දතා බිද වැටෙනවා, මුලු නගරයම මුලු ශරීරයම වසාගත් සෙබලුන් පිරිසක් විසින් අල්ලා ගන්නවා සියළුම මිනිසුන් වාහන මගින් රැගෙනවිත් පරීක්ෂනවලට ලක් කරණවා ඒ කියන්නෙ මෙම රෝගය වැලදී සහ වැලදී නැති අය වෙන් කරණවා, කුඩා දරුවන්ට පවා මේ රෝගය වැලදිලා, හැම චිත්‍රපටියකම මොකක් හෝ දෙයක් වෙලානි ඉවර වෙන්නෙ නැත්තං ඒකෙන් වැඩක් නෑනි. ඉවරයි කිව්වට ඉවර නෑ තව හොදේ දැන් තමා ඔන්න පටං ගන්නෙ සීන් එක දැන් අර මුලින්ම මේ රෝගෙ හැදිච්ච තුන්දෙනා මේ මිනිස්සු මරන්න ගන්නවා, හැම සෙබලෙක්ම නගරය අතෑරලා යනවා මිනිස්සු සී සීකඩ වැටිලා, සමහරුන්ට දැනටමත් ලෙඩේ වැඩි වෙලා, ඒත් මේකෙන් දෙන්නෙක් බේරෙනවා ඒදෙන්නා බේරෙන්න දරණ උත්සාහය ගැන බලන්න ඕනි නං මේක බලන්නම වෙනවා මම චිත්‍රපටිය ගැන පොඩි සරල අදහසක් දුන්නෙ හොදේ මුලු සිද්ධියම මෙතන නෑ හැමෝම මේක බලන්න ඕනෙ කරණ චිත්‍රපටියක් ඉතින් මම ඉල්ලන්නෙ හැමෝම මේක බලන්න බලල අඩුපාඩු එහෙමත් කියල යන්න ඔන්න අපි ගියා ආයෙත් පස්ට ෆිල්ම් එකක් එක්ක හම්භ වෙමු.





සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 450MB TORRENT එක මෙතනින් ගන්න
450MB Direct links මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


450MB TORRENT මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Triple Thunders සමඟ එරංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment