Wrong Turn [2003] Sinhala Subtitles


Wrong Turn [2003] Sinhala Subtitles
Add to Favorites
Wrong Turn [2003] Sinhala Subtitles (84 min 09 sec)
03-22-2013 at 10:41 AM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 72 - Views: 8218



Tags:


උපසිරැසි ගැන්වීම: ඉසුරු මධුසංඛ




  1. Most Popular Subtitles of this Contributor







ඔන්න යාළුවනේ ලෝකයේ බොහෝ චිත්‍රපටි රසිකයන්ගේ සිත් ත්‍රාසයෙන් හා භීතියෙන් පුරවාලන්නට සමත් වූ අපූරු චිත්‍රපටි මාලාවක පළවෙනි සළරුවෙහි උපසිරැසි සමග මම ආවා! Wrong Turn චිත්‍රපටි මාලාවේ පළවෙනි චිත්‍රපටිය වන මෙය 2003 වසරේදී තිරගත වීම ආරම්භ කළා! මෙම චිත්‍රපටියේ නිෂ්පාදන දායකත්වය ලෝකයේ ඉහළම ගණයේ ස්ටූඩියෝ තුනක් සපයලා තියෙනවා! ඒවා නම් Regency Enterprises, Summit Entertainment හා Constantin Film යන තුනයි! චිත්‍රපටිය රූගත කරලා තියෙන්නේ කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ පිහිටි හැමිල්ටන් වල!
ඇත්තටම මේ චිත්‍රපටියේ සාර්ථකත්වය නිසාම මෙහි නිෂ්පාදකයින් අද වනවිට මෙම කතා මාලාවේ තවත් කොටස් හතරක් චිත්‍රපටි ලෝලීන්ට තෑගිකර අවසන්! ලැබෙන ආරංචි අනුව හයවෙනි කොටසකුත් තියෙනවාලු! ගොඩක් අය නිසැකවම මේ චිත්‍රපටිය නරඹලා ඇති! සම්මාන තුනකට නාමය යෝජනා වූ මේ සළරුවෙහි අන්තර්ගතය සැකෙවින් බලමු!

ක්‍රිස් කියන්නේ වෛද්‍යවරයෙක්! ඔහු සාකච්ඡාවකට සහභාගී වීමට කඩිනමින් තම මෝටර් රථයේ ඉදිරියට ඇදෙනවා.නමුත් ඔහු ගමන් ගන්නා මාර්ගය ආපදා තත්වයක් නිසා අවහිර වෙලා. ඉතින් මොහුට ඉක්මනින් යෑමට අවශ්‍ය නිසා කැළෑවක් හරහා දිවෙන අතුරු මාර්ගයක ගමන් කරනවා. හදිසියේම මොහුගේ නොසැළකිල්ල හේතුවෙන් පාරේ නවතා තිබූ වාහනයක මොහුව ගැටෙනවා. කාටවත් තුවාලයක් සිද්ධවෙන්නේ නෑ. ඒත් දැන් වාහන දෙකම කැඩිලා. අනිත් වාහනයේ චාරිකාවක් යන ජෙසී, කාර්ලි, ස්කොට්, ෆ්‍රැන්සීන් හා එවන් යන අය සිටිනවා! මොවුන් උදව් පැතීමට ළගපාත ඇති ගෙයක් බලාපොරොත්තුවෙන් යනවා. එවන් හා ෆ්‍රැන්සීන් වාහන ළග නතරවෙනවා. ඉතින් මේ කැළෑවේ දරුණු, විකෘති, මිනීමස් කන වනචාරියෝ කට්ටියක් ඉන්නවා. මොවුන්ගේ ඊළග දඩයම වෙන්නේ කවුද? මොවුන් කෙසේ මේ මර උගුලෙන් ගැළවෙයිද? වනචාරියෝ පිරිසගේ ආහාරයක් බවට මොවුන් පත්වේවීද? මේ සියළු ප්‍රශ්නවලට පිළිතුරු හොයාගන්න මේ චිත්‍රපටිය නරඹන්න! නොනවතින ත්‍රාසය හා භීතිය රසවිදීමට ඉහළ තාක්ෂණයෙන් සාදා ඇති මෙම සළරුව දැන්ම නරඹන්න!

මෙම චිත්‍රපටිය ඇමෙරිකානු චිත්‍රපටි වර්ගීකරණයට අනුව Restricted (සීමාන්විතයි) යන කාණ්ඩයට ඇතුළත් වෙනවා! මෙයින් කියන්නේ "අවුරුදු 17ට අඩු අය දෙමාපියන් හෝ වැඩිහිටියෙක් සමඟ සිටිය යුතුයි" යන අදහසයි! ඉතින් එහෙනම් මේක නරඹන්න ඔයාලගේ වයස එච්චර ප්‍රශ්නයක් නැතිවෙයි! මොකද මේ චිත්‍රපටියේ අසභ්‍ය දර්ශනයකට තියෙන්නේ කිස් එකක් දෙන තත්පර තුනක විතර පොඩි දර්ශනයක්! හැබැයි ඔබ කපන, කොටන දර්ශන වලට සංවේදී අයෙක් නම් මෙය නැරඹීමෙන් වළකින්න! IMDB දර්ශකයේ 6.0ක ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගැනීමට සමත් වූ මේ අපූරු සිනමා නිර්මාණය
දැන්ම ඔබත් 99%ක හොද ගුණාත්මක භාවයෙන් යුතු සිංහල උපසිරැසිත් සමග නරඹන්න! මෙම කතා මාලාවේ දෙවන කොටසත් අනිවාර්යයෙන්ම සිංහල උපසිරැසිත් සමග දෙන බවට පොරොන්දු වෙනවා! ඉතින් මේ චිත්‍රපටියේ එන හොද සිහිගැන්වීමක් හා ගැඹුරු අර්ථයක් ඇති දෙබසකින් මම සමුගන්නම්! ඔබටත් මේ දෙබස තේරුම්ගන්න පුළුවන්ද බලන්නකෝ? දෙවනි කොටසින් මොකක්ද තේරුම කියලා කියන්නම්! තව එකක් ඔයාලගේ යෝජනා හා චෝදනා ඔක්කොම ඉදිරිපත් කරන්න!

ඔබගේම නෑයෙකු තුළ ඔබගේ බීජ පැළ කරන විට,ඔබ දෙවියන්ව තරහවට පත්කරනවා...




සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1080P 1.2GB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
720P 650MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
650MB Direct links මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 650MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉසුරු මධුසංඛ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment