The Usual Suspects [1995] Sinhala Subtitles


The Usual Suspects [1995] Sinhala Subtitles
Add to Favorites
The Usual Suspects [1995] Sinhala Subtitles (106 min 00 sec)
03-22-2013 at 09:08 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 80 - Views: 11215



Tags:


උපසිරැසි ගැන්වීම: ගයාන් බුද්ධික



  1. Most Popular Subtitles of this Contributor







මේ මගේ දෙවනි සබ් එක. රැකියාවේ වැඩ කටයුතුත් එක්ක දෙවනි එක දෙන්න පොඩ්ඩක් පරක්කු වුනා.දෙන එකත් සුපිරිම එකක් දෙන්න ඕනනේ.චිත්‍රපටිය"The Usual Suspects" 1995 වසරේ තිරගත වුනු සුපිරිම සුපිරි චිත්‍රපටියක් .IMDB අගය 8.7 ක්. පරණයි කියලනම් නොබල ඉන්න එපා කියල මුලින්ම ඉල්ලීමක් කරනවා. මොකද තිරගත වෙච්ච අවුරුද්දෙන් කියන්න බෑ චිත්‍රපටියක ගුණ අගුණ. Crime, Mystery, Thriller, වර්ගයේ චිත්‍රපටි වලට කැමති අය මේකට ගොඩක් කැමති වෙයි.මම IMDB එකේ කරක් ගහද්දි අහම්බෙන් හම්බ වුන චිත්‍රපටියක් මේක.කතාව හොඳයි වගේ නිසා බාගෙන බැලුවා. මුල ටික යද්දිම තේරුනා සුපිරි චිත්‍රපටියක් කියල.ඒකයි මේකට සබ් දාන්න තීරණය කලේ.

කතාව මෙහෙමයි, චිත්‍රපටිය පටන් ගනිද්දිම නැවකදි මිනිහෙක්ව වෙඩි තියල මරනව පෙන්වනවා.හැබැයි වෙඩි තියන කෙනාව පෙන්වන්නෙ නෑ. ඊට පස්සෙ පෙන්නන්නේ ආයුධ ලොරියක් හොරකම් කිරීම සම්බන්ධව 5 දෙනෙක්ව අත්තඩංගුවට ගන්න විදිය. ඒ සති 6කට කලින්. ඔතනින් තමයි කතාව පටන් ගන්නෙ.මේ පස් දෙනා හිරේදි සෙට් වෙනවා. 5 දෙනාම එලියට ආවට පස්සෙ තමයි හරි හරි දේවල් වෙන්නෙ.කේසර් සූසේ කියල කෙනෙක් චිත්‍රපටියට එන්නෙ ඔය අතරෙදි. හැබැයි ඔහු කවුද කියල කවුරුවත් දන්නෙ නෑ.ඔහු වෙනුවෙන් නීතීඥයෙක් තමයි පෙනී ඉන්නෙ. ඔහු මේ 5 දෙනාට භයානක වැඩක් භාර දෙනවා.ජීවිතයත් මරණයත් අතර සටනක්. මේ කේසර් සූසේ කියන්නෙ කවුද ? ඇයි ඔහු මේ 5 දෙනාවම තෝර ගත්තෙ ?මොකක්ද ඔහුට මේ 5 දෙනත් එක්ක තියෙන සම්බන්දෙ ? මේ භයානක වැඩේ ඔවුන් කරයිද ? බැරි වෙයිද ?අර නැවේදි කෙනෙක්ව මරන්නෙ කවුද ? මේ ඔක්කොම දේවල් චිත්‍රපටිය බලලම දැනගන්න.හැබැයි මේක නම් කියන්නම ඕන.ඔයාල හිතන්නෙ නැති දේවල්මයි මේකෙ වෙන්නෙ. දැන් හිතාගත්තු දේ තව ටිකක් වෙලා යද්දි වෙනස් වෙනවා.ඒ දේ තවත් ටිකක් යද්දි ආයෙ වෙනස් වෙලා. තව එකක් මේකෙ අසභ්‍ය දර්ශන කිසිවක් නැ.පවුලේ සැමට එකට නරඹන්න පුළුනත්.සබ් එක බාගන්න ගමන් කොමෙන්ටුවක් දාන්නත් අමතක කරන්න එපා.මේක ටිකක් පරණ එකක් නිසා ඔන්න ඩිවිඩි රිප් බුලුරේ කොපි දෙකටම හරි යන්න උපසිරැසි හැදුවා.ඒක නිසා කැමති කොපියක් අරගෙන බලන්න.එහෙනම් ලස්සන හින්දි චිත්‍රපටියකින් නැවත තුරු හැමෝටම ජය වේවා.

DVD හා BRRIP දෙවර්ගයටම උපසිරැසි නිකුත් කර ඇති බැවින් ඔබ ලග ඇති පිටපතට අදාල උපසිරැසි පමණක් ලබාගන්න.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 500MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
500MB BRRIP Direct links මෙතනින් ගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 500MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
700MB BRRIP DIRECT LINKSමෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගයාන් බුද්ධික විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment