Jodhaa Akbar [2008] Sinhala Subtitles


Jodhaa Akbar [2008] Sinhala Subtitles
Add to Favorites
Jodhaa Akbar [2008] Sinhala Subtitles (213 min 28 sec)
03-25-2013 at 11:31 AM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

Hindi Movies
Favorites: 86 - Views: 9211



Tags:


උපසිරැසි ගැන්වීම: තුසිත තියුශාන්




  1. Most Popular Subtitles of this Contributor







මේ චිත්‍රපටය දෙන්න හොදම කාලය මේ කාලය කියලා මට හිතුණා, ඉතිං යාළුවනේ 'අවැසි කලට වැසි නොමැතිව කිමද වැසි අකලට' කියලා ඔන්න 2008 වර්ෂයේ හින්දි සිනමාවේ විනිවිද සභාවයට තතු කිව හැකි විශිෂ්ට ගනයේ නිර්මාණයක් ඔබ වෙත රැගෙන ආවා.

මෙක දාන්න අරගෙන ගොඩක් කල් ලයින් ගණන එතරම් වැඩි නොවුනත් ඒ අතර තියන දෙබස් නම් ඉතා විශාල එවා ඒ නිසා තිබුණු ලයින් ගනන දෙගුණයකට සමානයි රජ කාලයේ කතාවක් නිසා මම ඒ භාෂාවෙන්ම දෙන්න උත්සහ කලා ගොඩක් එහෙම නොකලේ එවිට කතාව එපා වන නිසා. මෙ රිප් එක මම අරගෙන දිගටම උපසිරස දාගෙන යද්දි තමා දැක්කෙ පහලට යන්න යන්න දෙබස් අතරට හරියටම උපසිරස නොවැටෙන බව, ඒ නිසා මා
නැවත් ඒය සකස් කරා එකට තමා ටිකක් කල් ගියේ, කොහොම හරි වැඩේ ඉවර කලා මම මෙ නිර්මාණය මුලින්ම නැරඹුවේ 2009 වසරේ අඟ භාගයෙදි, අහම්බෙන් හම්ම්බ වුනේ නොබලා ඉන්න ගිහින් බලපු එකක් මොකද මර හොදට මතකයි පහුවදා මට විභාගයක් තිබුණා. කොහොම හරි මගෙ ජිවිතයේ මම බලපු සුපිරිම චිත්‍රපටයක් තමා මෙක, එක මට විතරක් නෙවෙයි ඔයාලටත් එහෙම වෙයි. මොකද දැනටත් මෙක IMDb දර්ශකයේ පවා 7.4 වැනි ඉහලම අගයක තියන චිත්‍රපටයක්. කොමියක් නම් නෙවෙයි මුළු හින්දි සිනමාවම කොමියක් වෙගෙන එන කාලෙක මෙවන් නිර්මාණ බිහි විය යුතුයි ඒ හිඩස වහන්න.ඉන්දියාව කියන්නෙ හරි පුදුම රටක් කොටින්ම කිවුවොත් අපිත් එහෙ අත්තක්,විශ්වය තුල ජිවය නැමති බිජය පැල උනායින් පසුව ලොකයේ සීඝ්‍රයෙන්ම වර්දනය වන සත්වයා මිනිසා කිවුවොත් එකෙ වරදකුත් නෑ, මොකද මිනිස් මොලයත් සමඟ මේ මිනිසා විසින් නතු කරගන්නා වපසරිය ඉමහත්ය. මිනිසා දියුනුවන විට ඔවුන්ගේ සඳාචාර සම්පන්න ස්භාවය දියුණු විය යුතුය. මෙයට මහගු සෙවයක් ඉටුකරන්නේ
ආගමක් හො දර්ශණයකි. මෙයින් මිනිසාව යම් විශ්වාසයක් තුල ඇද බැද තබාගෙන ඔහු විනයානුකුල පුද්ගලයකු කරන්නෙය. මෙ බොහො ආගම් නිර්මාණය වන්නෙ විවිධ ජන කණ්ඩායම්ගේ බහුතර රොක් විම මතයි මෙය මෙසෙ වැඩියෙන්ම සිදුවුයේ භාරතය නොහොත් ඉන්දියානු භුමිය තුලයි. ඔබ
දැනටමත් දන්නවා නොඅනුමානයි ඉන්දියාව තුල ආගම් බොහො සංඛ්‍යාවක් ඇති බව. ඒ අතර ලොව විශිෂ්ටම දර්ශණයත් ඇත.මෙම දර්ශණය තුල වරක මෙසෙ සදහන් වේ "අර පෙනෙන ඒ දණ්ඩ ඇත්තෙ අපට එතෙර විමට පමනයි, එයින් අප එතරවු පසු එය කර තබාගෙන යා යුතු නැත"

අද සිදුවන්නෙ කුමක්ද අධිරාජ්‍ය වාදි අකල්ප හමුවේ ආගම් වාදය නැමති මිත්‍යා මනොබාවය සැම මිනිසෙකුගෙම ඔළුවට ඇතුළු වී ඇත එනිසා එය බෙරාගැනිම්ට යැයි පවසමින් විවිධ ගැටළු ඇතිකර ගනීයි. මෙය බහුලව ඇත්තෙ ඉන්දියාව තුලයි තිබුනෙද ඉඳියාව තුලයි. මෙයට හොදම උදාහරණය මේ චිත්‍රපටයයි. ඉන්දියාව අද මෙන්ම එදාද බොහො ජනගහනයක් විසුවා. එයින් වඩිම පිරිසක් ඇදහු විශ්වාස කල ආගම උතුම්ම ආගම විය,රජුන්ගේ දර්මය රජුන්ගේ ආගම රට වැසියාගෙද ආගම විය. අද මෙන්ම ඒදාද මෙවාට කොලහාල ඇතිවිය සමහර යුද්ධ ඇතිවිමටද ප්‍රධාන හෙතුව ආගම් වාදයයි

එක් කොටසගේ සතුට වෙනුවෙන් අනෙක් සියල්ලගෙම සතුට නැතිකලා මෙහෙම කියන්නෙ මම නෙවෙයි අක්බර් රජතුමයි ඉන්දිය ඉතිහාසයේ ආගම් සංහිදියාව අවසන් කල ඒ පිපාසයට දිය දුන් මෙ රජානොගේ ආදර කතාවද ඉතා මිහිරිය මේ පිරිපුන් රාජ උත්තමයානන්ගේ කතාව කිමට මට අවසරයි යහළුවනේ "බිරියගේ ගී හඩ ඇසෙන්නෙ තනිවයි..සීතරය වැයෙන්නෙ ඔබේ හදවත තුලයි" මා මෙතෙක් කතා නොකරපු දෙය එනම් ආදරය හා සෙනෙහසයි, රෞදු කුරිරු හැගිමකකින් සිත් පිත් කිපි යහන් ගතවන ස්වාමියාව සඳ දියෙන් නවා ඒ ගින්න මකා දැමිය හැක්කෙ ඒ බිරිදට පමණයි. ලොව විශිෂ්ට ගනයේ නිලියකු විසින් ජොදාගේ චරිතයට සාධාරණත්වයක් නිසි අයුරින් ඉටුකර දි ඇත එය ඔබ මෙය නරඹන විට දැක ගත හැකිවනු ඇත. ඒ වගෙම ඉන්දියාවේ හොදම බැල්මක් ඇති නළුවා මෙහි අක්බර් රජුගේ බැල්මට පණ පොවන්නෙය

ගැහැණියකුගේ මනොහර රමණිය ස්භාවය මෙයින් අපුරුවට විදහා දක්වනවා, සැම පිරිමියෙක් තුලම විශිෂට පුද්ගලයකු ජිවත්වේ ඔහුව හදුනාගෙන, එලියට ඇදලිමෙ මහගු කර්තවිය කල හැකි එකම පුද්ගලයා ගැහැණියයි. මවක් තම දරුවා තුලින් ආනාගතය දකින්නා සේ ගැහැණියක් තම ස්වාමියාගේ දැසින් මුළු ලොකයටම තතු කියන්නෙය.මේ බැදිම මේ විශ්වාසය නැතිවි යන්නේ කොතනදිද? ඒය සිදු වන්නෙ මෙ දෙදෙනාගේ කුළුපගු කම ඉවසා සිටිය නොහැකි අමනයෙකු මෙයට මැදිහත් විම මතයි.ජොදා අක්බාර් යුවල රාජකියන් වුවා කියා මෙය ඔවුනට අත නොපා සිටියේ නැත.
කෙසෙ උවත් අවසානයේ ඔහු සත්‍ය වටහා ගන්නවා නොතුබුණු අමුතු විශ්වාසයක් මෙ දෙදෙනා තුල ගොඩ නැගෙනවා. මේ දෙදෙනා අතරට පැමිණෙන දුෂ්ටයා කවුරුන්ද? එය නම් සුපුරුදු හින්දි සිනමාවට පිට එකකි. එසෙ උයේ මෙය ඉතිහාස කතාවක් නිසා විය යුතුය.ඔබ දැන් නරඹන්නෙ ඒ ඉතිහාස කතාවයි එය ජන කතාවක් නම් නොවේයි හැම වෙලෙම සාකච්ජා කරපු එකකුත් නෙවෙයි ඒ වගෙම ඒ ආදර කතාව වැදගත් වු එකකුත් නෙවෙයි
නමුත්
ජොදා සහ අක්බර් එකතුව,....නිහඬව.... මේ ඉතිහාසය ගොඩ නැඟුවා! මේ කතාව ගැන මම ඔබලාට අමුතුවෙන් හදුන්වා දෙන්නෙ නැත මා එය මෙහි චිත්‍රපට කතකයාට බාර දෙන්නෙය. සියල්ලටොම ජය වෙවා! නැවත් විශිෂ්ට නිර්මාණයක් සමඟ නැවත හමු වෙමු.




සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 980MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 980MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ තුසිත තියුශාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment