Wrong Turn 2 [2007] Sinhala Subtitles


Wrong Turn 2 [2007] Sinhala Subtitles
Add to Favorites
Wrong Turn 2 [2007] Sinhala Subtitles (1 min 48 sec)
03-27-2013 at 06:33 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 103 - Views: 6805



Tags:


උපසිරැසි ගැන්වීම: ඉසුරු මධුසංඛ




  1. Most Popular Subtitles of this Contributor







ඔන්න කිව්වා වගේම Wrong Turn චිත්‍රපටි මාලාවේ දෙවනි චිත්‍රපටියේ සිංහල උපසිරැසි අරගෙන මම ආයෙත් ආවා! කළින් චිත්‍රපටිය උපසිරැසිත් සමග කට්ටියම නරඹන්න ඇති කියලා විශ්වාස කරනවා. ඉස්සෙල්ලා චිත්‍රපටිය අවසානයේ මම පොඩි ප්‍රශ්නයක් ඉදිරිපත් කෙරුවා, ඔයාලට මතක ඇති නේද? ඒකේ පිළිතුර තමා, තමන්ගේම ලේ ඥාතියෙක් සමග ලිංගිකව එකතු වීමෙන් උපදින දරුවන් විරූපි, මන්ද බුද්ධික, අසාමාන්‍ය ළමයින් වීමේ සම්භාවීතාවය ඉතා වැඩියි! මේ චිත්‍රපටියේ එන වනචාරීනුත් එලෙස බිහි වූ අය! ඉතින් ඔයාලත් තමන්ගේම ලේ ඥාතියෙක් සමග විවාහ වෙන්න හිතාගෙන ඉන්නවා නම් පොඩ්ඩක් පරිස්සමෙන්! ඉතින් ඉස්සෙල්ලා චිත්‍රපටිය වගේම මේ චිත්‍රපටියත් හරිම බිහිසුණුයි! IMDB දර්ශකයේ 5.5ක ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගැනීමට මෙම දෙවනි චිත්‍රපටිය සමත්වෙලා තියෙනවා. හැබැයි මම නම් මේ චිත්‍රපටියට 10/10ක්ම ලකුණු දුන්නා. මෙහි එන අතිශය බිහිසුණු කපා කොටාගැනීම් නිසාද කොහෙද 18,062 පිරිසකගෙන් මෙයට ලැබී ඇති ප්‍රතිචාර ප්‍රතිශතය 5.5ක්! හැබැයි තාක්ෂණය හා කතාවේ පදනම නම් ඉතාම විශිෂ්ඨයි! ඒ නිසාමද කොහෙද Gerardmer චිත්‍රපටි සම්මාන උළලේදී මේ චිත්‍රපටියට සම්මානයක් දිනාගන්න හැකිවුනා. 2007 ඔක්තොම්බර් මස 7 වෙනිදා ඇමෙරිකාවේ මේ චිත්‍රපටිය තිරගත වීම ආරම්භ කළා. එහෙනම් අපි මේ චිත්‍රපටියේ පදනම පොඩ්ඩක් කතා කරමු!

තරුණියක් පාළු මාවතක වේගයෙන් කාර් එකක් පදවාගෙන යනවා. ඇය reality තරගයක් වෙනුවෙන් සහභාගී වීමට තමා මේ කඩිමුඩියේ ගමන් කරන්නේ! පාර හරිහැටි සොයාගැනීමට නොහැකිව යන විට, පළවෙනි චිත්‍රපටියේ සිටින වනචාරියෙක් මැයගේ මෝටර් රථයේ හැප්පෙනවා! ඉතින් ඇය වාහනය නවත්වා ගොස්, අර වනචාරියා හොදින් ඉන්නවාද කියලා බලනවා. ඊට පස්සේ ඉතින් සුපුරුදු පරිදි වනචාරියා ඇයගේ කට කනවා. මේක නම් බලන්නම වටින හරියක්! ඊට පස්සේ ඇයට මොනවා කරයිද කියලා චිත්‍රපටිය බලලාම හොයාගන්නකෝ! තව පොඩ්ඩක් කතාව විස්තර කරන්නම්කෝ! තරගකරුවන් හය දෙනෙක්ව කැළයට ගිහින් දානවා. මොවුන්ගේ අභියෝගය තමා දවස් පහක් ගැළවී සිටීම... හැබැයි මේ තරගකරුවන් හෝ වෙන කිසිම කෙනෙක් මේ කැළේ ඉන්න වනචාරියෝ ගැන දන්නේ නම් නෑ! ඉතින් මෙලෙස තරග වදින මොවුන්ට අන්තිමේදී ගැළවෙන්න සිද්ධ වෙන්නේ මිනීමරු වනචාරියන්ගෙන්! මේ චිත්‍රපටියේ වනචාරියෝ පවුලක්ම ඉන්නවා. ඉතින් තවත් කතාව විස්තර කරලා වැඩක් නෑ! අරගෙනම බලන්නකෝ! තරගකරුවන් මේ මර උගුලෙන් ගැළවෙයිද? මේ මිනීමරු වනචාරීන්ගේ පසුබිම දැනගන්න ඔබත් කැමතිද? නොනවතින ත්‍රාසය හා භීතිය කැටිකරගත් Wrong Turn චිත්‍රපටි මාලාවේ දෙවනි චිත්‍රපටියත් දැන්ම ඔබත් සිංහල උපසිරැසි සමග නරඹා මෙවැනි ප්‍රශ්නවලට පිළිතුරු සොයාගන්න...

පළවෙනි චිත්‍රපටිය කාටත් වයස් භේදයකින් තොරව බලන්න පුළුවන් වුනාට මේ චිත්‍රපටියේ එන අසභ්‍ය දර්ශනයක් හේතු කොටගෙන මෙය අවුරුදු 21ට වඩා වැඩි පිරිසට නිර්දේශ කරනවා. හැබැයි ඉතින් පළවෙනි චිත්‍රපටියටත් වඩා මේ චිත්‍රපටිය ලෝකයේ ප්‍රසිද්ධ වුනා. මගේ අදහසට අනුව නම් Wrong Turn චිත්‍රපටි මාලාවේ මෙතෙක් නිර්මාණය වූ චිත්‍රපටි අතුරින් මේ චිත්‍රපටිය අනිත් සියල්ලටම වඩා හොදයි! ඔයාලත් මේ චිත්‍රපටිය නරඹලා, එහෙම හිතෙනවාද කියන්නකෝ! 99%ක ගුණත්වයකින් යුතු සිංහල උපසිරැසි සමග ඔබත් දැන්ම මේ චිත්‍රපටිය නරඔන්න! මේ චිත්‍රපටි මාලාවට සිංහල උපසිරැසි ලබාදීමට අදහස ගෙන ආ HEDZට ස්තූතිවන්ත වෙනවා! ඊළග කොටසත් හැකි ඉක්මනින් ඔබට තිළිණ කිරීමට සූම් කණ්ඩායම සූදානම් වී සිටිනවා! එහෙනම් කට්ටියටම සුභම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් මම නිහඩ වෙනවා


[email protected]



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1080P 1.4GB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
720P 700MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
700MB Direct links මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.4GB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
720P 700MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉසුරු මධුසංඛ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment