Wrong Turn 3: Left For Dead [2009] Sinhala Subtitles


Wrong Turn 3: Left For Dead [2009] Sinhala Subtitles
Add to Favorites
Wrong Turn 3: Left For Dead [2009] Sinhala Subtitles (92 min 42 sec)
03-28-2013 at 09:17 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 78 - Views: 5761



Tags:


උපසිරැසි ගැන්වීම: ඩිලාන් මේනක




  1. Most Popular Subtitles of this Contributor







ඔන්න යාළුවනේ මම ඔයාලට Wrong Turn චිත්‍රපටි මාලාවේ තුන්වෙනි කොටස අරගෙන ආවා! ඉස්සෙල්ලා චිත්‍රපටි දෙකම ඔයාලා නරඹන්න ඇති කියලා මම විශ්වාස කරනවා. Wrong Turn චිත්‍රපටි මාලාවේ හොදම චිත්‍රපටි දෙක ලෙස, දෙවැනි සහ තුන්වෙනි චිත්‍රපටි බොහෝ දෙනෙක් අනුමත කරනවා. ඉතින් ඒ හින්දා මම අද ඔයාලට තුන්වෙනි කොටසේ උපසිරැසි ලබාදෙන්න ඉදිරිපත් වුනා. මේ දවස්වල Breaking Bad රූපවාහීනි කතාමාලාව උපසිරැසි සමග ඔයාලට ඉදිරිපත් කරන නිසා චිත්‍රපටිවලට යොමුවෙන්න තියෙන කාලය බොහෝම අඩුයි! ඒත් හැකි සෑම වෙලාවකම ලස්සන චිත්‍රපටි හොයලා උපසිරැසි ලබාදෙන්න මම දෙපාරක් හිතන්නේ නෑ. එහෙනම් ත්‍රාසය හා බිය කැටිකරගත් මේ අපූරු චිත්‍රපටිය ගැන පොඩ්ඩක් විස්තර කරන්නම්...

මේ චිත්‍රපටියෙන් කියැවෙන්නේ සිරකරුවන් පිරිසක් හා බන්ධනාගාර නිළධාරීන් පිරිසක් පිළිබදව! මෙම පිරිස ඉස්සෙල්ලා චිත්‍රපටිවල දකින වනචාරීන්ට නැත්තම් මිනීමස් කන්නන්ට මැදිවෙනවා. ඒ අතරේ සිරකරුවන් අතරද ගැටුම් හටගන්නවා. ඒ අතර මොවුන්ව නැවතත් පොලිසියට කොටුකර දෙන්න බන්ධනාගාර නිළධාරියෙක් උත්සාහ කරනවා! මෙවැනි අපූරු සිද්ධි රැසකින් මේ අපූරු චිත්‍රපටිය සමන්විතයි! මොවුන් අතරින් කවුරුන්හට මෙම මිනීමස් කන්නන්ගෙන් බේරෙන්න හැකිවෙයිද? කවුරු කොහොම මියයයිද? ත්‍රාසජනක සහ සැබෑ ලෙසම වනචාරීන් මිනීමරන දර්ශන ඇතුළත් මේ අපූරු චිත්‍රපටිය ඔබත් දැන්ම නරඹන්න! මෙවැනි චිත්‍රපටියක් ලංකාවේ නිෂ්පාදනය කෙරුවොත් නම් අනිවාර්යයෙන්ම ඇත්තටම කාටහරි මැරෙන්න සිද්ධවෙනවා. එහෙනම් ත්‍රාසය, භීතිය හා සංත්‍රාසය කැටිකරගත් මේ අපූරු චිත්‍රපටිය ඔබත් නරඹන්න!

නිරුවත් දර්ශන හා අතිශය බිහිසුණු දර්ශන හේතුවෙන් මෙම චිත්‍රපටිය වඩාත් වැඩිහිටියන්ට සුදුසුයි! ඒ හැරුනාම ඔබ සංවේදී පුද්ගලයෙක් නම් මේ චිත්‍රපටිය කොහෙත්ම ඔබට උචිත නෑ! ඒත් හැබැයි මේක නියම චිත්‍රපටියක් බව මගේ මතයයි. සම්මාන දෙකකට නාමය යෝජනා වූ මේ අපූරු චිත්‍රපටිය 100%ක ගුණත්වයකින් යුතු සිංහල උපසිරැසි සමග දැන්ම ඔබත් නරඹන්න. මේ චිත්‍රපටිමාලාවේ හතරවෙනි කොටසටත් හැකි ඉක්මනින්ම උපසිරැසි ලබාදීමට සූම් අපි ලෑස්තිවෙලා ඉන්නවා! පස්වෙනි කොටස නම් දැනටමත් සිංහල උපසිරැසි සමග ලබාගන්න පුළුවන්. මහේෂී අක්කා ඒක ඔයාලට ආපු කාලේම දුන්නා මතක ඇති නේද? උපසිරැසි බාගෙන හෝ චිත්‍රපටිය නරඹලා ඉවරවෙලා ඔබගේ පොඩි අදහසක් එකතු කළොත් මම බොහෝමත් සතුටු වෙනවා. මොකද අපි මේ වැඩේ කරන්නේ, කිසිම ලාභ අපේක්ෂාවකින් නොවෙයි. ඒ හින්දා ඔයාලගේ යෝජනා, චෝදනා ඉදිරිපත් කර යන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. එහෙනම් තවත් අපූරු චිත්‍රපටියකින් හමුවෙන්නම්! එතකම් මං පටන්ගත්තු අපූරු රූපවාහීනි කතාමාලාව වන Breaking Bad නරඹන්න! කට්ටියටම සුභම සුභ දවසක් වේවා!





සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1080P 1.3GB BRRIP TORRENT එක මෙතනින් ගන්න
720P 700MB BRRIP TORRENT එක මෙතනින් ගන්න
700MB Direct links මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.3GB BRRIP TORRENT එක මෙතනින් ගන්න
720P 700MB BRRIP TORRENT එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඩිලාන් මේනක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment