Murder 3 [2013] Sinhala Subtitles


Murder 3 [2013] Sinhala Subtitles
Add to Favorites
Murder 3 [2013] Sinhala Subtitles (124 min 09 sec)
04-06-2013 at 01:32 PM
Uploaded by HEDZ

Rating: 5 after 7 votes

Hindi Movies
Favorites: 128 - Views: 28285



Tags:


උපසිරැසි ගැන්වීම: මහේෂි කපුගමගේ




  1. Most Popular Subtitles of this Contributor








ඔයාලා කාලයක් ඉදන් බලන් උන්නු වගේම ඉතාමත් ජනප්‍රිය හින්දි චිත්‍රපටි මාලාවක තෙවැනි චිත්‍රපටියයි අද අරගෙන ආවේ.මෙහි දෙවැනි චිත්‍රපටිය එනම් Murder 2 චිත්‍රපටිය සිංහල උපසිරැසි එක්කම දුන්නා මතක ඇති.මගේ උපසිරැසි ගමනේ පලමු හින්දි චිත්‍රපටිය උනේද Murder 2 චිත්‍රපටියයි. ඒ වගේම ZOOM.LK සයිට් එකේ පලවුන පලවෙනි හින්දි උපසිරැසි ගැන්විමත් Murder 2 චිත්‍රපටියම තමයි.මාව ගොඩක් දෙනෙක් උපසිරැසි ගැන්විම තුලින් දැනගත්තෙත් ඒ චිත්‍රපටිය තුලින් කිව්වොත් නිවැරිදියි. සමාන්‍යයෙන් ලංකාවේ හොද සිනමාශාලා වල හින්දි චිත්‍රපටියක් තිරගත වෙනවා නම් අනිවාර්යෙන් ඒ චිත්‍රපටිය හොද එකක් කියලා කියන්න පුලුවන්. මේ චිත්‍රපටිය ආව දවස් වලම වගේ මමත් ගිහින් නැරඹුවා.ඒ නැරඹුලා ඉවර උන ගමන්ම හිතාගත්තා මේ චිත්‍රපටිය නම් උපසිරැසි ගන්වන්නේ මම කියලා.
ඔයාලා මර්ඩර් 2වැනි චිත්‍රපටිය නැරඹුවා නම් දකින්න ඇති ඉතාමත් හොද රසවිදිය හැකි කතාවක් තියන බව ඒ වගේම ලස්සන ගිත තිබුන බවත්.ඒ වගේම මෙම චිත්‍රපටියෙත් කුතුහලය දනවන කතාවක් මෙන්නම ලස්සන ගිත කිහිපයක්ද ඇතුලත්.අවසනාවට සිංදු වල නම් උපසිරැසි පිටපතක් ලැබුනේ නැහැ. ඉතින් මේ චිත්‍රපටියේ නම් සිංදු වලට උපසිරැසි ගන්වන්න නොහැකි උනා.


චිත්‍රපටියේ කතාව ගැන කියනවා නම් වික්‍රම් කියන්නේ ජයාරුප ශිල්පියෙක්.එයාගේ පෙම්වතිය තමයි රෝෂනි.වික්‍රම්ට හදිසියේම එයාගේ රස්සාවෙන් ඉන්දියාවට නැවත පැමිණෙන්න කියලා ඉල්ලිමක් ලැබෙනවා.මේ වෙද්දි විදේශ රටක හොද රැකියාවක් කරමින් තමයි රෝෂනි ඉන්නේ.නමුත් තමන්ගේ පෙම්වතාව නැවත ඉන්දියවට තනියම යවන්න හිතදෙන්නේ නැති නිසා.ආදරය වෙනුවෙන් කැපකිරිමක් කරලා රෝෂනිද වික්‍රම් සමගින් ඉන්දියාවට එනවා.මෙහෙම කාලයක් ගතවෙනවා. දිනක් වික්‍රම් ගෙදරට එද්දි රෝෂනි තරහා වෙලා ගිහිල්ලා.ඒකට හේතුව කියලා ඇය කියලා තියෙන්නේ දෙන්නා අතර ඇතිවුන පොඩි පොඩි ප්‍රශ්න කියලා.
නමුත් මේ තරම් තමන්ට ආදරය කරපු කෙනා එක පාරටම ගිය එක ගැන වික්‍රම් පුදුම වෙනවා.ඔහු මේ ගැන පොලිසියේ පැමිණිල්ලක් පවා දානවා.ඇය එකපාරටම අතුරුදහන් උනා කියලා.මොකද රෝෂනි ගැන කිසිම තොරතුරක් ඇය ගියාට පස්සේ දැනගන්න නොලැබෙන නිසා.මේ අතර මේ දුකෙන් වික්‍රම් රෑ තිස්සේ සමාජ ශාලා වලට ගිහින් මත්පැත් පානය කරන්න ගන්නවා.එහෙම ගිය දවසක ඔහුට හොදටම මත්පැන් පානය කරලා වැඩි නිසා පොඩි කරදරයකට මුණ පානවා.ඒ වෙලාවේ වික්‍රම්ට උදව් කරන්නේ ඒ සමාජ ශාලාවෙම වැඩ කරන නිශා කියන ගැණු ළමයා.කොහොමින් හෝ කාලයකින් නිශා හා වික්‍රම්ද ආදරය කරන්න පටන් ගන්නවා.
රොෂනි එක පාරටම තමන්ව දාලා ගිය එකේ කෙන්තියත් නිසා වික්‍රම් නිශා කෙරෙහි ආකර්ෂනය වෙන්න ගන්නවා.ටික දවසකින් වික්‍රම් හා නිශාගේ ආදරයට කෙමෙන් කෙමෙන් වැඩි වෙනවා.නිශා වික්‍රම් ගේ ගෙදරට ඇවිල්ලා නවතින්න තිරණය කරනවා.නමුත් මේ නිවස නිශාට නම් හොද තැනක් වෙන්නේ නෑ.ඇයට එක එක ශබ්ද ඇහෙන්න ගන්නවා...ඇයට නොපෙනන බලවේගයක් වගේ දෙයක් කරදර කරන්න ගන්නවා.ඇත්තටම ඒ සිදුවෙන සිදුවිම කුමක්ද? රෝෂනි මිය ගිහින්ද? ඇයගේ ආත්මයද මේ විදියට හොල්මන් කරන්නේ? තමන් නැති නිසා වික්‍රම්ව අයිති කරගත්ත නිසාද නිශාට පමණක් කරදර වෙන්නේ? මේ හැමදේටම උත්තරේ ඔයාලට මේ චිත්‍රපටියෙන් දැනගන්න පුලුවන්. චිත්‍රපටියේ මුල් පැය ඇතුල තුලම ඔයාලට ගොඩක් විස්තර දැනගන්න පුලුවන් වේවි.කතාවේ හොදම ටික කිව්වේ නැහැ ඒක ඔයාලා අරන්ම රසවිදින්න....

මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රගපාන්නේ Jannat 2,Cocktail,Jism 2 ,Heroine වැනි ජනප්‍රිය චිත්‍රපටි රැසක රගපාපු Randeep Hoodaවිසින්.ඒවගේම රෝෂිනි ගේ චරිතයට පණ පොවන්නේ London Paris New York චිත්‍රපටියේ රගපාපු නවක නිලි Aditi Rao Hydariවිසින් ඒ වගේම නිශාට රගපාන්නේ නවක නිලියක් වන Sara Lorenවිසින්. එහෙනම් චිත්‍රපටිය රසවිදලා හිතන අදහසක් දක්වලා යන්න.ලගදිම තව චිත්‍රපටියකින් හමුවෙමු.අදහස් උදහස් යොජනා චෝදනා හැමදෙයක්ම මට දන්වලා එවන්න. [email protected] වෙතට. ගිහින් එන්නම් එහෙනම්.




සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1.4GB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
720P 850MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
700MB DVD RIP Direct link මෙතනින් අරගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 850MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ මහේෂි කපුගමගේ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment