Bachna Ae Haseeno [2008] Sinhala Subtitles


Bachna Ae Haseeno [2008] Sinhala Subtitles
Add to Favorites
Bachna Ae Haseeno [2008] Sinhala Subtitles (158 min 17 sec)
04-12-2013 at 08:45 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Hindi Movies
Favorites: 183 - Views: 28639



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත




  1. Most Popular Subtitles of this Contributor







කෙල්ලෙක් එක්ක යාළුවෙන්න අපි කවුද අකමැති නේ..ඔය ක්ලාස් යන කැම්පස් යන වගේ අය සයිට් එකෙත් ඇති නේ.ඒ අයට නම් මේ වගේ කතා අමුතුවෙන් කියන්න උවමනා නැති වේවි.සමාන්‍යයෙන් ගොඩක් කොල්ලෝ කැමතියි එයාගේ යාළුවන්ට පෙන්න කෙල්ලෙක් එක්ක යාළුවෙන්න. යාළුවෙලා ගැණු ළමයාගේ අත අල්ලගෙන විතරක් හිටියත් යාළුවන්ට ඇවිත් කියන්නේ හරියට නිකම් හැමදේම කරපු කෙනා වගේ.ඔලේවල් එලේවල් ක්ලාස් ගිය කාලේ කට්ටියට මතක ඇතිනේ ඒ වගේ යාළුවෝ හිටියා.කොහොම හරි කවුරු උනත් පෙනුමට හරි කැමතියිනේ ඒ කාලේ ගැණු ළමයි දෙතුන් දෙනෙක් යාළුකරගන්න.කොහොමද ඒ වගේ කොල්ලෙක්ට තියන තැන.මම මේ කතා කරන්නේ අවුරුදු 16 - 20 අතර කාලේ ගැන.දැනට ඒ වයසේ යාළුවොත් සුම් එකට එනවා නම් ඉතින් හිනාවක් එහෙම යන්න ඇති නේ.පුදුමේ කියන්නේ ගැණු ළමයි උනත් කැමති ඔය වගේ කොල්ලන්ට තමයි.අපි වගේ අහිංසක කොල්ලෙක් අවංක ආදරයක් කියාගෙන ගියොත් ඒකට ගැණු ළමයි කැමති වෙන්නේ නෑ නේ.හැබැයි අර ගැණු ළමයි දෙතුන් දෙනෙක් යාළුවෙලා ඉදලා අතහැරලා කියලා දැන දැන ඉන්න කොල්ලෝ පස්සේ නම් ඇති තරම් ගැණු ළමයි යනවා හැබැයි අන්තිමට වැරදිලා පිරිමි හැමෝටම බනිනවා.එහෙම කොරන එක නම් හරි වැරදියි නේ.කොහොම හරි මේ වටේන් කියාගෙන ආවේ චිත්‍රපටිය ගැන පොඩි අදහසක් දෙන්නයි.

ඇත්තටම මේ ෆිල්ම් එක ගැන අදහසක් දෙන්න උවමනාත් නැතුව ඇති කතාව ගැන දැනටමත් අහලා ඇති.කමක් නෑ මතක් වෙන්න එක්ක කියන්නම්.රාජ් කියන්නේ සෙල්ලක්කාර කොල්ලෙක්.මෙයාගේ ජිවිතේට ගැණු ළමයි තුන්දෙනෙක්ම එනවා..ඒ තුන්දෙනා තමයි මාහී රාධිකා හා ගයත්‍රි.රාජ්ට ගැණු ළමයි එක්ක යාළුවෙන්න ඕන විනෝදයට යාළුවන්ට පෙන්න සෝබනේට විතරයි.නැතුව ආදරයට නෙමෙයි.මුලින්ම රාජ්ට හමුවෙන්නේ මාහිව..දෙවැනි යට රාධිකාව.එයාව තමයි රාජ් දරුණුම විදියට රවට්ටන්නේ.එත් අවසානයේ රාජ් ගේ හිත යන්නේ ගයාත්‍රිට.අර කරපුවා පලදෙනවා කියන්නේ රාජ් අවංකව ආදරය කරන ගයත්‍රි රාජ්ව අතහරිනවා.මේ සිදුවිම නිසා තමයි රාජ්ට එයා කරපු වැරදි ගැන තේරෙන්නේ.එයාට තමන් ගැනම ලොකු කලකිරිමක් දැනෙනවා.අවසානයේ රාජ් තිරණය කරනවා කලින් එයා රවටපු මාහි හා රාධිකාගෙන් සමාවගන්න..නමුත් එක ලේසි වෙන එකක් නම් නැහැ..කොහොම හරි ඔයාලා බලන්නම වටින ලස්සන කතාවක් මේක අනිවාර්යෙන් අරන් බලන්න....


මේ කතාව මට බලන්න කියලා ගොඩක් කල්.එත් මේකේ ඉන්න නළුවාව මට ඇල්ලුවේ නැති නිසා බලන්න හිතුනේම නෑ.පස්සේ දවසක් නිකමට ෆිල්ම් එකක් බලන්න තිබ්බේ නැති දවසක මේක දාලා බැලුවාම තමයි කතාව මට හොදටම හිතට ඇල්ලුවේ.ඒ වෙලාවෙම සබ් එක කරන්න හිතාගත්තා.මේක ටිකක් පරණ උනත් තාම ලංකාවේ කිසිම රුපවාහිනි නාලිකාවකවත් හෝ අන්තර්ජාලේ සිංහල සබ් එකක් වත් නැහැ.ඒක ලොකු අඩුවක් නිසා මම සබ් දෙන්න හිතාගත්තා.තව අභියෝගයක් තිබ්බා මේ ෆිල්ම් එක දාද්දි මේකේ සිංදු සේරම වගේ ජනප්‍රිය උන එවා.එවාගේ එවාට උපසිරැසි දාද්දි බොහොම සිරුවේ තමයි මම දැම්මේ.මොකද මේ සිංදුවලට ඔයාලත් අදහසක් හිතන් ඉන්න ඇතිනේ.ඒක නිසා එකත් හැගෙන රොමැන්ටික් ගතියකුත් ඇගට දැනෙන්න දාන්න මම වගබලා ගත්තා.ගොඩක් අය මම ගිත දානාවා හොදයි කියලා කියලා තිබ්බා.ඒ ගැන ස්තුතියි.සබ් එකේ තියන එකම එහෙමම නොදා ඇගට දැනෙන විදියකට වචන හසුරවන්නයි මම උත්සහා කලේ.ඒක හරි යනවා කියන්නේ එලේවල් වලට සිංහල කරපු එක හොදට ගියා කියන එක තමයි.එහෙනම් මේක අරගෙන බලන්න.මම එහෙනම් යනවෝ!!

සැ:යූ - අප විසින් නිකුත් කරන ලද DVD RIP පිටපත සදහා උපසිරැසි මනාව ගැලපෙන අතර අප නිකුත කරන ලද BRRIP උපසිරැසි සදහා අන්තර්ජාලයේ ඉංග්‍රිසි උපසිරැසියක් නොමැති බැවින් එය අප විසින් සකස් කරන ලද්දකි.අප උපසිරැසි පිටුවේ උපසිරැසි වර්ග දෙකක් නිකුත් කර ඇති අතර ඔබ ලබාගත් පිටපතට එක් උපසිරැසි වර්ගයක් ගැලපෙන්නේ නැත්නම් අනික් උපසිරැසි වර්ගය උත්සහා කර බලන්න.උපසිරැසි ගැලපුනේ නැතිනම් අපිට දන්වා එවන්න.අප ඉක්මනින් නිවැරිදි කරනු ඇත.කෙසේ හෝ අප ඔබ සදහා නිර්දේශ කරන්නේ ඩිවිඩි රිප් පිටපතයි.



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
720P 1.1GB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
1GB Direct Links මෙතැනින් ගන්න
400MB BRRIP Direct Links මෙතැනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment