Jack Reacher [2012] Sinhala Subtitles


Jack Reacher [2012] Sinhala Subtitles
Add to Favorites
Jack Reacher [2012] Sinhala Subtitles (130 min 57 sec)
04-18-2013 at 07:48 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 137 - Views: 26461



Tags:


උපසිරැසි ගැන්වීම: ධනුෂ්ක ලක්මාල් (tharaka)




හැමෝටම සුභ දවසක්, සුභ අළුත් අවුරුද්දක් වේවා !

ඔන්න අද මම ඔයාලට දෙන්න යන්නේ තවත් හොඳම චිත්‍රපටයක් . මේක මගේ 76 වෙනි උපසිරැසි ගැන්වීම.

චිතපටයේ නම Jack Reacher (2012).
IMDb අගය 7.1 ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය ක්‍රියාදාම ,අපරාධ , ත්‍රාසය යන කාණ්ඩයන්ට අයත් චිත්‍රපටයක්. චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Christopher McQuarrie කියන අධ්‍යක්ෂකයා විසිනි.

Tom Cruise - ජැක් රීචර් ලෙසත් ,
Rosamund Pike - හෙලන් රෝඩින් ලෙසත් ,
Richard Jenkins - ඇලෙක්ස් රෝඩින් ලෙසත් ,
David Oyelowo - එමර්සන් ලෙසත්,
Joseph Sikora - ජේම්ස් බාර් ලෙසත් රංඟනයෙන් දායක වෙනවා.

එහෙනම් චිත්‍රපටය ගැන කෙටි විස්තරයක් කියන්නම්

චිත්‍රපටය ආරම්භයේම එක ස්නයිපර් කෙනෙක් අහඹු ලෙස පුද්ගලයින් පස් දෙනෙක්ව වෙඩි තබා ඝාතනය කරනවා. ඉන් පසු පොලීසියෙන් සියළු සාක්ෂි සහිතව "ජේම්ස් බාර් " නම් දක්ෂ ස්නයිපර් වෙඩික් කරුවෙක්ව වෙඩි තැබීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්නවා. ප්‍රශ්ණ කීරිම් වලදි ජේම්ස් බාර් විසින් " ජැක් රීචර් " කියන නම පරීක්ෂක වරයන්ට ලබා දෙනවා , පසුව පහර දීමක් නිසා ජේම්ස් බාර්ට කෝමා තත්වයකට මුහුණ දෙන්න සිදු වෙනවා. ජැක් රීචර් කියන පුද්ගලා කවුරුන්ද යන්න කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඔහු පිළිබඳව කිසිම තොරතුරක් සොයාගන්නත් නැහැ. ඒත් හදිසියේම ජැක් රීචර් කියන පුද්ගලයා රහස් පරීක්ෂක "එමර්සන්" සහ දිස්ත්‍රික් නීතීවේදි "ඇලෙක්ස් රෝඩින්ව" හමු වෙන්න එනවා. ජැක් රීචර් සාක්ෂි ගැන විමසනවා , එහෙත් ඔහුට ජේම්ස් බාර්ව බලන්න පමණයි අවස්ථාව ලැබෙන්නේ. පසුව ජැක් රීචර්ට, ජේම්ස් බාර්ව මරණ මංචකයෙන් නිදහස් කරගන්න උත්සහ කරන "හෙලන් රෝඩින්ව" හමුවෙනවා. හෙලන් රෝඩින් හිතනවා ජේම්ස් බාර් නිර්දෝෂයි කියලා. ඒ නිසා ජැක් රීචර්ව කුලියට අරගෙන අධාල සිද්ධිය පිළිබඳ සාක්ෂි සොයන්න පවරනවා. සාක්ෂි සොයන්න ගිහින් ජැක් රීචර්ට විවිධ අකරතැබ්බ වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඉතින් වැඩි විස්තරයික් කියන්න යන්නේ නැහැ. ජේම්ස් බාර් නිර්දෝෂි කෙනෙක්ද ? කවුරුන්ද මේ ඝාතනයන් පහ සිදු කලේ ? ඊට හේතුව මොකක්ද කියලා චිත්‍රපටය නරඹන්නම වෙනවා.

හැමෝටම සුභ දවසක් වේවා !



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 2GB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
720P 1.2GB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
900MB Direct links මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

720P 1.2GB BRRIP Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල් (tharaka) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment