Real Steel (2011) Sinhala Subtitles


Real Steel (2011) Sinhala Subtitles
Add to Favorites
Real Steel (2011) Sinhala Subtitles (127 min 00 sec)
01-20-2012 at 08:41 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 136 - Views: 9437



Tags:



2011 වසරේ නිකුත් වූ තවත් සුපිරි ගණයේ සිනමා පටයක් සමග ඔන්න මම ආයෙමත් ආව, Bluray එකක් නිකුත් වීමත් සමගම, මෙහි උපසිරැසි ගැන්වීම් කටයුතු ආරම්භ කරන්නට මම කටයුතු කලා. මෙය පැය 2ක් පුරා රස විඳිය හැකි සුපිරි ගණයේ සිනමා පටයක්.
කතාව මෙහෙමයි,
චාර්ල්ස් කෙන්ටන් (චාර්ලි) , මැක්ස් කෙන්ටන් කියන්නෙ තාත්තයි පුතයි. චාර්ල්ස් කෙන්ටන් හා මැක්ස්ගෙ මවත් අතර ප්‍රශ්ණයක් නිසා චාර්ලි පවුලෙන් වෙන් වෙලා ජීවත් වෙන්නෙ,මැක්ස් ගෙ මව හදිසියේ මියයාමත් සමගම මැක්ස්ගෙ වගකීම හිමිවෙන්නෙ චාර්ලි එනම් මැක්ස්ගෙ තාත්තට.චාර්ලි කියන්නෙ හිටපු බොක්සිං ක්‍රීඩකයෙක්, දැනට ඔහු කරන්නෙ රොබෝ වරු සමග බොක්සිං තරඟ වලට සහභාගි වෙන එක,චාර්ලි කියන්නෙ ටිකක් අවුල් සහගත් චරිතයක් ඒක ඔයාලට චිත්‍රපටය නරඹනකොට පැහැදිලිවෙයි. චාර්ලිගෙ රොබෝ වරු කීපදෙනෙක් අතරින් "ඇටොම්" කියන රොබෝ තමා චාර්ලිට ගොඩක් වැදගත් වෙන්නෙ .මැක්ස් සහ චාර්ලි එකතුවෙලා රොබෝලත් එක්ක කරන වැඩ කිඩ තමා මේ චිත්‍රපටය පුරාම තියෙන්නෙ, ඒ විතරක් නෙමෙයි පවුලේ හැමෝටම රසවිඳින්න පුලුවන් ලස්සන කතාවක්, කතවෙ ඉතුරු ටිකත් එක්කම හරියට පැහැදිලිව කතාව රස විඳින්න. වසර 2020දි රොබෝ වරුන්ගෙ බොක්සිං තරඟ මොනවගේද කියල මේ සිනමාපටයෙන් දැකබලා ගන්න.
මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂනය Shawn Levy විසින් සිදු කෙරුනා.
සුපිරි නළු Hugh Jackman තමයි මෙහි "චාර්ලි" කියන චරිතයට පණ පොවන්නෙ IMDB දර්ශකයේ 7.3/10 ක තරම් ප්‍රේක්ශක ප්‍රතිචාර හිමිකරගත් මෙම චිත්‍ර පටය,Action | Drama | Sci-Fi යන කාණ්ඩ වලට අයත්වෙලා තියෙනව.එහෙනම් මේ චිත්‍රපටය නරඹලා හොඳ නරක සඳහන් කරල යන්නත් අමතක කරන්නෙපා.


විවිධ නම් වලින් හරියට වචනයක් සිංහලෙන් ටයිප් කරගැනිමටත් වත් නොහැකි.සියල්ලම කොපි කර දමන වෙබ් අඩවියක් කරන පුද්ගලයෙකු විසින් අප වෙබ් අඩවිය මගින් නිකුත් කරන සියලු උපසිරැසි කිසිදු හිරිකිතයකින් තොරව ඔහු විසින් අටවා ගත් හොර වෙබ් තිප්පලෙහි තමන් කල උපසිරැසි යැයි කියමින් පලකරුනු ලබයි.දෙමව්පියන් පොඩි කාලේයේදි සොරකම් කිරිම වරදක් යැයි නොකියු නිසා හෝ තමන්ගේ පරම්පරාවම සොරු නිසා මෙවැනි කටයුතු කරනවාදැයි අපි නොදන්නෙමු.සුද්ධ සිංහලෙන්ම කියනවා නම් මේවා බලු වැඩය. අඩුම තරමින් ''ලැජ්ජාව'' යන අකුරු 4 තේරුම හෝ ඔබ දන්නවා නම් මින් පසු මෙවැනි දෑ නොකරනු ඇතැයි විශ්වාස කරමු. අප IDX හදුන්වා දුන් මොහොතේ පටන් සමහරුන් කිවේ මෙය වැඩක් නැතැයි කියාය.දැන් මෙවැනි සොරුන්ට අපි කුමක් කරන්නෙමුදැයි එසේ පවසනු ලැබු පුද්ගලයන්ගෙන් ඇසිමට තිබේ.IDX SRT ලෙස වෙනස් කිරිමට නොහැකි වු නිසා ටයිම් ලයින් මකමින් ''මෙන්න මම වෙනස් කලා'' යැයි කියු පූස් විරයන් විමට සැදු පුද්ගලයන්ද සිටියේය.අවසානයේ සියල්ලන්ටම පවසන්න තිබෙන්නේ.ඔබ මේ සුරා කමින් නම් ගම් වෙනස් කරමින් පලකරනු ලබන්නේ තමන්ගේ වටිනා කාලය ඔබ වෙනුවෙන් වැයකරමින් නොමිලේ ක්‍රියාවක් කරන පුද්ගලයකුගේ ශ්‍රමය සුරා කැමය.එය කොතරම් සධාරනදැයි ඔබම ඔබේ හෘද සාක්ෂියෙන් අසා බලන්න.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න.
800mb(Dvdrip) Torrent file එක මෙතනින් ගන්න.
5GB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
850mb Direct link එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

801MB Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නුවන් අබේසිංහ (CREATIVEN) විසිනි.

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment