The Bank Job [2007] +18 Sinhala subtitle


The Bank Job [2007] +18 Sinhala subtitle
Add to Favorites
The Bank Job [2007] +18 Sinhala subtitle (117 min 45 sec)
04-27-2013 at 09:07 AM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 118 - Views: 30013



Tags:


උපසිරැසි ගැන්වීම: නයනපද්ම ලියනගේ




ඔන්න මම අද අරගෙන ආවේ ක්‍රියාදාම(action) චිත්‍රපටයක්.මේක මම උපසිරැසි ගන්වපු පළවෙනි ක්‍රියාදාම චිත්‍රපටය​ වගේම මගේ හතර වෙනි උපසිරැසි ගැන්වීම​. විශේෂයෙන්ම මේක තෝර ගන්න හේතුව වුණේ, මේකේ ප්‍රධාන නළුවාගේ චරිතයට පණ පොවන්නේ මං කැමතිම නළුවෙක් වන Jason Statham නිසයි.
චිත්‍රපටය ගැන කියනවනම්, 2008දී නිකුත් වුණූ මේක මිනිත්තු 111ක ධාවන කාලයකින් යුක්තයි. මේක වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ එන චිත්‍රපටයක්. තවත් විශේෂ දෙයක් තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ සත්‍ය කථාවක් පදනම් කරගෙනයි.IMDb ශ්‍රේණිගත කිරීමට අනුව 7.3/10 වැනි අගයක් ලබා ගැනීමට සමත් වෙලා තිබෙනවා.චිත්‍රපටය ගැන කියනවානම්, ක්‍රියාදාම චිත්‍රපටයක් වුණාට වැඩිය සටන් ජවනිකා නම් දකින්න ලැබෙන්නේ නෑ. ඒත් මේකේ තියන කථාවනම් මාරයි. (ඇත්තම කියනවානම්, මුලින්ම film එක උඩින් පල්ලෙන් බලනකොට මුල් හරියනම් ටිකක් එපා වුණා. ඒත් බාගයක් විතර බැලුවට පස්සේ තමයි තේරුණේ මේ film එකේ මාර double game එකක් තියෙන්නේ කියලා.
ටෙරී ලෙදර් කියන වාහන සැපයුම්කරුට ලන්ඩන් වල බේකර් වීදිහේ තියන ලොයිඩ්ස් බැංකුව කොල්ලකන්න කොන්ත්‍රාත්තුවක් ලැබෙනවා. මිනිහා පොරගේ කණ්ඩායමත් එක්ක බැංකු සේප්පුව කැඩුවට පස්සේ ඒකේ තිබිලා රජයේ ඉහළනිළධාරීන් ගේ සහ තවත් අයගේ රහස් විශාල ප්‍රමාණයක් හෙළි වෙනවා. මේ අයගෙන් ටෙරී ලෙදර්ටයි, කණ්ඩායමටයි ඇතිවෙන බලපෑම් සහ ඒවාගෙන් ගැලවෙන විදිහ තමයි චිත්‍රපටයෙන් කියවෙන්නේ. මං මේ කිවුවේ කියන්න පුලුවන් උපරිම කෙටි කරලයි. සම්පූර් ණ කථාව ඔයාලම බලන්නකෝ.ප්‍රධාන නළුවා සහ නිළිය වන්නේ Jason Statham හා Saffron Burrows යන තරුයි.
උපසිරැසි ගැන්වීම සඳහා මේ චිත්‍රපටය download කර ගැනීමේදී සහයෝගය ලබාදුන් උදාර මධුශාන් සහෝදරයාටත් මගේ හද පිරි ස්තුතිය​.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ I. නයන පද්ම විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment