Once Upon A Time In Mumbai [2010] Sinhala Subtitle


Once Upon A Time In Mumbai [2010] Sinhala Subtitle
Add to Favorites
Once Upon A Time In Mumbai [2010] Sinhala Subtitle (152 min 04 sec)
04-30-2013 at 08:06 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

Hindi Movies
Favorites: 113 - Views: 19630



Tags:


උපසිරැසි ගැන්වීම: ගයාන් බුද්ධික ගමගේ




  1. Most Popular Subtitles of this Contributor




ඔන්න අලුත් අවුරුද්දෙන් පස්සෙ මම හා හා පුරා කියල අරගෙන ආවේ මේ වන තෙක් ශ්‍රී ලංකාවේ කිසිම රූපවාහිනී නාලිකාවකවත් විකාශය නොවුනු 2010 වර්ෂයේ තිරගත වුනු සුපිරිම හින්දි චිත්‍රපටියක්. චිත්‍රපටිය තමයි Once Upon a Time in Mumbaai. ඇත්තටම මම මේ චිත්‍රපටිය නෙවෙයි ඊළඟට සබ් දෙන්න තෝරගෙන තිබුනේ. ඒත් ඇඩ්මින් සහෝ මේ චිත්‍රපටිය ගැන කිව්වම මටත් හිතුනා
මේකට සබ් දාන්න ඕන කියල. මේ චිත්‍රපටියට සබ් දාන්න ලබා දීම ගැන ඇඩ්මින් සහෝට මුලින්ම ස්තූතිවන්ත වෙනවා.

Crime | Drama | Romance ගණයට අයත් වෙන මේ චිත්‍රපටිය 7.1 ක් වගේ හොඳ IMDB අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Milan Luthria විසින්. දන්නව ඇතිනේ The Dirty Picture (2011)
චිත්‍රපටිය අධ්‍යක්ෂණය කලෙත් ඔහුම තමයි. මෙහි තිර පිටපත රචනා කරල තියෙන්නේ Rajat Arora විසින්. ඒ වගේම මේ චිත්‍රපටිය සම්මාන 16ක් සඳහා නාම යෝජනා වෙලා සම්මාන කිහිපයක් දිනාගෙනත් තියෙනවා.Ajay Devgan සහ Emraan Hashmi ප්‍රධාන චරිත වලට පණ පොවන අතරේ randeep hooda, Kangana Ranaut, Prachi Desai සෙසු චරිත සඳහා රංගනයෙන් දායක වෙලා තියෙනවා.

චිත්‍රපටිය ගැනත් පොඩ්ඩක් කියන්නම්. පොලිස් පරීක්ෂක වරයෙක් තමන්ගේ තමන්ගේ ජීප් එකත් එක්කම ගඟට පෙරලිලා වෙච්ච අනතුරකින් තමයි චිත්‍රපටිය පටන් ගන්නේ. පසසේ හෙලි වෙනවා ඒක අනතුරක් නෙවෙයි සියදිවි නසා ගන්න කරපු උත්සාහයක් කියල. ඒ ගැන මේ පොලිස් පරීක්ෂක වරයා කරන පාපොච්චාරණය වටා තමයි චිත්‍රපටිය දිවෙන්නේ. පොලිස් පරීක්ෂක වරයා හෙළි කරන ඒ කතාව ඇතුලෙ ඉන්න අපේ කතා නායකයා තමයි සුල්තාන් මිර්සා. ඔහු කුඩා කාලේයෙදිම ගංවතුරක් නිසා තමන්ගේ පවුලම නැති වෙච්ච අසරණයෙක් විදියට මුම්බායට ආපු කෙනෙක්. කුඩා කල සිටන්ම ඔහු කරන්නේ නීතී විරෝධී වැඩ. ඒත් ඔහු කවදාවත් රටේ මිනිස්සුන්ට
අයහපතක් වෙන ව්‍යාපාර කළේ නෑ. ඒ වගේම ඔහු අසරණ මිනිසුන්ට ගොඩක් පිහිට වුනා.පසු කලෙක ඔහු මුම්බායේ ඉන්න බලවත්ම පුද්ගලයා වෙනවා.

හැබැයි ෂොයිබ් කියන්නේ ටිකක් නාහෙට නාහන ඉලන්දාරියෙක්.ඔහු කරන්නේ අනිත් අයගේ දේවල් කඩා වඩා ගන්න එක.ඔහුටත් ඕනෙ වෙනවා සුල්තාන් මිර්සා වගේ වෙන්න. ඉතින් ඔහු සුල්තාන් මිර්සට එකතු වෙනවා.හැබැයි රාජධානියකරජවරු දෙන්නෙක්ට ඉන්න බෑනේ. ඔන්න ඉතින් දැන් ගැටුමක් ඇති වෙනවා. මේ ගැටුමෙන් කවුරු දිනයිද ?මේ දෙන්නත් එක්ක අර පොලිස් පරීක්ෂකවරයට තියෙන සම්බන්ධය මොකක්ද ? ඇයි ඔහු සිය දිවි නසාගන්න හැදුවේ ? චිත්‍රපටිය බලල මේවට උත්තර හොයාගන්න ඔයාලට බාර කරනවා. චිත්‍රපටියේ සුන්දර ආදර කතාවකුත් ගලාගෙන යනවා.ඉතින් ලස්සන ගීත කිහිපයක්ම තියෙනවා. සුපුරුදු පරිදි ගීත ඔක්කොමත් උපසිරැසි ගන්වලා තියෙන්නේ. උපසිරැසි බාගන්න ගමන් ඔයාලගේ අදහසත් අකුරු කරල යන්න කියල ඉල්ලනවා. තවත් සුපිරි චිත්‍රපටියක උපසිරැසි සමග ඔබ හමුවන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. හැමෝටම විනෝදකාමී සුභ දවසක්, සතුටින් ඉන්න.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVD RIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

700MB DVD RIP Torrent File එක මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගයාන් බුද්ධික ගමගේ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment