Mere Dad Ki Maruti [2013] Sinhala Subtitles


Mere Dad Ki Maruti [2013] Sinhala Subtitles
Add to Favorites
Mere Dad Ki Maruti [2013] Sinhala Subtitles (120 min 18 sec)
06-01-2013 at 03:58 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

Hindi Movies
Favorites: 129 - Views: 25297



Tags:


උපසිරැසි ගැන්වීම: ගයාන් බුද්ධික ගමගේ




  1. Most Popular Subtitles of this Contributor







මාසයක විතර විරාමයකින් පස්සේ ඔන්න ආපහු සයිට් එක ආව සතුටට කට්ටිය එකක්ම එකතුවෙලා බලන්න පුලුවන් චිත්‍රපටියක් අරන් ආවා.
ඔන්න මම 2013 මාර්තු මස 15 වෙනිදා සිට ඉන්දියාවේ තිරගත කිරීම ඇරඹූ අලුත්ම හින්දි චිත්‍රපටියක් වුනු "Mere Dad Ki Maruti" චිත්‍රපටිය ඔබ වෙත අරගෙන ආවා. මේ චිත්‍රපටියේ උපසිරැසි ලබාදෙන්න කියල ඉල්ලීම් ගණනාවකුත් ත්‍රෙඩ් එකක් පුරාවට තිබුනා. කවදාවත් zOOm අපි ඔයාලගේ
ඉල්ලීම් අහක දාන්නෙ නෑ කියල ඔයාල දන්නවනේ ඉතින් ඔන්න ඒ ඉල්ලීමත් මේ විදියට අපි ඉෂ්ඨ කලා.මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නේAshima Chibber කියන අධ්‍යක්ෂකවරයා. IMDB අගය 6.7/10 ක් විදියට සනිටුහන් කර ගන්නත් මේ චිත්‍රපටිය සමත්වෙලා තියෙනවා.
Comedy | Romance ගණයේ චිත්‍රපටියක් විදියට මේක හැදින්වුවට වරදක් නෑ.

මේ චිත්‍රපටියේ දකින්න ලැබෙන්නේ නම් ටිකක් අලුත් මූණු තමයි. ප්‍රධාන චරිත විදියට,
Ram Kapoor - තේජ් කුල්ලර් ලෙසත්
Saqib Saleem - සමීර් කුල්ලර් ලෙසත්
Rhea Chakraborty - ජැස්ලීන් ලෙසත් රංගනයෙන් දායක වෙලා තියෙනවා.

කතාව දිහාට පොඩ්ඩක් හැරෙමුකො. සමීර් කියන්නේ විසේකාර, කටකාර, තරුණයෙක්.ඔහුගෙ තාත්ත තමයි තේජ්, මේ තාත්තල පුතාල දෙන්න නිතරම ගැටෙනවා. තාත්ත සමීර්ට කොයි වෙලාවෙත් බැණගත්තු ගමන්මයි. ඔය අතරෙ සමීර්ගෙ නංගි විවාහ වෙන්නයි යන්නේ, ඉතින් තාත්ත
දුවටයි බෑණටයි විවාහ දවසට තෑගි දෙන්න මරුටි මෝටර් රථයක් අරගන්නවා. මේ කාර් එක විවාහ දවස වෙනකම් ගරාජ් එකට දාල ලොක් කරල තමයි තියෙන්නේ, විශේෂයෙන්ම සමීර්ගෙන් බේරගන්න.

කොහොමින් කොහොම හරි සමීර් තාත්තට හොරෙන් මේ කාර් එක ගෙනියනවා ජැස්ලින් එක්ක රාත්‍රී සාදයකට යන්න. මෙතනදි මෙයාගෙ කාර් එක නැති වෙනවා. ඒක වෙන්නෙත් සමීර්ගෙම වරදින්ම තමයි. ඉතින් සමීර් කාර් එක නැති වුන බව ගෙදර අයගෙන්, විශේෂයෙන්ම තාත්තගෙන් වසන් කරන්න දරන වෑයම සුලු පටු එකක් නෙවෙයි. සමීර් නැතිවුන කාර් එක හොයද්දි එයාට අකරතැබ්බ ගොඩකට මුහුණ දෙන්න වෙනවා. සමීර්ගෙ කාර් එකට මොකද වුනේ?ඉතින් එයා විවාහ දිනයට කලින් කාර් එක හොයා ගනීද? ඒකෙදි එයා මොන මොන විදියේ අකරතැබ්බ වලට මුහුණ දෙයිද ?
තාත්ත කාර් එක නෑ කියල දැන ගනීද ? කාර් එක හොයන්න ජැස්ලීන් මොනවගේ සහයක් දෙයිද ? ඔයාල චිත්‍රපටිය බලන්නකෝ, එතකොට මේවට උත්තර ලැබෙයි. ආ... කියන්න අමතක වුනානේසමීර්ට ඉන්නවා ගට්ටු කියල නියම ෆ්‍රෙඩෙක්, අන්න යාලුවො ඕන දේකදි ලඟ ඉන්නවා. මේ චිත්‍රපටියෙත් ලස්සන ගීත කීපයක්ම තියෙනවා. ඔයාල දන්නවනේ zOOm එකේ අපි සින්දු අතහරින්නෙ නෑ කියල. සමීර්, ගට්ටු, ජැස්ලීන් මේ තුන් දෙනාගෙ වැඩ කොහොමද කියල ඔයාලත් බලන්නකෝ. මේක හරිම ලස්සන චිත්‍රපටියක්.එහෙන ් ඉතින් මම ගිහින් එන්නම්. හැමෝටම සුභ දවසක්, සතුටින් ඉන්න.




සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
600MB Direct Links මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගයාන් බුද්ධික ගමගේ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment