Chashme Baddoor [2013] Sinhala Subtitle


Chashme Baddoor [2013] Sinhala Subtitle
Add to Favorites
Chashme Baddoor [2013] Sinhala Subtitle (118 min 45 sec)
07-01-2013 at 11:22 AM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

Hindi Movies
Favorites: 161 - Views: 23173



Tags:


උපසිරැසි ගැන්වීම: ගයාන් බුද්ධික ගමගේ



ඇත්තටම මම මේක බාරගත්තේ සයිට් එක ඩවුන් වෙලා තියෙන දවස් වල. මම සයිට් එක පටන් ගන්න තව කල් ගනී කියල හිතල මේ සබ් එක දාන එක පරක්කු කළා. එකපාරටම සයිට් ඒක පටන් ගත්තම තමයි මට තරු පෙනුනේ.හැමෝගෙන්ම සමාව ඉල්ලනවා මේක දෙන්න පරක්කු වීම සම්බන්ධයෙන්. හැබැයි මේකෙ ඉංග්‍රීසි සබ් එකම ඒ විදියටම සිංහලට පරිවර්ථනය කළා නම් බලන අයටත් මේක එපා වෙනවා, මොකද ඉංග්‍රීසි සබ් එකේ තියෙන්නේ චිත්‍රපටියේ කියන දේවල්ම නෙවෙයි. zOOm එකේ අපි හින්දි චිත්‍රපටවලට සබ් දාද්දි ෆිල්ම් එකත් අහගෙනමයි සබ් එක දාන්නේ.ඒකයි අපේ සබ් හැමදාමත් හොඳම තත්ත්වයේ තියෙන්නේ, අනිත් කාරණය අපි කවදාවත් සිංදු අතහරින්නේ නෑ.මේ චිත්‍රපටියේ මාර ලස්සන සිංදු ටිකක් තියෙනවා, ඒ ඔක්කෝටම සබ් දාලා තියෙන්නේ. අනිවා බාගෙන බලන්න
පට්ටම ලස්සන චිත්‍රපටියක් තමයි මේක.

2013 අප්‍රේල් මස 5 වන දින තිරගත කිරීම ඇරඹූ තවත් සුපිරි හින්දි චිත්‍රපටියක් තමයි Chashme Baddoor කියන්නේ. 1981 වර්ශයේ තිරගත් වුණු Chashme Baddoor චිත්‍රපටියෙම ප්‍රතිනිර්මාණයක් විදියට තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වෙලා තියෙන්නේ. නවීන යුගයට ගැලපෙන විදියට කතාවේ යම් යම් වෙනස් කම් කරන්න ඇති කියල මම හිතනවා. මම පරණ එක බලල නැති නිසා හරියටම දන්නේ නෑ. Comedy | Drama ගණයට අයත් වෙන මේ චිත්‍රපටිය IMDB දර්ශක අගය 5.8/10 ක් විදියටසටහන් කරගෙන තියෙනවා, අධ්‍යක්ෂණය කරල තියෙන්නේ David Dhawan කියන ප්‍රවීණ, දක්ෂ අධ්‍යක්ෂකවරයා.

කතාව දිව යන්නේ තරුණයන් තිදෙනෙක් වටා, සිඩ් (Ali Zafar) ,ඕමි (Divyendu Sharma), ජය (Siddharth) කියන්නේ එක බෝඩිමේ එකට ඉන්න ගජ මිතුරෝ. සිඩ් කියන්නේ ඉගෙනීමට දක්ෂ බොහෝම නිවුනු ගති තියෙන තරුණයෙක්, හැබැයි අනිත් දෙන්න ඊට හාත්පසින් වෙනස්. ඕමි කියන්නේ කවි පිස්සෙක්, ජය කියන්නේ නළු පිස්සෙක්. ඕමි කවි කියන්න ගිහිල්ලයි, ජය රඟපාන්න ගිහිල්ලයි දෙන්නට හරි හරි දේවල වෙනවා. ඒව ඔයාලම බලාගන්නකෝ.ඉතින් මේ දෙන්නම ට්‍රයි කරනවා එකම ගැහැණු ළමයෙකුට එයාගේ නම සීමා (Tapsee Pannu) සීමාව යාලු කර ගන්න ගිහින් මේ දෙන්නට වෙන වැඩ දැක්කම ඉල ඇදෙනකන් හිනා වෙන්න පුලුවන්, ඒත් ඒ දෙන්නටම සීමා කැමති වෙන්නෙ නෑ.

සීමාගේ තාත්තා (Anupam Kher) හමුදාවේ ලොක්කෙක්, ඔහුට ඕන දුවව හමුදාවෙම කෙනෙකුට බන්දලා දෙන්න සීමාගේ බාප්පා ගුරුවරයෙක් එයාට ඕන සීමාව සාමාන්‍ය කෙනෙක්ට බන්දලා දෙන්න. (සීමාගේ බාප්පගේ චරිතේ කරන්නෙත් Anupam Kher ම තමයි) ඉතින් ඒ සහෝදරයෝ දෙන්න අතර ඇතිවෙන ගැටුම් එහෙමත් ඔයාලට බලා ගන්න පුලුවන්. ඔය අතරේ අහම්බයෙන් සිඩ්ට සීමාව හමු වෙනවා, දෙන්න ආදරය කරන්න පටන් ගන්නවා.හැබැයි සිඩ් දන්නෙ නෑ මේ ගැහැණු ළමයගේ පස්සෙන් තමයි ජය, ඕමි දෙන්න ගියේ කියල. ඒ වගේම සීමා දන්නෙත් නෑ එයාගේ පස්සෙන් ආවේ සිඩ්ගේ යාලුවො දෙන්න කියල. ජය, ඕමි දෙන්න මේ දෙන්නගේ සම්බන්ධෙ දැනගන්නවා. ඒක දැන ගත්තම මේ යාලුවො දෙන්න මෙන වගේ ප්‍රතිචාරයක් දක්වයිද? සිඩ්ගෙයි සීමාගෙයි ආදරයට මොකක් වෙයිද ? සීමාගේ තාත්තගෙයි, බාප්පගෙයි අතර සටනින් කවුරු දිනයිද ? ආ අමතක වුනා මේකේ ඉන්දියාවේ
බිහි වුන තවත් සුපිරි, ප්‍රවීණ නළුවෙක් රගපානවා ඒතමයි Rishi Kapoor එයාගෙත් මරු මරු වැඩ තියෙනවා.කතාව හොඳම හරිය කිව්වේ නෑ. ඒ ටික ඔයාලම බලාගන්න. මේක පට්ට කොමඩි චිත්‍රපටියක්, කිසිම කම්මැලිකමක් නැතිව බලන්න පුලුවන්. සිංදු ටික අතහරින්න එපා කියල ආයෙමත් ඉල්ලනවා, එච්චරටම ලස්සන සිංදු ටිකක්. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම සුභ දවසක්, සතුටින් ඉන්න.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 900MB DVD RIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVD RIP Torrent File එක මෙතැනින් ලබාගන්න
750MB Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

720P 900MB DVD RIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVD RIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගයාන් බුද්ධික ගමගේ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment