Die Hard 5 A Good Day to Die Hard [2013] Sinhala subtitle


Die Hard 5 A Good Day to Die Hard [2013] Sinhala subtitle
Add to Favorites
Die Hard 5 A Good Day to Die Hard [2013] Sinhala subtitle (98 min 14 sec)
07-06-2013 at 08:31 AM
Uploaded by HEDZ

Rating: 4 after 4 votes

English Movies
Favorites: 136 - Views: 16408



Tags:


උපසිරැසි ගැන්වීම: චම්පික ලක්රුවන්




  1. Most Popular Subtitles of this Contributor






අපේ සූම් සයිට් එක නැවතුනාට පස්සෙ ප්‍රථමයෙන්ම උපසිරැසියක් නිර්මාණය කරන්න පටං ගත්තෙ මේ චිත්‍රපටයෙන්. මේ ළඟදි දීපු ඇනා කැරනිනා චිත්‍රපටයට උපසිරැසි ගන්වලා නම් දැන් ගොඩක් කල් වෙනවා එය දාන්න බැරිවුනේ සයිට් එකේ තිබුණු දෝශය නිසයි. සාමාන්‍යෙන් මේ ලෝකෙ කිසිම දෙයක් එකම විදිහට පවතින්නෙ නෑ එහෙම පවතිනව නම් එය වැඩිකල් තිබෙන්නෙත් නෑ. ඉතිං සයිට් එකේ ගිය මාස ටිකේ ටිකක් නරක කාලයක් ලබලා තිබුණා කියලයි මට නම් හැඟෙන්නෙ. අඩුම ගානෙ අපි තියා ඇඩ්මින් වත් නොහිතපු විදිහට මාසයක් පමණ සයිට් එක නැවතිලා තිබුණ එක සිංහල උපසිරැසි නරඹන්නන්ට මෙන්ම උපසිරැසි ගන්වන්නන්ටද ලොකු පාඩුවක් සිදුවුණා. අපේ ඇතැම් ජ්‍යේෂ්ට උපසිරැසි නිර්මාපකයන් ඒ නිදෝ අප අතරින් ඉවත් වුන බවක් මම දැක්කා. මෙය ඉදිරියට විය යුතුද? මම නම් එය වැඩිය අනුමත කරන්නෙ නැති දෙයක්. අපේ සූම් වෙබ් අඩවිය නිසා තමයි අනෙක් වෙබ් අඩවි වලින් පවා හැමදාම උපසිරැසි ලැබෙන්නෙ. ඔවුන් අපි එන්න කලිං උපසිරැසි දැම්මෙ මාසෙකට සැරයක් වගේ ඒත් අපේ තිබුණ කැපවීම වැඩිවීමත් සමඟ දිනපතා උපසිරැසි ලැබෙද්දි තමන්ගෙ වෙබ් අඩවියේ ට්‍රැෆික් ප්‍රමාණය වැඩි කරගන්න බහුතරයක් බාල ගණයේ උපසිරැසි ඔවුන් නිර්මාණය කර තම වෙබ් අඩවියේ පලකරනවා කොතෙකුත් ඔබ දැක ඇති.

සාමාන්‍යෙන් උපසිරැසියක දී එහි එක් වචන පේලියක් දර්ශනය වන්නෙ තප්පර දෙකක් හෝ තුනක් වැනි කාලයක්නේ ඒත් අර මං කියපු වර්ගයේ උපසිරැසයක් ගන්වන්න, නැරඹීමට ඇති කාලය තුල කියවන්නවත් බැරි තරමේ වචන දාලා එය තේරුම් ගන්නත් වෙලාව ගන්න විදිහේ උපසිරැසි නිර්මාණය කරනවා. මේ චිත්‍රපටයේම යම් වෙබ් අඩවි වල කිසිම ගුණාත්මක භාවයකින් තොරව උපසිරැසි නිර්මාණය කරලා තිබීම මම දැක තිබෙනවා. ඒක නිසාම නොතේරුණු කතාව තේරෙන සිංහලෙන් හැමෝටම බලන්න තමයි මම මේ උපසිරැසිය නිර්මාණය කරේ. එමෙන්ම ටීවි එකෙන් චිත්‍රපට බලන හැමෝටම නැවතත් වසන්ත කාලය සූම් පිබිදීමත් සමඟම උදාවෙලා තිබෙනවා. ඒක නිසා ඔබ කවදාවත් අපේ වෙබ් අඩවිය දාලා යන්නට තැත් කරන්න එපා. පොඩි කාලයක් වෙබ් අඩවිය නැවතුනා කියලා අප අතහැර යන්නට සැරසෙන්න එපා. එයින් සිදුවන්නෙ උපසිරැසි නිර්මාපකයන්ගේ උද්‍යෝගය නැතිවීයාමක්. ඔබ මෙම චිත්‍රපටය මීට පෙර නැරඹුවත්, වෙන අයෙකුගේ උපසිරැසියක් සමඟන් නැඹුවත්, අපේ උපසිරැසි හා ඔවුන් අතරේ තිබෙන වෙනස දැනගන්න අද මෙය බාගෙන නැවතත් නරඹන්න. ඔබට සෑහෙන්න වෙනසක් දැකිය හැකිවෙයි. වෙබ් අඩවියේ අනෙක් උපසිරැසි නිර්මාපකයන්ගෙන් මම ඉල්ලන එකම දේ තමයි නැවතත් සූම් සමඟ එක්වෙලා එක චිත්‍රපටයකින් හරි දායක වෙමු. අළුත් චිත්‍රපට හොයලා එක උපසිරැසියක් හෝ නිර්මාණය කරමු. හිටපු ජ්‍යේෂ්ටයන් නැවත එකතුවෙලා වෙබ් අඩවිය ගොඩගමු. සූම් අපි නැතුව අනෙක් අයට තනියම ගමනක් යන්නත් කොහෙත්ම බෑ. එමෙන්ම දහස් ගණනක් බාගත කරන්නන් වන ඔබත් එක අකුරකින් හෝ කමෙන්ටුවකින් අපි දිරිගන්වනව නම් බොහොම පිං. එහෙනම් කතාවට බහිමු.

ඩයිහාඩ් චිත්‍රපට පෙලේම සිටින ප්‍රධාන නළුවා මෙම චිත්‍රපටයෙත් රඟ දක්වනවා. මෙදා පාර නම් ඔහු පැමිණෙන්නෙ කිසිම මෙහෙයුමකට නෙවෙයි. තම පුතා බලන්න රුසියවටයි. එහිදි ඔහු අනපේක්ෂිත ලෙස තම දරුවාට සිදුවන්නට වන කරදර වල කෙලවර සොයා යෑමට පටං ගන්නවා. එහිදී තමයි ඔහු දැනගන්නෙ තම පුතාත් ඇමරිකාණු බුද්ධි අංශයට වැඩ කරනවා කියලා. මෙදා පාර ඔහු සිදුකරන්නෙ තම දරුවාගේ මෙහෙයුමට දායකත්වය සපයන එකයි. කතාවෙ එන්නෙ රුසියාවෙ ආරක්ෂක ඇමතිවරයෙක්ට විරුද්ධව කමරෝව් නැමැත්තෙකු විසින් චෝදනා වගයක් ගොනු කරතිබීම නිසා ඇමතිවරයා විසින් ඔහු හිරකර සිටිනවා. එවිට ජෝන් ගෙ පුත්‍රයාට පැවරී තිබෙන මෙහෙයුම වන්නෙ එම කමරෝව් නැමැත්තා ආරක්ෂක ඇමතිවරයාගේ ග්‍රහණයෙන් මුදවාගෙන ඔහුගෙන් ලිපිගොනුවක් ලබාගැනීමටයි. එහෙත් මෙහෙයුම නිසි ආකාරයෙන් ක්‍රයාත්මක වන්නෙ නෑ. ඉතිං අපි බලමු කොහොමද මේ මෙහෙයුම මෙයාලා ඉවර කරන්නෙ කියලා. එමෙන්ම ලබාදී තිබෙන ඩිරෙක්ට් ලින්ක් එක ඉතාමත් වේගවත් එමනිසා ටොරන්න්ට් එක බාන්න කලියෙන් දීලා තියෙන ඩිරෙක්ට් ලින්ක් වලින් බාන්න උත්සහ ගන්න. එය ඔබේ කාලයත් ඉතුරු කරදේවි. එහෙනම් තවත් හොඳ චිත්‍රපටයකින් හමුවෙන තුරු ඔබ සැමටම සුබ දවසක්!


Die Hard චිත්‍රපටි මාලාවේ අනෙකුත් පෙර නිකුත් වු චිත්‍රපටි ලබා ගැනිමට මෙතැනින් (Die Hard Movie collection) පිවිසෙන්න.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
350MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
800MB BRRIP Direct Links මෙතැනින් ගන්න




පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චම්පික ලක්රුවන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment