Nautanki Saala [2013] Sinhala subtitle


Nautanki Saala [2013] Sinhala subtitle
Add to Favorites
Nautanki Saala [2013] Sinhala subtitle (119 min 24 sec)
07-07-2013 at 07:37 PM
Uploaded by HEDZ

Rating: 5 after 4 votes

Hindi Movies
Favorites: 119 - Views: 22519



Tags:


උපසිරැසි ගැන්වීම: ගයාන් බුද්ධික ගමගේ






ඔයාලා කවදම හරි ‍සිය දිවි හානි කර ගන්න හදපු කෙනෙක්ගේ ජීවිතේ බේරගෙන තියෙනවද? හරි අපි හිතමු එහෙම බේර ගත්තා කියලා, ඒ බේර ගත්තු කෙනා ජීවිතේ අන්තයටම කළකිරුන,ජීවිතේ කාත් කවුරුවත් නැති කෙනෙක් නම් එතකොට ඔබ මොකද කරන්නේ? ඔබට සිද්ද වෙනවා එයාට ජීවිතේ ගැන හොඳ හැඟීමක් ඇති වෙලා යතා තත්ත්වයට පත් වෙනතුරු ඔහුව හෝ ඇයව රැක බලා ගන්න. මොකද නැවතත් එයා දිවි නසා ගන්න උත්සාහ කරන්න පුලුවන් නිසා. ඒ කියන්නේ ඔබ කෙනෙක්ගේ ජීවිතය බේරා ගත්තොත් ඒ ජීවිතයට වගකිවයුත්තාත් ඔබම වෙනවා.

ඉතින් ඔන්න ඔය තේමාව ඔස්සේ ගලාගෙන යන ලස්සන චිත්‍රපටියක් තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. "Nautanki Saala!" මේක බඩ පැලෙන්න හිනාවෙන්න පුලුවන් සුපිරිම චිත්‍රපටියක් කිව්වොත් නිවාරදියි. Bluffmaster! (2005) Dum Maaro Dum (2011) Kuch Naa Kaho (2003)වගේ ජනප්‍රිය චිත්‍රපට කිහිපයක්ම අධ්‍යක්ෂණය කරපු Rohan Sippy ගේ අධ්‍යක්ෂණයෙන් හැඩ ගැන්වුණ මේ චිත්‍රපටිය Comedy, Romance, කියන වර්ගීකරණයට අයත් වන්නක්. මේක IMDB අගය 6.1/10 ක් වගේ හොඳ අගයක් සටහන්කරගෙන තියෙනවා. මෙහි ප්‍රධාන චරිතය රඟදක්වන්නේ ගිය වසරේ තිරගත වෙච්ච Vicky Donor චිත්‍රපටියෙන් රංගනයට පිවිසිලා Film fare සම්මාන උළෙලෙදී එම චිත්‍රපටිය සඳහා හොඳම නවක නළුවා සම්මානය දිනා ගත් Ayushmann Khurrana (රාම්) විසින්, ඔහුගේ රංගනය අති විශිෂ්ඨයි. ප්‍රධාන නිළි චරිතය සඳහාPooja Salvi (නන්දිනී) රංගනයෙන් දායක වෙනවා. අනෙක් ප්‍රධාන චරිතය සඳහා එක්වූ Kunaal Roy Kapur (මන්ධාර්) ද අති විශිෂ්ඨ රංගන දායකත්වයක ලබා දී තියෙනවා.

කතාවත් පොඩ්ඩක් කියන්නම් රාම් වේදිකා නාට්‍ය නළුවෙක් වගේම අධ්‍යක්ෂක වරයෙක්.ඔහුගේ තමන්ගේ නාට්‍ය දර්ශණ වාරය අහවර කරලා ගෙදර බලා යමින් ඉද්දි අහම්බෙන් දකිනවා කෙනෙක් එල්ලිලා සියදිවා නසාගන්න හදනවා, ඒ තමයි මන්ධාර් ඔහු ටිකක්
වයසට සරිලන්න මනසින් නොවැඩුන කෙනෙක් වගේ. ඉතින් රාම් ඉක්මනටම ඔහුව බේරගන්නවා. පස්සෙ දැනගන්නවා මෙයාගේ ආදරය අහිමි වීම නිසයි මෙහෙම දෙයක් කරගන්න හැදුවේ කියලා. ඉතින් කාත් කවුරුවත් නැති මේ අසරණයව රාම් තමන්ගේ ගෙදර තියාගන්නවා තමන්ගේ පෙම්වතියගෙනුත් බැණුම් අහගෙන.

පස්සේ මන්ධාර් සියදිවි නසාගන්න හේතුව වෙච්ච ගැහැණු ළමයව හොයාගෙන රාම් යනවා.ඒ ගැහැණු ළමයා තමයි නන්දිනී, ඉතින් නන්දිනීවයි මන්ධාර්වයි යලිත් එක් කරන්නයි රාම්ට ඕන කරන්නේ. හැබැයි සිද්ද වෙන්නෙ වෙනස්ම දෙයක්. නන්දිනී රාම්ට ආදරය කරන්න ගන්නවා එතනින් පස්සේ ගොඩාක් දේවල් වෙනස් වෙනවා ඒ ඔක්කොම කිව්වොත් බලන්න දෙයක් නැති වෙනවනේ ඒටික ඔයාලම බලා ගන්න මම කිව්වේ බොහෝම පොඩ්ඩයි. මන්ධාර් කරන දේවල් වලටනම් හිනා නොයන්න විදියක් නෑ කොහොමටවත්
රාම්, නන්දිනී, මන්ධාර් තුන්කොන් ආදර සටන කොහොම නිමාවේවිද කියල ඔයාලම බලන්න.මේ චිත්‍රපටියෙත් ලස්සන ගීත කිහිපයක්ම තියෙනවා, හැමදාම වගේ ඒ එකක්වත් අතහැරියේ නෑ. එහෙනම් තවත් ලස්සන චිත්‍රපටියකින් හමුවන තුරු මම සමුගන්නවා. සුභ දවසක්, සතුටින් ඉන්න.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 985MB DVD RIP Torrent File මෙතැනින් ලබාගන්න
700MB DVD RIP Torrent File මෙතැනින් ලබාගන්න
395MB DVD RIP Torrent File මෙතැනින් ලබාගන්න
850MB Direct Links මෙතැනින් ලබාගන්න




පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 985MB DVD RIP Torrent File මෙතැනින් ලබාගන්න
700MB DVD RIP Torrent File මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගයාන් බුද්ධික ගමගේ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment