The Flowers of War [2011] sinhala subtitle


The Flowers of War [2011] sinhala subtitle
Add to Favorites
The Flowers of War [2011] sinhala subtitle (129 min 45 sec)
07-08-2013 at 07:59 PM
Uploaded by HEDZ

Rating: 5 after 4 votes

English Movies
Favorites: 153 - Views: 17677



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත




  1. Most Popular Subtitles of this Contributor






මාස ගානකට පස්සේ මාව හම්බවෙන්නේ මට මතක විදියට.එකත් සුපුරුදු හින්දි චිත්‍රපටියකින් නම් නෙමෙයි.මේ දවස් වල ටිකක් ගහාමරාගන්න විතරක් ෆිල්ම් බලන නිසා තමයි මේ ෆිල්ම් එකට උපසිරැසි එක කරන්න හැදුවේ.මට මේ චිත්‍රපටිය ගැන දැනට අවුරුද්දකට විතර කලින් අපේ උදාර (රොකියා) තමයි විස්තරේ කිව්වේ.උපසිරැසි ගන්වන්න පුලුවන් නම් වටින එකක් කියලා මට මේ චිත්‍රපටිය ගැන කිව්වා.ඒ කාලේම මේක අරගත්තාත් බලන්න නම් හිතුනේ නෑ.මේ ලගදි දවස අර මම කිව්ව හේතුව නිසා මම මේ චිත්‍රපටිය බලන්න ගත්තාම තමයි හිතුවේ මේකට උපසිරැසි එකක් කරලා දෙන්න තියනවා නම් හොදයි කියලා.එක නිසා හැමෝටම බලන්න පුලුවන් වෙන්න මේක සිංහල උපසිරැසි එක්කම අරන් ආවා.

අපිට මිනිස්සු දැක්ක ගමන් එයාලා හොද මිනිස්සුද නරක මිනිස්සුද කියලා කියන්න පුලුවන්ද? කෙනෙක් ආශ්‍රය කරලා බැලුව පමණින් හෝ කතා කරලා බැලුව පමණින් අපිට මිනිසුන් ගැන තිරණයක් ගන්න බැහැ කියලායි මම නම් හිතන්නේ.ඔබ සමහර විට මේ අයනම් වැඩක් නැහැ කියලා අයින් කරන අයම තමයි කවදා හරි ඔබට විපතක් උනාම පිහිටවෙන්නේ.මම මේ දේ කිව්වේ ෆිල්ම් එක ගැන ඔබට පොඩි වැටහිමක් ඇති කරන්න.ඇත්තටම මේ දේ මේ චිත්‍රපටියෙන් තුලින් ඔයාලාට දැකගන්න පුලුවන්.චිත්‍රපටි කතාව ගැන පොඩි විස්තරයක් කියන්නම් එහෙනම් 1937 දෙසැම්බර් 13 චිකයේ නැන්කින් නගරය ජපන්නුන් විසින් අත්පත් කරගනු ලබනවා.ජපන් හමුදාව විසින් නගරය අල්ලා ගැනිමෙන් අනතුරුව නගරයේ ඉන්න සිවිල් වැසියන් පවා ඝාතනය කරනවා.මේ සිදුවිම් ගැන සත්‍ය විස්තරයක් Wikipedia තුල ඇතුලත් වෙනවා එය Nanking Massacre නමින් හදුන්වනවා.ඒ ගැන විස්තර කැමැති අයට කියවන්න පුලුවන්.මේ චිත්‍රපටිය ඒ සිදුවිම අලලා සැදුනු චිත්‍රපටියක්.මේ චිත්‍රපටියේ දිවෙන කතාව 100%ක් සත්‍ය නොවුනත් මෙහි මතුකරලා තියන ඇතැම් සිදුවිම් නම් සත්‍ය කරුණූ වෙනවා.ආපහු චිත්‍රපටිය ගැන කියනවා නම් ජොන් මිලර් කියන්නේ අවමංගල්‍ය කටයුතු සංවිධායකයෙක් ඔහු නැන්කින් වලට පැමිණෙන්නේ නැන්කින් වල දේවස්ථානයක පියතුමාගේ අවසන් කටයුතු සදහා.නමුත් මේ වෙලාවේ නැන්කින් වල දරුණු යුද්ධයක් පැවතෙන නිසා ඔහුත් යුද්ධයට කොටුවෙනවා.ඔහු කෙසේ හෝ මේ පල්ලිය සොයාගෙන යනවා.මේ පල්ලියට ජපන් හමුදාව විසින් ප්‍රහාර එල්ලකරන්නේ නැහැ.මොහු පල්ලියට යන විට පල්ලියේ ගැණු ළමුන් 13ක් සැගවි ඉන්නවා ජපන් හමුදාවෙන්.කෙසේ වෙතත් අහම්බෙන් මේ යුද්ධයට මැදිවුන ජොන් මිලර්ට හා අර පල්ලියේ සිටින ගැහැණු ළමුන්ට නොහිතන සිද්දින් ගනනකට මුහුණ පාන්න සිදුවෙනවා.ෆිල්ම් එක අනිවාර්යෙන් නරඔන්න අවසානයේ ඔබට සිතන්න දෙයක් වගේම ඇසට කදුළක් නංවන්න සමත් චිත්‍රපටියක් වේවි කියලා මම මේ චිත්‍රපටිය ගැන හිතනවා.

මේ දවස් වල අවුලක් නිසා මගේ අතින් ලිපිය හරියට ලියවුනාද නම් දන්නේ නෑ.කොහොම උනත් කියන්න නම් තියෙන්නේ අනිවාර්යෙන් ඔබ මේ ෆිල්ම් එක අරන් බලන්න.මොකද මේක යුධ කතාවක්ම විතරක් නෙවෙයි යුද්ධය හා බැදුනු සංවේදි කතාවක් මත ගොඩ නැගිලා තියන නිසා ඒ ගැන ඔබට පොඩි අදහසක් ගන්න පුලුවන් චිත්‍රපටියේ ඉහත අප දිලා තියන ට්‍රේලර් එක නැරඹිමෙන්.එහෙනම් චිත්‍රපටිය අරගන්න ඒ වගේම කැමැති නම් අදහසක් කියලා යන්න.හැමෝටම සුභ දවසක්.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 900MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
500MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 900MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment