Olympus Has Fallen [2013] Sinhala subtitle


Olympus Has Fallen [2013] Sinhala subtitle
Add to Favorites
Olympus Has Fallen [2013] Sinhala subtitle (123 min 45 sec)
07-16-2013 at 08:02 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 186 - Views: 23932



Tags:


උපසිරැසි ගැන්වීම: චම්පික ලක්රුවන්




  1. Most Popular Subtitles of this Contributor








කොහොමද යාළුවනේ. ඔන්න ළඟදි නිකුත් වුන තවත් ලස්සන චිත්‍රපටයක් අරං මම ආයෙත් ආවා. මෙදාපාරත් දෙන්නෙ සුපිරි ඇක්ෂන් ගණයේ චිත්‍රපටයක්.ලෝකයේ වැඩිම ආරක්ෂාවක් යොදැ ඇති ගොඩනැගිල්ල කුමක්ද කියලා කෙනෙක් ඇහුවොත් හැමෝම පිළිතුරුදේවි ඇමරිකාවෙ ධවල මන්දිරය කියලා.ඔව් එය තමයි සත්‍ය පිළිතුර. හිතන්නකෝ ඒක ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්වුනා කියලා. හිතන්නත් අමාරුයි නේ?. හැබැයි හිතන්න පුළුවන් කමකුත් තිබෙනවා.මොකද ඇමරිකාවෙ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට පහර දීපු එක සත්‍ය සිදුවීමක්නෙ. මේ කතාවෙ තිබෙන්නෙ ඇමරිකානු ආරක්ෂක අංශය හිතන්නෙවත් නැති විදිහට මුළු ධවල මන්දිරයම ආක්‍රමණය කිරීමක්. අපි දන්න කාරණයක් තමයි ඇමරිකාවට කාලයෙන් කාලයට ත්‍රස්තවාදින් සිටිනවා කියලා. අපි පොඩිකාලෙ ත්‍රස්තවාදීන්
ලෙස ඔවුන් හැඳන්වූයේ ඔසාමා බින්ලාඩන් වැනි මුස්ලිම් සම්භවයක් ඇති පිරිස්. ඒත් අද ඔවුන්ගෙ නවතම ත්‍රස්තවාදීන් වෙලා තිබෙන්නෙ උතුරු කොරියාව. ඇතුම්විට උතුරු කොරියානුවන් ත්‍රස්තවාදීන් ලෙස ඇමරිකානුවන් සැලකීම සාධාරණ වුනත් මම නම් ආසියානුවෙක් විදිහට එය අගය කරන්නෙ නෑ. මොකද ඇමරිකාව තව ටිකෙන් අපටත් ඇම දාන නිසා. මේ කතාවෙ උතුරු කොරියානුවන් කරන සමහර දේවල් වලට මම කැමති වුනත් ඔවුන්ගෙ පහරදීම් ත්‍රස්තවාදී ආකාරක් නිසා මම එකඟ වන්නෙත් නෑ. හැබැයි සමස්ථයක් වශයෙන් කතාව තුල ඇමරිකාව දකුණු කොරියාවට උදව් කිරීමක් බව පෙන්වීමට අධ්‍යක්ෂක වරයි විටින් විට උත්සහ ගන්නවා කතාව නරඹන විට ඔබට තේරේවි. ඉතිං එහෙනම් කතාව ටිකක් කියන්නම්.

ඇමරිකානු ජනාධීපති සඳහා රතු එළිය නිකුත් වෙන්නෙ ධවල මන්දිරය ආක්‍රමණයට කලිං. ඒ ඔවුන් යම් උත්සවයක් සඳහා ගමන් කරන
විට ආකරෂක වාහන අණතුරකට පත්කරමින් ජනාධිපති බිරිඳටත් මරණය ළඟා කරමිනුයි. එහිදි ජනාධිපති ළඟින්ම සිටින ආක්ෂක වන මයික්ට ජනාධිපති ඇරෙන්න ඔහුගෙ බිරිඳ බේරීම සඳහා ක්‍රියාත්මක වීමට සිදුවන්නෙ නෑ. ඉන්පසුව මයික් ඇතුළු ආක්ෂක කණ්ඩායම විසුරුවා හැර මාස 18ක් පමණ ගිය පසුයි මෙම ධවල මන්දිරය ආක්‍රමණය සිදුවන්නෙ.චිත්‍රප යේ නතානායකයා වන්නෙ ආරක්ෂක මයික් බැනිං. ඔහු අහම්බෙන් මෙම මෙහෙයුමට සම්බන්ධ වනවා ඔහු නොසිතූ ආකාරයේ ආයුධ සමඟින් ඔහුට ලොවම නායකයා ලෙස සලකන ඇමරිකානු ජනාධිපත බේරීමට සිදුවනවා. ඉතිං අපි බලමු මේ ආරක්ෂක නියෝජිත මයික් බැනිං ඇමරිකානු ජනාධිපති බේරන විදිහ.

චිත්‍රපටයේ නිර්මාණාත්මක වගකීම අරං තිබෙන්නෙ මිලේනියම් ආයතනයයි. ඇත්තටම මම අපේක්ෂා නොකල සුපිරි චිත්‍රපටයක් බව කිව යුතුයි. චිත්‍රපටයේ ත්‍රිමාණ දර්ශන, වෙඩි හුවමාරු දර්ශන ඉතාමත් තාත්වික ලෙස නිරූපණය කරලා තිබෙන බව කියන්නට පුළුවන්. අවසාන වශයෙන් කිව හැක්කෙ මෙය හුදෙක්ම කතාවක් පමණක් නොවන බවත් යුධ අවස්ථාවන්හි නියම ස්වභාවය නිරූපනය වන සුපිරි ගනයේ චිත්‍රපටයක් බවත්ය. තවද දීලා තිබෙන ඩිරෙක්ට් ලින්කු‍වෙ බැගැනීම් වේගය වැඩිනිසා ටොරන්ට් එක බාගන්න කලිංයෙන් ඩිරෙක්ට් ලිංකුවෙන් බැගැනීමට උත්සහ ගන්න. එහෙනම් තවත් සුපිරි චිත්‍රපටයකින් හමුවෙනතුරු හැමෝටම සුභ දවසක්.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 850MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
400MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
800MB BRRIP Direct Links මෙතැනින් ගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 850MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
400MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චම්පික ලක්රුවන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment