The Road [2009] sinhala subtitle


The Road [2009] sinhala subtitle
Add to Favorites
The Road [2009] sinhala subtitle (111 min 00 sec)
07-23-2013 at 08:10 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 104 - Views: 18442



Tags:


උපසිරැසි ගැන්වීම: නයනපද්ම ලියනගේ




  1. Most Popular Subtitles of this Contributor






පුංවි කාලේ අපි ආසාවෙන්ම(මම නම් මේ වෙනකනුත් කැමතිම​) බලපු චිත්‍රපටි මාලාවක් තමයි The lord of the rings කියන්නේ.ඉතින් ඒකේ ඉන්න ඇරගොන්ව ඔයාලාට අමතක වෙන්න විදිහක් නෑනේ. පොඩි කාලේ එයා අපි ගොඩ දෙනෙක්ගේ වීරයා. B) ඉතින්,අන්න ඒ ඇරගොන්ට පණ පොවන Viggo Mortensen ප්‍රධාන චරිතය රඟපාන චිත්‍රපටයක් තමයි මං අද ඔයාලාට අරගෙන ආවේ.
කාලෙකින් බලපු වෙනස්ම විදිහක චිත්‍රපටියක්. මේක මගේ 7 වෙනි උපසිරැසි ගැන්වීම​. මේ චිත්‍රපටිය Adventure, Drama ගණයට අයත් වෙන චිතපටියක්.IMDB හි ගණනය කිරීමට අනුව 7.3ක අගයක් ලබා ගැනීමට සමත් වෙලා තියනවා. ඒකෙන්ම හිතා ගන්න පුලුවන්නේ මේකේ ගතිය​. තවත් දෙයක් කියන්න තියනවා. ඒ තමයි මේ චිත්‍රපටයට අදාළ ඉංග්‍රීසි උපසිරැසි file එක හොයා ගන්න අමාරු වුණා. මොකද එක එක file වල line ගණන වෙනස් නිසා.ඒ නිසා, Hedz සහෝදරයාගෙන් තමා මේකට නියම උපසිරැසි එක ලබා ගත්තේ. ඒ වෙනුවෙන් Hedz සහෝට ස්තුතිවන්ත වෙනවා.
චිත්‍රපටය ගැන කියනවා නම්,මේක අධ්‍යක්‍ෂණය කරලා තියෙන්නේ, John Hillcoat විසින්.මුලින්ම තිරගත වුණේ 2009 දෙසැම්බර් මාසයේ.මිනිත්තු 111ක් පුර දිවෙන මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Viggo Mortensen. චරිත වැඩිය දකින්න ලැබෙන්නේ නැති චිත්‍රපටයක් කියලා කිවුවොත් නිවැරදියි.
කථාව ගැන කියනවනම්, තාත්තා කෙනෙක් සහ ඔහුගේ පුතෙක් වටා ගෙතුණු කථාවක්.මොකක් හරි විපර්‍යාසයක් නිසා, රටේ ඔක්කොම වගේමිනිස්සු මැරිලා ගිහින්, ගහකොල සතා සීපාවා ඔක්කොම මැරිලා ගිහින්.ගල් පැලෙන තරම් සීතලයි. මේ අතර පණ බේරගත්තු, තාත්තා කෙනෙකුයි පුතෙකුයි උණුසුම සහිත දකුණට ගමන් කරන කථාවක් තමයි තියෙන්නේ. මේ ගොල්ලන්ගේ ආරක්ශාවට ලඟ තියෙන්නේ පිස්තෝලයක් විතරයි.මේ අතර​, මිනී කන මිනිස්සු කල්ලි ගැහිලා සමහර පැති වල සැරිසරනවා. :o මේ ඔක්කොම බාධක වලින් බේරිලා මේ දෙන්නා දකුණට ගමන් කරනවා. මෙහෙම යන ගමන කොහොම එකක් වේවිද​? මේ ගොල්ලන්ට මොන වගේ බාධක වලට මුහුණ දෙන්න වෙයිද​? ඉතින්, මං කියනවාට වඩා හොඳයිනේ ඔයාලම කථාව බැලුවා නම්....



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න




පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නයනපද්ම ලියනගේ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment