Saawariya (2007) Sinhala subtitle


Saawariya (2007) Sinhala subtitle
Add to Favorites
Saawariya (2007) Sinhala subtitle (142 min 14 sec)
08-30-2013 at 09:34 AM
Uploaded by HEDZ

Rating: 5 after 5 votes

Hindi Movies
Favorites: 134 - Views: 24115



Tags:


උපසිරැසි ගැන්වීම: චමීර අබේසිංහ







කොහොමද අපේ යාලුවන්ට.. ඔන්න ආයෙමත් හින්දි චිත්‍රපටයක් අරගෙන ආවා.. හැබැයි ඉතින් මේකත් ටිකක් විතර පරණ චිත්‍රපටියක්.. කට්ටිය මට බනියිද දන්නෙ නෑ නේ පරණ ඒවම අරන් එනවා කියලා... මොනා කරන්න ද අලුතෙන් එන ඒවට අපේ උපසි‍රැසි කණ්ඩායමේ මගේ සහෝදර සහෝදරියන්ගෙන් සු‍ටුස් ගාලා සබ් ලැබෙනවනෙ.. කොහොම උනත් මම වැඩියෙන්ම කැමතිත් පරණ ඒවටම කරන්න මොකද ඉඩ ලැබෙන වෙලාවට තමයි සබ් එකක් කරන්න වෙන්නේ ඉතින් පරණ එකක් උනාම වැඩි කලබලයක් නැතුව නිදහසේ කරන්න පුලුවන් හින්දා.. හරි හරි ඔන්න මං ගැන ඇති.. කෙලින්ම චිත්‍රපටියට බහිමුනේ දැන්.. මේක ටිකක් පරණ උනාට මම හිතන්නේ ගොඩාක් දෙනෙක් බලලා නැතුව ඇති කියලා... මොකද මම දන්න විදිහට මේක කිසිම රූපවාහිනී නාලිකාවකවත් විකාශය නොවුනු එකක්.. ඔන්න ඉතින් දැන් ඔයාලට කිරි කිරි වගේ බලන්න පුලුවන්.. 2007 දී තිරගත වුනු මේක දේව්දාස්, බ්ලැක් වගේ සුපිරි ගණයේ චිත්‍රපට හදපු සංජය ලීලා බන්සායි ගේ වැඩක්.. ඒ වගේම පසුගිය වසර දෙකේදිම හොදම නළුවා සම්මානය දිනපු (Rockstar, Barfi!) චිත්‍රපට වල රඟපාපු Rabir Kapoor ගේ පලවෙනි චිත්‍රපටය.. ඒ වගේම අපි මීට කලින් දුන්න I Hate Luv Storys චිත්‍රපටයේ රඟපාපු Sonam kapoor ගේත් පලවෙනි චිත්‍රපටය... තව අපි හොදට දන්න කියන නළුවෙකුත් ඔන්න කථාව මැදින් ඔළුව දාලා මාර විජ්ජුම්බරයක් කරලා යනවා.... තව විශේෂිත දෙයක් දෙයක් තියෙනවා මේ ගැන කියන්න ඒ තමයි මේකේ පසුතල දර්ශන ගැන... වෙනස්ම විදිහේ පසුතලයන් තමයි මේකේ යොදාගෙන තියෙන්නේ.. ඔයාලම බලන්නකෝ කොහොමද කියලා... ඒ වගේම මේකේ සිංදු ටික නම් ඔයාලා අනිවාර්යෙන්ම අහලා තියෙන බව නම් මට විශ්වාසයි.. මොකද ඒ තරමටම ඒවා අපේ රටෙත් ජනප්‍රිය උනා... ඔන්න ඉතින් ඒවටත් පිණි බිංදුව වගේ උපසි‍රැසි ගන්වලා ඇති.. ඔයාලා කොහොමත් දන්නවනේ සූම් අපේ බාග වැඩ නෑ කියලා... ඉතින් අද මම කථාව ගැන නොකියා ඉන්නයි හැදුවේ... මේච්චරක් විතරක් කියන්නම් මේක ආදර කථාවක්.. හැබැයි ටිකක් වෙනස් විදිහේ.. ඒ ඇති නේද.. ඉතුරු ටික ඔයාලට බාරයි.. ඔයාලම බලන්නකෝ කොහොමද කියලා.. එහෙනම් මම කැපුනා.. හැමෝටම ජය හා සතුට..!!

සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 900MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 600MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චමීර අබේසිංහ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment