Raanjhanaa (2013) Sinhala Subtitles


Raanjhanaa (2013) Sinhala Subtitles
Add to Favorites
Raanjhanaa (2013) Sinhala Subtitles (152 min 21 sec)
09-01-2013 at 10:18 PM
Uploaded by HEDZ

Rating: 4.75 after 4 votes

Hindi Movies
Favorites: 169 - Views: 31015



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත හා ගයාන් බුද්ධික ගමගේ






මාසයකටත් අධික කාලයක් තිස්සේ තිබූ නිහැඬියාව මකා දමමින් නැවතත් zoom.lk වෙබ් අඩවිය සුවහසක් වූ චිත්‍රපට රසික රසිකාවියන් වෙනුවෙන් නැවත විවෘත වී තිබීම පිළිබඳව මුලින්ම මාගේ හෘදයාන්ගම සුභපැතුම් එක් කරන්නට කැමතියි. මෙම වෙබ් අඩවිය මෙලෙසින් නැවතත් දියත් කිරීමෙහිලා ඇප කැප වී නිහඬව මහඟු සේවයක් කරන වෙබ් අඩවියේ ඇඩ්මින් තුමන්ට හදවතින්ම ස්තූතිවන්ත වෙන්නත් මෙය අවස්තාවක් කරගන්නවා.

මේ චිත්‍රපටිය නිකුත් වෙලා නම් දැන් බොහොම කාලයක් වෙනවා. ඒත් වෙබ් අඩවියේ ඇති වී තිබුන ගැටලු නිසා මේක දෙන්න ටිකක් පරක්කු වුනා, ටිකක් කිව්වට ගොඩක්. ඒගැන මුලින්ම සමාව ඉල්ලනවා.IMDB දර්ශකයේ 7.7 ක ඉහළ අගයක් සනිටුහන් කරගෙන තිබෙන මේ චිත්‍රපටය Aanand Rai කියන අධ්‍යක්ෂක වරයාගේ නිර්මාණයක්. 3 දමිළ චිත්‍රපටයෙන් ලෝකයම කැලඹූ සුපිරි නළු Dhanush සමගින් Saawariya, I Hate Luv Storys, Players, චිත්‍රපටයන් හි රංගනයෙන් දායක වුන සුරූපී නිළි Sonam Kapoor මෙහි ප්‍රධාන නළු නිළි යුවළ වශයෙන් රංගනයෙක් දායක වෙලා තියෙනවා.මේක Dhanush ගේ ප්‍රථම හින්දි චිත්‍රපට රංගනය.

කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම්කෝ. කුන්දන් (Dhanush) කියන්නේ බනාරාස් වල දුප්පත් හින්දු පවුලක ටිකක් දඟකාර ළමයෙක්. මෙයා කුඩා කාලයේ ඉඳන්ම ආදරය කරන්න ගන්නවා මුස්ලීම් පවුලකලස්සන ගෑණු ළමයෙකුට, එයා සෝයා (Sonam Kapoor) , එයා යමක් කමක් තියෙන පවුලක ළමයෙක්.කුන්දන් පාසල් වියේ ඉඳන්ම සෝයා පස්සෙන් යනවා ආදරය ඉල්ලගෙන. ඒ හැම වතාවකදිම එයාට සෝයාගෙන් ලැබෙන්නේ බොහෝම රසවත් කම්මුල් පාරක්. ඔයාලා බලනව ඇති කම්මුල් පාරක් කොහොමද රසවත් වෙන්නෙ කියලා.අපිට කොහොම වෙතත් කුන්දන්ට ඒක හරිම සුන්දර රසවත් දෙයක්. ඉතින් ඔහොම ගිහින් සෑහෙන දේවල් කරල (ඔයාලම බලාගන්නකෝ ඒ මොනවද කියල) සෝයාගේ ආදරය ලබා ගන්නවා. හැබැයි ඒ ආදරේට බොහොම ටිකයි, සෝයාගෙ ගෙදරින් මේක දැනගත්තම ‍ආගම් ප්‍රශ්නය නිසා ‍මේකට ගොඩක් විරුද්ද වෙලා සෝයව වෙනත් නගරයකට යවනවා ඉගෙන ගන්න.

සෝයා තමන්ගෙ නගරයේ නැති වුනත් කුන්දන් සෝයාව අමතක කරන්නෙ නෑ. කුන්දන්ගේහිතේ ඉන්නේ සෝයා විතරමයි. සෝයා අවුරුදු 8කට පස්සේ ආයෙමත් කුන්දන් ඉන්න බනාරස් වලට එනවා.කුන්දන් යනවා තමන්ගෙ යාලුවා මුරාරිත් එක්ක ස්ටේෂන් එකට සෝයාව පිළිගන්න. හැබැයි බනාරස් වලින් ගිය සෝයා නෙවෙයි ආපහු එන්නේ. සෝයා කුන්දන්ව අඳුර ගන්නෙවත් නෑ. එතනින් එහාට
කතාවේ ගොඩක් දේවල් වෙනවා. කුන්දන්ගෙයි සෝයා ගෙයි ආදරකතාව කොහොම නිම වෙයිද කියල ඔයාලම බලා ගන්න.

තව දෙයක් මේක මගේ 10 වෙනි උපසිරැසි ගැන්වීම. 10 වෙනි එක අපේ හින්දි ප්‍රොෆෙසර් දර්ශන අයියත් එක්ක කරන්න ලැබීම මා ලැබූ ලොකු භාග්‍යක් කොට සලකනවා. දර්ශන අයියාටත් ස්තූතිවන්ත වෙන ගමන් මා සමුගන්නවා තවත් චිත්‍රපටියක් සමගින් ලඟදීම හමුවෙන බලාපොරොත්තුවෙන්. ඔබට සුභ දවසක්. සතුටින් ඉන්න




DVDRIP හා WEBRIP දෙවර්ගයටම උපසිරැසි ලබා දි ඇති අතර කැමැති පිටපතට ආදාල උපසිරැසි ලබාගන්න.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1GB DVD RIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVD RIP Torrent File එක මෙතැනින් ලබාගන්න
500MB DVD RIP Torrent File එක මෙතැනින් ලබාගන්න
800MB WEBRIP Direct Link මෙතැනින් ලබාගන්න




පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

720P 1GB DVD RIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVD RIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත පීරිස් හා ගයාන් බුද්ධික ගමගේ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment