Yeh Jawaani Hai Deewani (2013) Sinhala subtitle


Yeh Jawaani Hai Deewani (2013) Sinhala subtitle
Add to Favorites
Yeh Jawaani Hai Deewani (2013) Sinhala subtitle (152 min 35 sec)
09-07-2013 at 08:23 PM
Uploaded by HEDZ

Rating: 5 after 10 votes

Hindi Movies
Favorites: 246 - Views: 52054



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත හා ගයාන් බුද්ධික ගමගේ






මතකද අපි දුන්න Ekk Deewana Tha? මම ඒ චිත්‍රපටිය මතක් කරන්න හේතුවක් උනේ ඒ චිත්‍රපටියේද කිසිම හින්දි ගිතයක ඉංග්‍රිසි උපසිරැසියක් හෝ අංකන දත්ත පිටපතක් නොමැතිව අප පරිවර්තනය කලා.අද මේ චිත්‍රපටියෙත් අපි ඒ අභියෝගය ජයගත්තා.මේ වගේ ෆිල්ම් එකක සිංදු ටිකට උපසිරැසි නොදැම්මොත් ලොකු අඩුවක් නේ.හැබැයි මොනා කරන්නද මේකේ ඉංග්‍රිසි පිටපතේ කිසිදු ගිතයක උපසිරැසි ඇතුලත් උනේ නෑ.එහෙම කියලා සිංදු අතහරින්නද? බැනේ. ඔයාලා වෙනුවෙන් පැය 10ක් පමණ වෙහෙස වෙලා අංකන දත්ත පිටපත් හදලා සම්පුර්ණ පරිවර්තන කිරිමක් සිද්ද කලා.අපේ වැඩේ සාර්ථකද කියලා බලන එක ඔයාලා අතේ. මේ චිත්‍රපටියේ එක් ගිතයක් හැරෙන්න Balam Pichkari,Badtameez Dil,Dilliwali Girlfriend,Ilahi,Kabira,Subhanallah යන ගීත සියල්ල සිංහල උපසිරැසි ගන්වලා තියෙන්නේ . මෙහි එක් සිංදුවක් වැරදිමකින් idx කරද්දි නැති උනා.සේව් කරපු ෆයිල් එකක් නොතිබුන නිසා Ghagra සිංදුවට උපසිරැසි කරගන්න බැරි උනා.ආපහු ටයිම් ලයින් හදලා දාන්න ගියොත් තවත් පරක්කු වෙන නිසා.මේ ටිකත් එක්ක ගෙනවා.ඇත්තටම මගේ එක්ක රෑ නිදිමරාගෙන පාන්දර 2.30විතර වෙනකම් හිටපු ගයාන් බුද්ධිකටත් ගොඩක් ස්තුතියි.අපිට සමහර සිංදු
පරිවර්තනය කරගන්න බැරුව හෙන කට්ටක් කෑවා. .සිංදු ටිකක බලලා අනිවාර්යෙන් අදහසක් කියන්න. තව දෙයක් කිප දෙනෙක් ආශිකි චිත්‍රපටියේ චිත්‍රපටිය ඉවර උනාම යන අන්තිම සිංදුවට උපසිරැසි දෙන්න කිව්වා අවසනවාට BR RIP පිටපතේ නම් එහෙම ගිතයක් තිබුනේ නෑ. නැත්නම් ලස්සන සිංදුවක් නම් එහෙම උපසිරැසි නොදි අරින්නේ නෑ.එහෙනම් මේ සිංදු ටික රසවිදින්න වගේම අදහසක් කියන්න කියලා ආපහු ඉල්ලනවා. දැන් චිත්‍රපටිය පැත්තට හැරෙමු..


එතෙක් මෙතෙක් බොලිවුඩයේ තිරගත වූ සිය දහස් ගණනක් වූ චිත්‍රපට අතුරින් වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපට ලැයිස්තුවේ 4 වෙනි ස්ථානය හිමිකර ගත් සුපිරි සිනමා සිත්තමයි ''Yeh Jawaani Hai Deewani'' (යේ ජවානී හේ දිවානී). මෙම චිත්‍රපටය ලොවපුරා ප්‍රදර්ශනය වූ කෙටි කාලය තුළ කොටි 300 සීමාව ඉක්මවා යාමට සමත්ව තිබෙනවා. ‍‍ඉදිරියේදී මෙම ආදායම තවත් බොහෝ අගයකින් ඉහළ යනු ඇතැයි අපේක්ශා කරන්න පුලුවන්. වැඩිම ආදායමක් උපයාගත් මෙම චිත්‍රපට ලැයිස්තුවේ ප්‍රථම ස්ථාන 03 පිළිවෙලින් Chennai Express, 3 Idiots, Ek Tha Tiger යන චිත්‍රපට ත්‍රිත්වයට ලැබී තිබෙනවා.

Wake Up Sid චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා සහ තිරපිටපත් රචකයා ලෙස කටයුතු කළ Ayan Mukherjee ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවූ Yeh Jawaani Hai Deewani චිත්‍රපටය Dharma Productions ආයතනයේ නිෂ්පාදනයක්. Drama | Musical | Romance යන වර්ගීකරණයන්ට අයත් වෙන මෙම සිනමා කෘතියට ලැබී ඇති IMDB අගය 6.5ක්.

ප්‍රධාන නළු නිළි දෙපළ ලෙසින් බොලිවුඩයම කැළඹූ සුපිරි තරු දෙකක් එක් වී තිබෙනවා. ඒ Saawariya, Bachna Ae Haseeno, Wake Up Sid, Anjaana Anjaani, RockStar, Barfi! වැනි අතිෂය ජනප්‍රිය වූ චිත්‍රපට ගොන්නක රඟ පෑ Ranbir Kapoor සහ Om Shanti Om, Love Aaj Kal, Karthik Calling Karthik, Housefull, Cocktail වැනි ඉමහත් ජනාදරයට පත් චිත්‍රපට රාශියක රංගනයෙන් දායක වූ Deepika Padukone ය. ඒ වගේම සහය නළු නිළි දෙපළත් අමතක කරන්නම බෑ. Aashiqui 2 චිත්‍රපටයෙන් රසික ජනාදරයට පත් Aditya Roy Kapoor සමගින් Zindagi Na Milegi Dobara, Ek Thi Daayan වැනි චිත්‍රපට වලින් ප්‍රේක්ෂක හඳ බැඳගත් Kalki Koechlin සහය නළු නිළි දෙපළ ලෙස රංගන කාර්යයේ නියැලෙනවා.

චිත්‍රපටිය ගැන වැඩි කතාවක් කියන්නේ නෑ ආදර කතා විස්තර කියනවාට වඩා බලලාම ඉන්නකෝ.




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1.3GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
400MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1.3GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
400MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත පීරිස් හා ගයාන් බුද්ධික ගමගේ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment