Mariyaan (2013) Sinhala Subtitles


Mariyaan (2013) Sinhala Subtitles
Add to Favorites
Mariyaan (2013) Sinhala Subtitles (145 min 28 sec)
09-12-2013 at 08:50 AM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

Tamil Movies
Favorites: 58 - Views: 8488



Tags:


උපසිරැසි ගැන්වීම: සුපුන් වීරසිංහ




  1. Most Popular Subtitles of this Contributor









කොහොමද යාලුවනේ! ඔන්න මම මගේ දෙවැනි උපසිරැසි නිර්මාණයත් අරගෙන ආවා. පලමුවෙනි එක Boss Engira Baskaran. මේක මට කරන්න කියලා බාරදුන්නෙ HEDZ සහෝ.ඇත්තටම මම හැමදාමත් ආසා කරපු Zoom සයිට් එකට මේ විදියට සබ් කරලා දෙන්න ලැබුනු එක මගේ ලොකු භාඟ්‍යක්. මේක ආදර කතා වලට ආස කරන අයට ගැලපෙන සුපිරිම ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්.

චිත්‍රපටය ගැන කියනවනම් 2013 ජූලි 19 වන් දින තමයි මේක නිකුත් වෙලා තියෙන්නෙ. IMDB දර්ශකයේ 7.6ක අගයක් ලබාගන්නත් මෙය සමත් වෙලා තියෙනවා. මේක අධ්‍යක්ශණය කරලා තියෙන්නෙ බාරත් බාලා විසිනුයි. සංගීත අධ්‍යක්ශණය කරලා තියෙන්නෙ සුපිරි සංගීත අධ්‍යක්ශක A.R Rahman විසින්. මෙහි රංගනය වෙනුවෙන් Dhanush,Parwathi menon,salim kumar හා තවත් නලු නිලියන් රැසක් දායක වී තිබෙනවා.

කතාව ගැන කියනවනම්, මරියාන්(Dhanush) කියන්නෙ ධීවර ගම්මානයක ඉන්න ධීවරයෙක්. පනිමලර් කියන්නෙ මරියාන්ට පිස්සු වැටිලා ඉන්න කෙල්ලෙක්. මරියාන් දක්ශ මාලු අල්ලන්නෙක්. මෙයාට කියන්නෙ මුහුදෙ රජු කියලා. ඒත් මෙයාගෙ අම්ම කැමති නෑ මෙයා මාලු අල්ලන එකට. ඒ වගේ විවිධ ප්‍රශ්ණ නිසා සූඩානයේ රැකියාවකට පිටත් වෙනවා. ඊට පස්සෙ මෙයා සූඩානයේ ඉදලා ආපහු එද්දි ත්‍රස්තවාදියොන්ට හසු වෙනවා. ඔක්කොම කිව්වොත් ගතියක් නෑනේ ඒක නිසා මේක අනිවාර්යෙන්ම බලන්න. දනුශ් කියන්නෙ අපි හැමෝම ආසා කරන කෙනෙක්නෙ. මෙයාගෙ රඟපෑම් ගැන කියන්න දෙයක් නෑනේ.

මේකෙ තියෙන සිංදුත් හැම එකක්ම පරිවර්තනය කලා. ආදරය ගැන අත්දැකීමක් නැති නිසා ඒවට යොදපු වචන වල කිසිම රොමෑන්ටික් ගතියක් නෑ. ඒකට සමාවෙන්න ඕනෙ.මේකෙ එක තැනක් තියෙනවා එයාලගෙ ධීවරයන්ව ලංකාවෙ අය මරනවා කියලා පෙන්වන ෆිල්ම් එකේම කොටසක්. හැමෝම දන්නවනෙ ඇත්ත මොකද්ද කියලා. පහුගිය දවස් වල ඒක ඔප්පු වුනානෙ. මේක නිසා ෆිල්ම් එකනම් නොබලා ඉන්න එපා. මේක මාර ලස්සන කතාවක්. තවත් උපසිරැසියකින් හමුවන තෙක් ඔබට ජය.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුපුන් වීරසිංහ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment