Ghanchakkar (2013) sinhala subtitle


Ghanchakkar (2013) sinhala subtitle
Add to Favorites
Ghanchakkar (2013) sinhala subtitle (130 min 58 sec)
09-17-2013 at 09:38 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

Hindi Movies
Favorites: 137 - Views: 22228



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්




  1. Most Popular Subtitles of this Contributor






2011 සැප්තැම්බර් මාසේ 28 වැනිදා Murder 2 චිත්‍රපටිය තිළිණ කරමින් හින්දි චිත්‍රපටි ලබා දෙන්න පටන්ගත්ත සුම් අඩවිය අද හින්දි චිත්‍රපටිවල 100වැනි චිත්‍රපටිය ලබා දෙන්නයි හදන්නේ.අහම්බෙන් වගේ 1වැනි චිත්‍රපටිය පටන් ගන තියෙන්නෙත් ඉම්රාන් හෂ්මිගේ චිත්‍රපටියකින් වගේම අද මේ දෙන 100වැනි චිත්‍රපටියත් ඉම්රාන් හෂ්මි රඟපාන චිත්‍රපටියක්ම තමයි දෙන්නේ. වෙබ් අඩවියේ සම්ස්ථ ලබා දිලා තියන උපසිරැසි ගාන එකක් සැසැදුවාම 12%ක් වගේ තමයි හින්දි චිත්‍රපටි දිලා තියෙන්නේ. නමුත් ඩවුන්ලොඩ් අගයන් හී 21.5%ක්ම වෙන්වෙලා තියෙන්නේ හින්දි වලට.අපේ කට්ටිය හින්දි චිත්‍රපටි වලට කැමැති ඉල්ලුම එකෙන්ම හිතාගන්න පුලුවන්නේ. මේ හින්දි චිත්‍රපටි 100අතරට මගේ දායකත්වයෙන් චිත්‍රපටි 36ක්ම දිලා තියෙනවා.එකත් සතුටට කාරණාවක්. එහෙනම් දිලා තියන හින්දි චිත්‍රපටි 100 ගැනම විස්තරයක් වගේම චිත්‍රපටි ටික මෙතැනින් බලාගන්නකෝ..

මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරනු ලැබුවේ No One Killed Jessica (2011) වැනි චිත්‍රපටි අධ්‍යක්ෂනය කරනු ලැබු
Raj Kumar විසින් වන අතර.චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට පණපොවන්නේ Jannat 2 [2012],Raaz 3 [2012],Raaz 2 [2011],Shanghai [2012],Murder 2 [2011],Awaarapan [2007],Rush [2012] චිත්‍රපටි වල රගපෑ ඊම්රාන් හෂ්මි විසින් වන අතර.නිළිය ලෙස විද්‍යාබාලන් රංගනයෙන් දායක වෙනවා.

හරි එහෙනම් දැන් කතාවට බහිමු.නැතන්ම කතාව කියන්න අමතක වෙන්න තිබ්බා.ඇත්තටම අපිට මොනා හරි දෙයක් අමතක උනොත් මොනා වෙයිද?මතක් කරගන්නම බැරි උනොත්.ඒ අමතක උන දේ කෝටි 300ක් වටින දෙයක් උනොත්.ඔයාලවත් පටලවන්නේ නැතුව මම කතාව කියන්නම් කෝ සංජු කියන්නේ පළපුරුදු හොරෙක්.මොහු සහා තව දෙන්නෙක් එකතුවෙලා බැංකුවක් මංකොල්ල කනවා.එසේ මේසේ ගානක් නෙමෙයි කෝටි 300ක්.මේ අය මේක කලාට පස්සේ කතා කරගන්නවා මාස 3කින් හම්බවෙලා මුදල් බෙදාගන්න.එතකම් සල්ලි පරිස්සමට අරන් තියාගන්න දෙන්නේ සංජුට.මොකද එක පාරම කොල්ලකාපු ගමන්ම සල්ලි බෙදාගන්නත් බෑනේ.පොලිසියෙන් පවා හොයනවානේ.කොහොමින් හරි මාස 3ක් ගතවෙලා යනවා.එත් ඒ කාලේ තුල මහා අවසනාවන්ත වැඩක් සිද්දවෙනවා සංජුට සිදුවන අනතුරකින් අතිතේ දේවල් අමතකවෙලා යනවා.දැන් සංජුට මතක නෑ සල්ලි කොහේද තිබ්බේ කියලා.හැබැයි මෙයා එක්ක බැංකුව කොල්ල කාපු අනිත් දෙන්නා නම් හිතන්නේ සංජු මේ බොරුවක් කරනවා කියලා.ඇත්තටම සංජු බොරුවක් කරනවාද නැත්නම් ඇත්තටම අමතක විමේ ලේඩක් සංජුට තියනවාද? මේ ගැන දැනගන්න අනිවාර්යෙන් ෆිල්ම් එක බලන්න.මේ චිත්‍රපටියේ පොඩි විශේෂත්වයකුත් තියනවා.අවසානය දුකක් උනත් ඔබට සිනහාවකුත් නැගෙන අවසානයක් ගෙන්න පුලුවන් උනොත් කොහොමට තියේවිද?මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂක වරයා අන්න ඒ වෙනසත් මේ චිත්‍රපටියේ කරලා තියනවා කිව්වොත් නිවැරිදියි.ඔබව කුතුහලයෙන් සිනහාවෙන් පුරවන්න මේ චිත්‍රපටිය සමත්වෙයි කියලා මම හිතනවා.


අමතක උනානේ කියන්න මේ මගේ 49වැනි උපසිරැසිය.එහෙනම් අර්ධ ශතකයත් එක්ක හමුවෙමු.එහෙනම් හැමෝටම දේවල් අමතක නොවෙන හැමදේම කලින්ටත් වඩා හොදට මතක් වෙන දවසක් වේවා.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 980MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
380MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 980MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
380MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත පීරිස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment