After Earth (2013) Sinhala Subtitles


After Earth (2013) Sinhala Subtitles
Add to Favorites
After Earth (2013) Sinhala Subtitles (95 min 36 sec)
09-20-2013 at 11:38 AM
Uploaded by HEDZ

Rating: 5 after 5 votes

English Movies
Favorites: 143 - Views: 34063



Tags:


උපසිරැසි ගැන්වීම: චම්පික ලක්රුවන්




  1. Most Popular Subtitles of this Contributor







ඔන්න හැමෝම බලං හිටපු ලස්ස චිත්‍රපටයක් දෙන්නයි දැන් සූදානම. මම හිතන්නෙ ඔයාලා මේ චිත්‍රපටය එනකං ඇඟිලි ගැන ගැන ඉන්න ඇති නේද. මමත් එහෙමයි, මම මීට කලිනුත් ඔයාලාට කියලා ඇති විල් ස්මිත් කියන්නෙ මගෙ ජීවිතේ ආසම නළුවා කියලා, මේ චිත්‍රපටය උපසිරැසි කරන්නත් මම භාරගත්තෙ ඔහු රංගනයෙන් දායක වන නිසයි. නිකමට හිතන්න අපේ පෘථිවියට පිටසක්වන ජීවී ප්‍රහාරයක් එල්ලවුනොත් අපි මොකද කරන්නෙ කියලා, ඇත්තටම කරකියා ගන්න බැරිවෙනවානෙ ඒකනෙ ඇත්ත කතාව, වෙන ලෝකයක් හොයාගත්තා කියලා අපිට ඕන විදිහට ඒ ලෝකෙ ඉන්න ලැබෙයිද? නෑනෙ, ඒ ලෝකෙ ඉන්න සත්තුන්ගෙන් අපිට අනවශ්‍ය බලපෑම් එල්ලවෙනවා, ඉතිං මේකතාවත් එහෙම එකක්. කතාව ගැන මම වෙනම සඳහනක් කරන්නම් ඊට කලියෙන් මේ කතාවෙ පොඩි විශේෂත්වයක් තියෙනවා ඒ තමයි මෙහි වැඩිමහල් චරිතය කරන ප්‍රධාන නළුවා විල් ස්මිත්ගේ පුත්‍ර රත්නයත් මෙම චිත්‍රපටයේ ප්‍රධානම චරිතය කිරීම, මීට කලින් ඇතැම් විට ඔබ ඔහු කරාටේ කිඩ් 2010 චිත්‍රපටයෙන් දැකගන්න ඇති. මම හිතන්නෙ නම් විල් ස්මිත් වගේම ඔහුගෙ පුතාත් ලොව සිනමා ලෝකය හොල්ලන්න කරලිටය ඇවිත් කියලයි.

මෙහි කතාව වන්නෙ මේකයි, මෙලෝකෙ බොහෝ මිනිසුන් පරිසරයට ආදරේ කරන්නෙ නෑනෙ, ඉතිං ඒ වගේ අය නිසා ලෝකෙ මිනිසුන්ට වාසය සඳහා හිතකර ස්ථානයක් නොවීමට එවකට පෘථිවිය පත්වෙනවා, එනිසාම මිනිසුන් කරන්නෙ වෙනත් ලෝකයක් කරා සියල්ලෝම යනවා. ඒත් එතනින් ඔවුන්ගෙ කරදරේ ඉවර වන්නෙ නෑ, මිනිසුන්ට එම ලෝකයේදී පිටසක්වල ප්‍රහාරයන්ට මුහුණ දෙන්න සිදුවනවා, ඔවුන්ට තම වර්ගයා රැකගන්න තව වෙනත් ලෝකයක් සොයා යෑමට සිදුවනවා, එයට මුහුනදීම සඳහා මොවුන් පූර්ව පරීක්ෂණයක් පැවැත්වීමට යන අතරතුර අනපේක්ෂිත අයුරින් අණතුරකට මුහුන පාන්නට සිදුවනවා, ඒ මොවුන් කවදාවත් නොසිතූ අවකාශයේ ලෝක අතරින් භයානකම ලෝකයට තම යානය කඩාගෙන වැටීමයි, ඉතිං මොවුන් කොහොමද මේතැනින් ගොඩ එන්නෙ?, මොකද්ද මේ ලෝකය? අපි දන්න ලෝකයක්ද? යානයේ කීදෙනෙක් බේරෙයිද? ඒ ලෝකයේ සත්වයින්ගෙන් මොවුන් බේරයිද?මේ සියල්ලම චිත්‍රපටය බලලාම රසවිඳින්න.

තව පොඩි දේවල් ටිකක් තියෙනවා කියන්න, මේ චිත්‍රපයට නිපදවලා තියෙන්නෙ අපි කවුරුත් දන්න කොලුම්බියා පික්චර්ස් ආයතනයයි, ඇත්තටම IMDb රේටින් වල නම් පොඩි අඩුවක් පෙනුනට මට නම් 6.5 ක වගේ හොඳ රේටිං ප්‍රමාණයක චිත්‍රපටයක් විදිහට තමයි මේක පෙනුනෙ. එමෙන්ම කෙනෙක්ට හිතෙන්න පුලුවන් චිත්‍රපටයේ හොඳ කොපියක් නිකුත්වෙලත් පරක්කුවෙලා දුන්නෙ ඇයි කියලා, ඇත්තටම මම සූම් වෙබ් අඩවියේ වෙබ් රිප් කොපි දෙන ත්‍රේඩ් දැක්කාම ඒවයි කමෙන්ට් වල ගොඩක්ම තිබුනෙ දීලා තියෙන කොපිය ගුණාතමකද කියලයි. ඇත්තටම ඒ තියෙන සැකය නිසාම ගොඩක් අය චිත්‍රපටය අරගෙනත් තිබුනෙ නෑ. ඉතිං අන්තර්ජාලයට හොඳයි කියලා පිලිගන්න පුළුවන් හොඳ කොපියක් එනකං බලං ඉඳලා තමයි මම මේ උපසිරැසිය කරේ. ඒක නිසා Bluray කොපියක් එනකම්ම ඉදලා චිත්‍රපටිය නිකුත් කලා.,එමනිසා කට්ටිය බයක් නැතුව චිත්‍රපටය බාගනීවි කියලා හිතනවා, එහෙනම් තවත් මේ වගේ හොඳ උපසිරැසියක් අරගෙන එනකං හැමෝටම සුභ දවසක්.




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.44GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
550MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
800MB BRRIP Direct Links මෙතැනින් ගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චම්පික ලක්රුවන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment