Lootera (लूटेरा) (2013) with sinhala subtitle


Lootera (लूटेरा) (2013) with sinhala subtitle
Add to Favorites
Lootera (लूटेरा) (2013) with sinhala subtitle (135 min 12 sec)
09-23-2013 at 10:54 AM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

Hindi Movies
Favorites: 111 - Views: 22093



Tags:


උපසිරැසි ගැන්වීම: ගයාන් බුද්ධික ගමගේ







ඔන්න තවත් සුපිරි සිනමා සිත්තමකින් ඔබ හමුවෙන්න ආවා. මීට දින කිහිපයකට කලින් තමයි මේකෙ හොඳ පිටපතක් නිකුත් වුනේ. මම ඊයේ රෑ නිදි මරාගෙන මේක උපසිරැසි ගැන්නුවා අද උදේ කොහෙම හරි ඔයාලට දෙන්න ඕන නිසා. චිත්‍රපටිය තමයි Lootera (2013). මේක මම ඇහැ ගහගෙනම හිටපු චිත්‍රපටයක්. අනිවාර්යෙන් මම සබ් දෙනවා කියල හිතාගෙන හිටියේ. IMDB දර්ෂක අගය 7.4ක් විදියට තමයි වාර්තා වෙන්නෙ. ඒකෙන්ම ඔබට චිත්‍රපටියෙ තත්ත්වය ගන අදහසක් ගන්න පුලුවන් වෙයි කියල හිතනවා. අධ්‍යක්ෂකවරයා Vikramaditya Motwane. ඔහු තමයි Udaan (2010) චිත්‍රපටයෙත් අධ්‍යක්ෂකවරයා. ප්‍රධාන චරිත විදියට Ladies vs. Ricky Bahl චිත්‍රපටයෙ රංගනයෙන් දායක වෙච්ච Ranveer Singh සමගින් Dabangg (2010), Dabangg 2 (2012), Rowdy Rathore (2012), Joker (2012) වගේ අතිෂය ජනප්‍රිය චිත්‍රපටි ගණනාවකම රඟපාපු සුරූපී නිළි Sonakshi Sinha රංගනයෙන් දායක වෙනවා.

1953 වගේ කාලෙක වෙන සිද්දි දාමයක් වටා තමයි කතාව ගෙතිල තියෙන්නෙ. මාණික්පූර් කියන ගමට වරුන් ශ්‍රීවාස්තව් කියන පුරාවිද්‍යාඥයා එනව කැණීම් කරන්න. ඉතින් එයා තමන්ගෙ සහායකයත් එක්ක නවාතැන් ගන්නෙ කියන ගමේ පිළිගත් ප්‍රතිරූපයක් තියෙන ධනවත් පුද්ගලයෙක් වෙච්ච සමීන්දාර් මහත්මයගෙ ගෙදර. වරුන්ව සමීන්දාර්ට හොඳටම හිතට අල්ලනව. මේ කාලෙදි රජයෙන් ගේනව පනතක් වැඩිපුර තියෙන දේපළ රජයට පවරාගන්න. සමීන්දාර් මේ පනත නිසා ගොඩක් අසරණ වෙනවා. මෙ‍තනදිත් සමීන්දාර්ට උදව් කරන්නෙ වරුන් තමයි. සමීන්දාරට ඉන්නව දුවෙක් එයා තමයි පාකී. පාකී නිතර නිතර උත්සන්න වෙන රෝගයකින් පෙළෙන කෙනෙක්. මෙයාට එයාගෙ තාත්ත හරිම ආදරෙයි. ඉතින් මේ පාකී කොහොම හරි වරුන් එක්ක ආදරෙන් බැඳෙනවා. මේ සම්බන්දෙ විවාහය දක්වාම දුර දිග යනවා. ඉතින් විවාහයට දිනත් නියම කරගන්නවා. හැබැයි විවාහ දිනයෙදි වෙන්නෙ කවුරුවත් නොහිතපු විදියෙ දෙයක්. ඔතනින් එහාට චිත්‍රපටියෙ ගොඩක් දේවල් වෙනස් වෙනවා. ඒ කොහොමද කියල බලාගන්න ඔයාල චිත්‍රපටිය අරගෙනම බලන්න. මම නම් මීට වැඩිය කියන්නෙ නෑ.

මේක ආරම්භයේ සිටන් අවසානය දක්වාම කම්මැලි නැතිව බලන්න පුලුවන් කියල මම සහතික වෙනවා. මේකෙ ගලාගෙන යන ආදර කතාවත් හරිම සුන්දරයි. ඉතින් ලස්සන ගීත කිහිපයක්ම තියෙනවා. ඒවත් ඔක්කොම උපසිරැසි ගන්වලා තියෙන්නේ. එහෙනම් හැමෝම අරගෙන බලන්න. අවසානයට මම මෙන්න මේ දේත් කියනවා. ''වපුරපු තරමට තමයි අස්වැන්න'' එහෙනම් මම යනවා ඉක්මනටම තවත් චිත්‍රපටයකින් හමු වන බලාපොරොත්තුවෙන්. සුභ දවසක්, සතුටින් ඉන්න.




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 900MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 900MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගයාන් බුද්ධික ගමගේ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment