Jaan E Mann [2006] Sinhala Subtitles


Jaan E Mann [2006] Sinhala Subtitles
Add to Favorites
Jaan E Mann [2006] Sinhala Subtitles (165 min 35 sec)
09-23-2013 at 08:03 PM
Uploaded by HEDZ

Rating: 5 after 6 votes

Hindi Movies
Favorites: 165 - Views: 26611



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත




  1. Most Popular Subtitles of this Contributor







2011 වසරේ ජනවාරි මාසේ 6වැනිදා ZOOM.LK වෙබ් අඩවියේ පලවුන පලවෙනි උපසිරැසි එක වගේම මගේ උපසිරැසි ජිවිතේ මම උපසිරැසි ගැන්වු පලවෙනි උපසිරැසි ලෙස ඔබ අතට DEATH RACE 2 චිත්‍රපටිය තිළින කරමින් අද එතැනින් වසර දෙකයි මාස 7ක් ගතවු තැන තමයි මම මගේ 50වැනි උපසිරැසි කඩඉම පසුකරන්නේ. ගොඩ කාලයක් නම් අරන් තියනවා තමයි.මම හිතන්නේ 2011 වසරේ වගේ වෙද්දි සිංහල උපසිරැසි නිර්මාපකයන් වැඩි වශයෙන් සිටියෙත් නැහැ.මට ඩෙත් රේස් 2 චිත්‍රපටිය ඉවර කරන්න දවස් 8ක කාලයක් ගත උනා. හැබැයි අද නම් පැය 5ක් හෝ හයකින් චිත්‍රපටියක් ඉවර කරන්න පුලුවන් හැකියාව තියනවා.මම ඉක්මනින්ම කරලා දිපු චිත්‍රපටිය Cocktail හින්දි චිත්‍රපටිය.ලයින් 1900ක් පැය 2 1/2කින් වගේ මට කරලා දෙන්න හැකි උනා.මටම පුදුමයි මම ඒක එච්චර ඉක්මනට කලේ කොහොමද කියලා.ඉංග්‍රිසි චිත්‍රපටිවලින් උපසිරැසි ගමන ආරම්භ කලත් හින්දි චිත්‍රපටි වලට උපසිරැසි දාන්න ගත්තට පස්සේ මට හිතුනා මට ගැලපෙන්නෙම හින්දි චිත්‍රපටි උපසිරැසි ගැන්විම කියලා. හින්දි සිනමාවේ ඉතාමත් ජනප්‍රිය උන නිර්මාණ Ra one,Singham,Force,Housefull 2,Agneepath,Cocktail,Jism 2,Ekk Deewana Tha,Raaz 3 ,EK THA TIGER,Jab Tak Hai Jaan,Talaash,Race 2,Aashiqui 2,වැනි චිත්‍රපටි රැසක් මට උපසිරැසි ගන්වන්න හැකියාව ලැබුවා. ඇත්තටම ඒ ගැන නම් ගොඩක් සතුටු වෙනවා. මේ උපසිරැසි ගමන් මගේදි මගේ එක්ක එකතුවෙලා වැඩ කරපු කිපදෙනෙක්ම ඉන්නවා. වැඩිම චිත්‍රපටි ගණනක් එකතුවෙලා උපසිරැසි කලේ මම මහේෂි එක්ක.ඒ වගේම උපසිරැසි කණ්ඩායමේ චමීර(CJA),නවීන්,ඉසුරු, උදාර(රොකියා),ගයාන් මේ හැම කෙනෙක් එක්කම වැඩ කරන්නත් මට අවස්ථාව ලැබුනා.අපේ කණ්ඩායමේ අනිත් තව සමාජිකයින් කිපදෙනෙක් එක්ක මට තවමත් උපසිරැසි එකක් එකතුවෙලා කරන්න අවස්ථාවක් නොලැබුන එක ගැන දුකකුත් තියනවා.එකත් ඉස්සරහාට ඒ අය එක්කත් එකතුවෙලා වැඩ කරන්න අදහසක් තියනවා.


උපසිරැසි ලබා දුන් චිත්‍රපටි වලින් මගේ 50න් 35ක්ම හින්දි චිත්‍රපටි වන අතර ඉතිරි 14 ඉංග්‍රිසි චිත්‍රපටි වන අතර 1 දමිළ චිත්‍රපටියක්ද
ඒ අතර වෙනවා.මිට අමතරව රුපවාහිනි කතාමාලා වල කොටස් හා සමහර චිත්‍රපටි සදහා සහාය උපසිරැසි ගැන්විම් දායකත්වය දැක්වුවත්
එවා මෙතන සදහන් කරලා නෑ.ටිකක් මහන්සිවෙලාම දාපු උපසිරැසි චිත්‍රපටි වලින්ම 50ක් විතරයි දලා තියෙන්නේ. මම දාපු චිත්‍රපටි මොනාද ඒ විස්තර ගැන දැනගන්න මෙන්න මෙතැනින් පිවිසිලා බලන්න පුලුවන්.



හරි දැන් චිත්‍රපටියට එමු. 50වැනි උපසිරැසියට මම මොන චිත්‍රපටියද දෙන්නේ කියලා හිත හිත ඉද්දි මගේ මතකයට මුලින්ම ආව චිත්‍රපටිය තමයි ජානේ මන් චිත්‍රපටිය.ඔයා සමහර විට මේ කතාව බලලා ඇති වෙන්න පුලුවන්.එත් මේ චිත්‍රපටිය නරඹලා නැත්නම් අනිවාර්යෙන් නරඹන්න කියලා ආරාධනා කරනවා.ඒ මේ චිත්‍රපටිය ඒ තරම්ම හොද නිර්මාණයක් නිසා. චිත්‍රපටිය රඟපාන ප්‍රධාන නළුවන් දෙදෙනා දැක්කමා චිත්‍රපටිය හාස්‍ය රසයෙන් පිරිලා තියන එකක් බව අමුතුවෙන් කියන්න උවමනා එකක් නැතිවේවි.හාස්‍ය රසය විතරක් නෙමෙයි දුක සතුට සියල්ල මේ චිත්‍රපටිය පුරාවට අපුර්ව ලෙස ගලාගෙන යනවා.මේ චිත්‍රපටියේ ගීත හා පසුබිම් සංගිතය ගැනත් කියන්නම ඕන.ඔබව චිත්‍රපටියේ ඇතැම් දර්ශන වලට උපරිම සංවේදි කිරිමට තරම් මෙහි සංගිතය මනාලෙස යොදාගෙන තියනවා.ඒ එක්කම මේ චිත්‍රපටියේ විශේෂම දෙයක් ලෙස කැමරාව හැසිරිම,අලෝකකරණය හා විශේෂ ප්‍රයෝග භාවිතා කරමින් කතාව ලස්සන කරන්න ගත්ත උත්සහායත් උපරිම ලෙසම තියනවා.තේරෙන සිංහලෙන් කිව්වොත් මම දැකපු හොදම Cinematography දැකපු චිත්‍රපටිය.

චිත්‍රපටිය ගැනත් ටිකක් කියන්න එපැයිනේ. ආදරය අපිට ලැබෙනවා නැති වෙනවා.නමුත් අවංක ආදරයක් ලැබුනාම ඒක කොච්චර බාධාගැටළු ආවත් අහිමිවෙයි කියලා ඔබ හිතනවාද? එහෙම වෙන්න පුලුවන් දෙන්නෙක් අතර අවබෝධය නැති උනාම.නැත්නම් ආදරය කරන කෙනා අමතක කරලා තමන්ගේ වෙන හීන පස්සේ දුවන්න ගත්තාම තමන්ගේ ආදරේ නැතිවෙන්න පුලුවන්.නමුත් තේරුම් ගැනිම කියන දේ ඔය ලග තියනවා නම් ඒ ආදරේ නැති වෙන එකක් නැ.තව සමහර ආදර වලට අකුල් හෙළන දුෂ්ටයන් හිටියොත් එහෙම කොහොමත් දෙන්නෙක් අතරේ පොඩි ගැටළුවක් උනත් දෙන්නාව ඇත් කරන්න තරම් එක ඇති වෙනවානේ. මම මේ ෆිල්ම් එකේ කතාව කොහොම පටන්ගන්නද කියලා තේරෙන්නේ නෑ.මොකද කතාව කිව්වොත් කුතුහලය වගේම ඔයාට චරිත ගැන අවබෝධයක් එන නිසා චිත්‍රපටිය මැදින් ලැබෙන කුතුහලය නැතිවෙන්න පුලුවන්.මේක කොල්ලෝ දෙන්නෙක් එක ගැණූ ළමයෙක්ට ආදරේ කරන්න උත්සහා කරන කතාවක් නෙමෙයි.එහෙම මම කියන්නම්.ඔයාලා කවදාවත් නොහිතන විදියේ කතාවක්.එක නිසා ඒ නිසාම තමයි මම මේක 50වැනි නර්මාණයටම දෙන්න හිතුවේ..ආදරය,දුක, සතුට , වේදනාව මේ හැමදේම මේ චිත්‍රපටියෙන් විදින්න පුලුව්න් වෙයි වගේම.ඔබව කුතුහලයෙන් අන්තිම තත්පරය දක්වාම රදවා ගන්නත් සමත්වේවි.ඒ වගේම මේ චිත්‍රපටියේ ඔබ වෙන චිත්‍රපටිවල නොදැක්ක කලින් කිව්ව විශේෂ ගුණංග ටිකත් දැකගන්න පුලුවන් වේවි.

එහෙනම් 50වැනි උපසිරැසිය මෙසේ තිළින කරලා.මම සමුගන්නවා. ටික කාලයකට මේ වැඩ හින්දා උපසිරැසි ගැන්විමෙන් සමුගන්නත් හිතෙනවා බලමුකෝ ඒක. කොහොමත් හින්දි චිත්‍රපටි එහෙම ආව ගමන් කරලා දෙන්න පුලුවන් සුපිරිම කිපදෙනෙක් දැන් සුම් එකේ ඉන්න නිසා නිවාඩුවක් එහෙම මට ගන්නත් පුලුවන් වේවි.මේ චිත්‍රපටිය ගැන හා මට දැනෙන සිතුවිල්ලකින් අවසන් කරන්ම්.

ආදරේ වෙලාවකට පුදුමයි..සමහර විට අපි ලග තියෙන ආදරේ අපිට අහිමිවෙනවා..ඒ ආදරේ ලබා ගන්න උපරිම නැවත උත්සහා කරලා නොලැබුනාම කොහොම හරි හිතෙන් අමතක කරලා ඉන්න අපි උත්සහා කලාම නැවතත් ඒ පරණ මතකයන් සේරම මට නැවත මතක් කරලා ආපහු ඒ පරණ ආදර ලොකේ පාවෙන්න ඉඩදිලා ආපහු එක පාරම බිමට දාලා මාව මගේ හීන ලෝකෙන් ඇහැරවලා කියනවා මේකයි ඔබේ ජීවිතය ඔබට ඒ ආදරය හිමි නෑ.ඇය කවදාවත්ම ඔබට අයිති නෑ කියලා.ඒ වෙලාවට දැනෙන හැගිම කොහොම වෙන්න පුලුවන්ද...ඇත්තටම ආදරය පුදුමයි නේද...


චිත්‍රපටිය රසවිදින්න එහෙනම්...



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1.2GB DVD RIP Torrent File එක මෙතැනින් ලබාගන්න
950MB DVD RIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1.2GB DVD RIP Torrent File එක මෙතැනින් ලබාගන්න
950MB DVD RIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත පීරිස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment