Settai (2013) Sinhala Subtitles


Settai (2013) Sinhala Subtitles
Add to Favorites
Settai (2013) Sinhala Subtitles (136 min 09 sec)
09-25-2013 at 10:07 AM
Uploaded by HEDZ

Rating: 5 after 4 votes

Tamil Movies
Favorites: 198 - Views: 35374



Tags:


උපසිරැසි ගැන්වීම: සුපුන් වීරසිංහ




  1. Most Popular Subtitles of this Contributor






කොහොමද යාලුවනේ, මම අද අරගෙන ආවේ මේ වසරේ තිරගත කල ලස්සන දෙමල කොමඩි ෆිල්ම් එකක්. ඇත්තටම HEDZ සහො මට කරන්න බාරදුන්නෙ මේ ෆිල්ම් එක නෙමෙයි, මම ඒ බාරදුන්න එකත් ඉක්මනටම දෙන්නම්!
ෆිල්ම් එක ගැන කියනවනම් මේ වසරේ මැයි මාසයේදි තමයි මේක තිරගත කිරීම ආරම්භ කරලා තියෙන්නෙ, R Kannan විසින් මෙය අධ්‍යක්ශනය කරලා තිබෙනවා. රංගනය වෙනුවෙන් Araya,Mankatha චිත්‍රපටියේ රගපෑPremji amaren,වගේම Engeyum Kadhal,Velayudham වැනි චිත්‍රපටි වල රගපෑHansika motwani, Anjali වැනි නලු නිලියන් රැසක් මෙන්ම. දෙමල සිනමාවේ විකටයා වනAlex Pandian,Deiva Thirumagal වැනි චිත්‍රපටිවල රගපෑ Santhanam ද දායක වි තිබෙනවා.
විනාඩි 136ක් පුරා දිවයන මෙය Comedy, Crime ගනයට අයත් වෙනවා
මේකෙ කතාව ගැන කියනවනම්. JK(Arya) සීනු(Premji amaren) නාගරාජ්(Santhanam) කියන තුන්දෙනාම වැඩ කරන්නෙ එකම පත්තර කන්තෝරුවක. මදූ(Hansika motwani) තමයි JK ගෙ පෙම්වතිය. මෙයා ගුවන් සේවිකාවක්. දවසක් මෙයාගෙ අතට පාර්සලයක් ලැබෙනවා ගෙනිහින් දෙන්න කියලා, මෙයා ඒක JK ට දෙනවා ගෙනිහින් දෙන්න කියලා. එහෙම එහෙම එක එක්කෙනාගෙ අතේ ගිහින් මේ පාර්සලය මාරු වෙනවා. මේකෙ අයිතිකාරයා පාතාල නායකයෙක් මෙයත් මේ පාර්සලය පසුපස ලුහුබදිනවා. මොනවද මේ පාර්සලයෙ තියෙන්නෙ!, ඇයි හැමෝම මේක පස්සෙන් එන්නෙ!. යාලුවො තුන්දෙනාට මොනවා වෙයිද! පාර්සලයට මොකද වෙන්නෙ වගේ ප්‍රශ්ණ වලට උත්තර හොයාගන්නනම් මේ ෆිල්ම් එක බලන්නම වෙනවා.

ඉවරවෙනකන්ම කිසිම කම්මැලිකමක් නැතිව බලන්න පුලුවන් ෆිල්ම් එකක් තමයි මේක.දෙමල ෆිල්ම් බලන අය දන්නවනෙ Santhaanam කියන කතාවලට හිනාවෙලා පන යනවා කියලා. මේකත් ඒවගේ එකක් තමයි. පුලුවන් හැමකෙනෙක්ම මේක නරඹන්න කියලා ඉල්ලනවා, කමෙන්ට් එකක් එහෙමත් දාලා යන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවන තෙක් ඔබට ජය!




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුපුන් වීරසිංහ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment