Now You See Me (2013) Sinhala Subtitles


Now You See Me (2013) Sinhala Subtitles
Add to Favorites
Now You See Me (2013) Sinhala Subtitles (129 min 35 sec)
09-25-2013 at 07:39 PM
Uploaded by HEDZ

Rating: 5 after 4 votes

English Movies
Favorites: 156 - Views: 21685



Tags:


උපසිරැසි ගැන්වීම: හසිත ඒකනායක







මේක මගේ මුල්ම සබ් එක.ඇත්තටම වැඩේ කරගෙන යනකොට තමයි තේරුනේ සබ් දැමිල්ල හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි කියලා .මගේ මුල්ම සබ් එක නිසා අඩුපාඩු තියෙන්න පුලුවන් .ඒ ගැන මම සමාව ඉල්ලනවා.හරි අපි කතාවෙ සාරාංශය බලමු.

මේක සුපිරි මැජික් කාරයොන්ගේ කතාවක්. Daniel Atlas, (Jesse Eisenberg),Merritt McKinney (Woody Harrelson), Henley Reeves (Isla Fisher), Jack Wilder (Dave Franco) අමෙරිකාවෙ ඉන්න සුපිරි මැජික් කරුවන් හතර දෙනෙක්. Daniel Atlas, (Jesse Eisenberg) මතක ඇති "මෙයා තමයි social network එකේ Mark Zuckerbergගෙ චරිතයට පණ පෙව්වෙ".මොවුන් එකිනෙකා, නන්නාඳුනන පුද්ගලයෙකු විසින් කිසියම් ස්ථානයකට එන ලෙස කාඩ් පතක් දමා යනව. ඔවුන් ට එහිදී දක්නට ලැබෙනවා සුපිරිමැජික් ප්‍රසංගයක සැළසුම් වගයක්.ඉන් පසු ඔවුන් ඒවා යොදාගෙන අමෙරිකා ඇතුලු රටවල් බොහොමයක Four Horseman "සිව් අසරුවෝ” ලෙස ජනප්‍රිය වෙනවා. Four Horseman කියන්නෙ ඊජිප්තු පුරාවෘතයක් .මොවුන් එක සංදර්ශනයකදී මැජික් ක්‍රමයක් යොදා ගෙන පැරිසියේ තිබෙන බැංකුවක්,ලාස් වේගාස් වල ඉඳන් මංකොල්ල කනවා. මේ වෙලාවෙ FBI එකේ පරීක්ශක Dylan Rhodes (Mark Ruffalo) " හල්ක් මෑන් චරිතයට හිටියෙ මොහු " .සහ ඔහුගේ සහායිකාව ලෙස ඉන්ටර්පෝල් එකෙන්, පරීක්ශක Alma Dray (Mélanie Laurent),කොහොමද මේ බැංකු මංකොල්ලය කරේ කියල හොයන මෙහෙයුමක් ගැන තමයි මුලු කතාවම දිග හැරෙන්නෙ. එක පැත්තකින් Thaddeus Bradley (Morgan Freeman) මැජික් රහස් එළි කරන ,ඒ වගේම මැජික් පිළිගන්නෙ නැති කෙනෙක්.ඔහුත් මේ සිද්දිය සම්බන්දයෙන් ඇහැගහගෙන ඉන්නෙ.මේ කාතාවෙ අන්තිම මොහොත දක්වා කවුද මේ මංකොල්ලය කරේ ,කවුද Four Horseman ලට අනුබල දුන්නෙ, කියන එක ප්‍රේක්ශකයො කුතුහලයෙන් තියා ගන්න film එකක් කිව්වොත් නිවැරදියි.

මේ film එක 2013 මැයි 31 නිකුත් වූ චිත්‍රපටියක්. මිනිත්තු 115 දක්වා දිවෙන මෙම චිත්‍ර පටයේ අධ්‍යක්ෂණය Louis Leterrier විසින් . IMDb 7.3 ක ජනප්‍රියතාවයක් ලබාගෙන තියෙනවා. සමහර විට ඉදිරි කාලයේදී මේ ෆිල්ම් එකේ දෙවන කොටස එයි.ෆිල්ම් එකේ නම් ටික ගියාම තව පොඩි කොටසක් අන්තිමට තියෙනවා.ඇත්තටම HEDZ සහෝදරයට ස්තූති වෙන්න ඕනි අපිටත් සබ් දාන්න අවස්ථාවක් ලබා දුන්නට.




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.86GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 873MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න




පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.86GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 873MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හසිත ඒකනායක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment