This Is the End (2013) Sinhala Subtitles


This Is the End (2013) Sinhala Subtitles
Add to Favorites
This Is the End (2013) Sinhala Subtitles (1 min 45 sec)
10-14-2013 at 08:39 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 131 - Views: 17353



Tags:


උපසිරැසි ගැන්වීම: හසිත ඒකනායක




  1. Most Popular Subtitles of this Contributor






මේක මගේ දෙවෙනි සබ් එක. HEDZ සහෝදරය තමයි මේකට සබ් දාමු කියල කිව්වෙ. Line 2560 විතර තිබ්බ නිසා ටිකක් අමාරු උනා. හරි කමක් නෑ අපි කතාවට බහිමු. කොමඩි ගනයට වැටෙන ෆිල්ම් එකක්. James Franco කියන්නෙ ඔබට මතක ඇති Spider Man කථා මාලවෙ හිටිය Peter Parker ගෙ යාලුවා “Harry” . එතකොට The Green Hornet එකේ ඉන්න “The Green Hornet” Seth Rogen. ඊට අමතරව Jay Baruchel, Jonah Hill, Danny McBride , Emma Watson වැනි නලු නිලියො ඉන්නවා .කතාවෙ හැටියට James Franco ගෙ ගෙදර wild පාටි එකක් තියෙනවා .මේකට Seth Rogen හා Jay Baruchel වැනි හොලිවුඩ් වල ඉන්න ප්‍රසිද්ධ නලු නිලියො රැසක්ම සහභාගී වෙනවා .හැබැයි චිත්‍රපටියේ ඔවුන් ඉන්නෙ ඔවුන්ගෙ සැබෑ නම් වලින්.එකවරම ඔවුන්ට අදහාගත නොහැකි දෙයක් සිද්ධ වෙනවා . හොලිවුඩ් වල වැසියන් සමහරෙකු අහසින් වැටුණු නිල් එළියක් මගින් උඩට ඇදල ගන්නවා, තවත් සමහරුන් අද්භූත සතුන් මගින් මරනයට පත් වෙනවා,තවත් සමහරු පොලව පැලී ලෝදිය තුලට වැටෙනවා. මෙහිදී හොලිවුඩ් නලුනිලියන් විශාල පිරිසක් මිය යනවා. ඉතිරි වන James Franco සහ ඔහුගේ යහලුවන් පිරිස James Franco ගෙ ගෙදර කොටු වෙනවා. කතාවේ වැඩිහරියක් තියෙන්නෙ එහිදී ඔවුන් කරන පිස්සු වැඩ. ඔවුන්ට පසුව තේරුම් ගන්නවා මෙය බයිබලයට අනුව ලෝක අවසානය බව. එහිදී නරක මිනිසුන් නරකාදියටත් ,හොඳ මිනිසුන් ස්වර්ගයටත් ඇදල ගන්නව. James Franco සහ ඔහුගේ යහලුවන් එහිදී බේරෙන්නේ කොහොමද ,ඔවුන්ගෙන් කවුද හොඳ හා නරක පුද්ගලයන් ෆිල්ම් එක අවසාන වෙනකන් බලන්න වෙනවා. සබ් දාන්න පරක්කු එක හේතුවක් තමයි ,මොවුන්ගේ කතා විලාශය.වචන 10 ක් කිවුවොත් 9 ක්ම සුද්ද ඉංග්‍රීසි වචන.ඉතින් සිංහලයට පරිවර්තනය කරන්න ගියාම තමයි වෙලා යන්නේ.ජූනි 14 වෙනිදා තිරගත වීමට පටන් ගත් මෙම චිත්‍රපටය IMDb 7.2 ක රේටින්ග්ස් ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා . චිත්‍රපටය අධ්‍යක්ෂණය ,රචනය කර තිබෙන්නෙත් Seth Rogen විසින්මයි. පහලින් එක වගේම සබ් file එකත් ඇති. Comment එකක් දාන්න අමතක කරන්න එපා .



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 810MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
352MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 810MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හසිත ඒකනායක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment