Bhaag Milkha Bhaag (2013) Sinhala Subtitles


Bhaag Milkha Bhaag (2013) Sinhala Subtitles
Add to Favorites
Bhaag Milkha Bhaag (2013) Sinhala Subtitles (1 min 49 sec)
10-17-2013 at 09:55 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Hindi Movies
Favorites: 145 - Views: 23107



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත




  1. Most Popular Subtitles of this Contributor







ධෛර්යය, අධිශ්ඨානය, ශක්තිය එක්තැන් කරගනිමින් හීයක වේගයෙන් ධාවන පථය මත ඉදිරිටය ඇදෙන්නා වූ මිල්කා සින්ග්ගේ ජයග්‍රහණය අපේක්ශාවෙන් ඔල්වරසන් නගන්නන් අතරට ඔබද එක්වනු නොවනුමානයි.

ඉන්දියානු ජාතිකයන්ගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ ''The Flying Sikh'' යන අන්වර්ථ නාමයනේ හැදින්වූ Milkha Singh (මිල්කා සින්ග්) නම් වූ විශිෂ්ඨ ධාවන ශූරයා එදා සජීවී ලෙස ධාවන පථය මත සිදු කළා වූ පෙළහර අද සිනමා සිතුවමක් ලෙසින් ඔබ අභිමුවට පැමිණ තිබේ. Milkha Singh ගේ ජීවිත කතාව අලලා නිර්මාණය වූ ඒ නවතම සිනමා සිත්තමයි Bhaag Milkha Bhaag. මේ වනවිටද බොක්ස් ඔෆීස් ලැයිස්තු උඩි යටිකුරු කරමින් අති සාර්තක ලෙස තිරගත වන Bhaag Milkha Bhaag චිත්‍රපටය ලොව පුරා තිරගත කරමින් මේ වන විට ලබා ඇති මුළු ආදායම කෝටි 112ද ඉක්මවා ඇති බව වාර්තා වන අතර බොලිවුඩ් සිනමා ඉතිහාසයේ කෝටි 100 ඉක්මවා ආදායම් උපයාගත් 22 වන චිත්‍රපටය ලෙසින්ද මෙය වාර්තා පොත් අතරට එකතු වනු ලබනවා.

බොලිවුඩ් සිනමා රසිකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් සුපිරි ගණයේ චිත්‍රපටයක් ලෙසින් හැදැන්විය හැකි Rang De Basanti චිත්‍රපටයට අධ්‍යක්ෂණ කාර්යයෙන් දායක වූ Rakeysh Omprakash Mehra ගේ තවත් අති සාර්ථක අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටිය සඳහා ඔහු Prasoon Joshi සමගින් එක්ව තිරපිටපත රචනා කිරීමටද දායක වී තිබීම විශේෂත්වයක්. Biography, Drama, History යන වර්ගීකරණයන් යටතේ තිරගතවන මෙම චිත්‍රපටයේ IMDB දර්ශක අගය සටහන් වනුයේ 8.0 ක් වැනි ඉතා ඉහළ අගයක්. 2013 ජුලි මස 12 වන දින ප්‍රදර්ශණය ඇරඹූ මෙම චිත්‍රපටය ධාවනය වන්නා වූ පැය 3ක පමණ කාලය ඔබගේ දිවියේද සුවිශේෂීතම පැය 3ක් වනු ඇතිබවට මට නොබියව සහතික විය හැකියි.

‍මේ වන විටත් රංගනයෙන් දායක වී ඇති චිත්‍රපට ගණන අතලොස්සක් වුවත් අති දක්ෂ රංගන ශිල්පියෙක් වන Farhan Akhtar විසිනුයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන Milkha Singh ගේ චරිතයට පණ පොවනු ලබන්නේ. Rock On (2008), Luck by Chance (2009), Karthik Calling Karthik (2010), Zindagi Na Milegi Dobara (2011) වැනි ජනප්‍රිය චිත්‍රපට කිහිපයක ඔහුගේ ප්‍රතිභාපූර්ණ රංගනය ඔබට දැක ගන්නට ලැබෙන්නට ඇති. ඒ වගේම Dil Chahta Hai(2001), Lakshya (2004), Don (2006), Don 2 (2011) වැනි අතිසාර්ථක චිත්‍රපටයන් කිහිපයකම සාඩම්බර අධ්‍යක්ෂකවරයා වන්නේද ඔහුයි.

ඔහුගේ පෙම්වතිය වන Biro චරිතය සදහා රංගනයෙන් දායක වනු ලබන්නේ සුරූපි නිළි Sonam Kapoor. ඇයගේ රංගන හැකියව Mausam (2011),Saawariya (2007), I Hate Luv Storys ( 2010), Raanjhanaa (2013) වැනි චිත්‍රපටි වලින් ඔබට දැක ගන්නට ලැබෙන්නට ඇති.

ෆිල්ම් එක ගැන පොඩි හැදින්විමක් කරනවා නම් මිල්කා කියන්නේ කුඩා කාලෙය් ඉදන්ම පකිස්ථානු ඉන්දියානු දේශ සිමා අරගලය නිසා දුක් විදපු ළමයෙක්.මිල්කා තරුණ වෙනකොට තිරණය කරනවා ඉන්දියානු හමුදාවට බැදෙන්න.හමුදාවට බැදෙන්න ආපු ගමනින් මිල්කාගේ ජිවිතය වෙනස් වෙනවා ඒ එක් දිනක් හමුදාවේ මළල ක්‍රිඩයන්ව තෝරගන්න ධාවන තරගයක් තියනවා එයින් මිල්කා ජයග්‍රාහනය කරනවා වගේම ඔහුට හොද හැකියාවක් තියන බව ක්‍රිඩා බාර හමුදා නිලධාරිය හදුන ගන්නවා.මිල්කා මෙහෙම ධාවන තරග වලින් හොද තැනකට එද්දි හමුදාවේම ඉන්න තවත් අය මිල්කාට බොහොම දරුණු විදියට පවා සලකන්න ගන්නවා ඊරිසාව නිසා.මිල්කා ගේ ජිවිත කතාවේ සමහර තැන් චිත්‍රපටියේ විටින් විට පෙන්වන නිසා එවා මම කියන්න යන්නේ නෑ.චිත්‍රපටිය අරගෙන බලන්න කියලා ආරාධනා කරනවා.

ඒ වගේම චිත්‍රපටිය කලේ ගොඩක්ම කාර්යබහුල අවස්ථාවක.ඇත්තටම රෑ 11 ඉදන් 1 වෙනකම් ඇහැරගෙන ඉදලා තමයි මේක කරලා දුන්නේ.නැත්නම් කොහොමටවත් උපසිරැසියක් කරන්න වෙලාවක් ලැබෙන්නේ නැහැ.ආපහු ඉඩක් තිබුන වෙලාවකින් චිත්‍රපටියක් සමග හමුවෙමු.හැමෝටම සුභදවසක්!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1.1GB DVD RIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1.1GB DVD RIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත පීරිස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment