Tere Naal Love Ho Gaya (2012) Sinhala Subtitles


Tere Naal Love Ho Gaya (2012) Sinhala Subtitles
Add to Favorites
Tere Naal Love Ho Gaya (2012) Sinhala Subtitles (2 min 36 sec)
10-21-2013 at 09:12 AM
Uploaded by HEDZ

Rating: 4.75 after 4 votes

Hindi Movies
Favorites: 125 - Views: 19486



Tags:


උපසිරැසි ගැන්වීම: ගයාන් බුද්ධික ගමගේ






මේ දවස් වල රැකියාවෙ තියෙන කාර්ය බහුලත්වයත් එක්ක අලුත් චිත්‍රපටියක් ඉක්මනින් දෙන්නත් අමාරු නිසා මම හිතුව පරණ චිත්‍රපටියක් හිමිහිට කරල දෙන්න ඕන කියල. මම තෝර ගත්තේ Tere Naal Love Ho Gaya (2012) චිත්‍රපටිය. මේක දෙන්න කියල ඇඩ්මින් සහෝ මතක් කළේ මීට හුඟක් කලින්. ඒත් වෙන වෙන චිත්‍රපටි වලට හිර වෙචච නිසා මේක දෙන්න ප්‍රමාද වුනා. ඉතින් ප්‍රමාද වෙලා හරි දෙන එක හොඳයි කියල හිතුනා බලපු නැති අයට බලන්නත් එක්ක.

Housefull (2010), Housefull 2 (2012), Aladin (2009), Kyaa Super Kool Hain Hum (2012), Himmatwala (2013) වගේ ජනප්‍රිය චිත්‍රපටි රාශියක රංගනයෙන් දායක වූ කඩවසම් නළු Ritesh Deshmukh සමගින් Jaane Tu... Ya Jaane Na (2008), Force (2011),Orange [2010],Velayudham [2011] වගේ චිත්‍රපටි වල රංගනයෙන් දායක වූ සුරූපී නිළි Genelia D'Souza තමයි ප්‍රධාන නළු නිළි යුවල ලෙස රංගනයෙන් දායක වෙලා තියෙන්නේ. කට්ටිය දන්නව ඇතිනේ මේ දෙන්න සත්‍ය ජීවිතයෙත් අඹු සැමියන් බව. ඉතින් දෙන්නගෙ ආදරබර රංගනය බොහෝම තාත්ත්විකව නිරූපනය වෙලා තියෙනවා.

Comedy | Romance කියන වර්ගීකරණය යටතේ තිරගත වෙච්ච මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Mandeep Kumar කියන අධ්‍යක්ෂක වරයා. IMDB දර්ශකය අගය 5.5 ක් විදියට සනිටුහන් කරගෙන තියෙන මේ සිනමා නිර්මාණයට Om Puri, Tinnu Anand වැනි ප්‍රවීණ රංගන ශිල්පීන්ගෙ දායකත්වයත් ලැබිල තියෙනවා.

විරේන් (Ritesh Deshmukh) කියන්නේ රික්ෂෝ රියදුරෙක්. බොහෝම ගුණයහපත්, අවංකව සේවය කරන අහිංසක කොලු ගැටයෙක්. මෙයාගෙ සිහිනයක් තියෙනවා කවදහරි කාර් දෙකතුනක් අරන් තමන්ගෙම ට්‍රැවල් ඒජන්සි එකක් පටන් ගන්න. මෙයා ඒ වෙනුවෙන් ඉතිරි කර ගත්තු යම් මුදලකුත් තියෙනවා. මෙයා මේ සිහිනය ගැන තමන් එළවන රික්ෂෝ එකේ අයිතිකාරයත් එක්ක කියනවා. මේ කපටි රික‍්ෂෝ හිමිකරුවා විරේන්ගෙ මේ සිහිනය හොරකම් කරනවා එයා ඉතිරිකරපු මුදලත් එක්කම. විරේන්ගෙන් හොරකම් කරපු සල්ලි මේ රික්ෂෝ අයිතිකාරයා තමන්ගෙ දුවගෙ විවාහය වෙනුවෙන් වියදම් කරනවා. මේ දුව තමයි මිනී (Genelia D'Souza) හරිම කටකාර, දඟකාර, විසේකාර කෙල්ලෙක්.

මිනී මේ මගුලට කැමති නෑ. ඒත් තාත්තගෙ බල කිරීම හින්දම කැමති වෙනවා. ඉතින් මිනී විවාහ ගිවිස ගන්න දවසෙ විරෙන් එනවා තමන්ගෙ සල්ලි ඉල්ලගෙන මිනීලගෙ ගෙදරට. විරේන් එන්නෙත් කනේ වැලි ගෑවෙන සයිස් එකට බීලා. එතනදි සිද්දවෙන දේවල් ඔයාලම බලාගන්න. හිනා වෙලා පණ යනවා. මිනී අවස්තාවෙන් ප්‍රයෝජන අරන් විරේන් එක්ක පැනල යනවා. හැබැයි මිනී කට්ටියට පෙන්නන්නේ විරේන් මිනීව පැහැරගෙන යනව කියල. ඊට පස්සෙ තමයි හොඳ, හොඳ දේවල් වෙන්නේ. මම කිව්වේ චිත්‍රපටයේ පළමු මිනිත්තු 20 ඇතුළත වෙන දේ විතරයි. හොදම ටික ඔයාලට බලා ගන්න ඉතුරු කළා.

විරේන් කියන්නෙ කවුද? විරේන් රික්ෂෝ එළවන්නෙ ඇයි? මිනීටයි, විරේන්ටයි මොනව වෙයිද? විරේන්ගෙ නැතිවුන සල්ලි ආපහු හම්බ වෙන්නෙ කොහොමද? ප්‍රශ්න ගොඩයි. පිළිතුරු චිත්‍රපටයේ අඩංගු වෙලා තියෙනවා. ලස්සනම ලස්සන ගීත කිහිපයකුත් තියෙනවා. එහෙනම් නොබලපු අය අරන් බලන්නකෝ, බලපු අයත් ආයෙත් බැලුවට තරහක් නෑ ඔන්න. එහෙනම් තවත් ලස්සන සිනමා නිර්මාණයකින් හමුවෙන තුරු මම සමුගන්නවා. සුභ දවසක්, සතුටින් ඉන්න.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1.4GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගයාන් බුද්ධික ගමගේ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment