Jobs (2013) Sinhala Subtitles


Jobs (2013) Sinhala Subtitles
Add to Favorites
Jobs (2013) Sinhala Subtitles (128 min 38 sec)
10-21-2013 at 10:04 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 118 - Views: 18916



Tags:


උපසිරැසි ගැන්වීම: ඉසුරු මධුසංඛ හා නයනපද්ම ලියනගේ




කවුරුත් ආසාවෙන් බලාගෙන ඉන්න තවමත් හරිහමන් ඉංග්‍රීසි උපසිරැසියක්වත් නැති සුපිරි චිත්‍රපටියක සිංහල උපසිරැසි අරගෙන අපි අද ආවා. මේ චිත්‍රපටියට සිංහල උපසිරැසි නිර්මාණය කරන්න පටන් අරගෙන දැන් සති තුනක් විතර වෙනවා. ඒ අස්සේ ආපු අළුත් ෆිල්ම් හින්දා මේක ඉවරකරගන්න පුළුවන් වුනේ දැන් තමයි. මේ චිත්‍රපටියේ සිංහල උපසිරැසි නිර්මාණය කරන්න මට සහාය ලබාදුන් නයනපද්ම සොයුරාට මම ප්‍රථමයෙන්ම ස්තූතිවන්ත වෙනවා. ඔහු කිසිම පැකිළීමකින් තොරව මේ චිත්‍රපටියේ උපසිරැසි නිර්මාණයට සහාය ලබාදුන්නා. මේ චිත්‍රපටියේ හොද ඉංග්‍රීසි උපසිරැසියක් තවමත් නිකුත් වී නොමැති නිසා ගොඩක් ලයින්ස් අහගෙන ඉදලා තමයි නිර්මාණය කෙරුවේ. ඉතින් මේ චිත්‍රපටියේ සිංහල උපසිරැසි ඔයාලට ලබාදෙන්න මාර කට්ටක් කෑවා. අපි අද ගෙදර ඉදන් උපසිරැසි හදනවා. සිංදු අහනවා. චිත්‍රපටි බලනවා. තව බොහෝ දේවල් පරිගණකය ඔස්සේ සිදුකරනවා. ඉතින් මේ විදියට අපි භාවිතා කරන පරිගණකය ගෘහ යන්ත්‍රයක් ලෙස නිර්මාණය කෙරුවේ කවුද? අද පරිගණකවල භාවිතාවන හුරුබුහුටි අකුරු හා මෝස්තර නිර්මාණය කෙරුවේ කවුද? කිසිම විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා නොගත් ඒ මහා බලවේගය කවුද? මේ ප්‍රශ්න සියල්ලටම පිළිතුර වන්නේ ස්ටීවන් පෝල් ජොබ්ස්ය. අපි අද ලබාදෙන චිත්‍රපටිය ඔහුගේ ජීවිතය අලලා නිර්මාණය කරන ලද්දකි. 1955 පෙබරවාරි 24වෙනි දින ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් ෆ්‍රැන්සිස්කෝහි මේ මහා බලවේගය මෙලොව එළිය දුටුවේය. කුඩා කාලයේ පටන්ම ලෝකයේ ශ්‍රේෂ්ඨ මිනිසුන් අතරට තම නාමයද එක් කිරීමට ඔහු වෙහෙසුනේය. ඒත් ඔහු කිසියම් විශ්ව විද්‍යාලයක උපාධි පට්ටමක් හිමි අයෙකු නොවේ. නමුත් ඔහුගේ උත්සාහය හා ව්‍යාපාර පිළිබද වූ ඥානය විස්තර කිරීමට නොහැකි තරමට පුළුල් විය. ඉතින් විනාඩි 128ක් පුරාවට දිවෙන මේ චිත්‍රපටියෙන් ඔහුගේ හැකියාවන් හා දුර්වලකම් ඔබටත් යම් හෙයකින් තේරුම් ගැනීමට හැකිවේවී.

IMDBහි 5.6ක සාමාන්‍ය ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගෙන සිටින මේ චිත්‍රපටිය Joshua Michael Sternගේ අධ්‍යක්ෂණයකි. සම්මානනීය නළු Ashton Kutcher විසින් මහා බලවේගයක් බදු වූ ස්ටීවන් ජොබ්ස් නැතොත් ස්ටීව් ජොබ්ස්ගේ චරිතයට පණපොවනු ලබයි. තමන්ගේ යාළුවා සමග තම ගෙදර පිහිටි ගරාජයෙන් පොඩියට පටන්ගත් ඇපල් සමාගම අද වන විට ලෝකයේ පරිගණක හා ජංගම දුරකථන කේෂ්ත්‍රයේ ඉහළින්ම වැජඹෙන සමාගම බවට පත්වී හමාරය. අද අපි ගෙදර ඉදන් ආතල් එකේ මේ සියළුම වැඩකරන්නේ මොහුට පින් සිද්ධවෙන්නටය. ඔහු නොවෙන්නට මේ සියල්ලක්ම අද මෙලෙසින් අපි අතර තිබෙන්නේ නැත. අද සියළුම ක්ෂේත්‍රවලට නැතුවම බැරි පරිගණකය මෙලෙස අප අතරට සමීප කළේ වෙන කවුරුත් නොව මේ මහා බලවේගයයි. හැමදාම අපි චිත්‍රපටිවල දකින්නේ ඈත අතීතයේ විසූ සුපිරි චරිතයක් නැත්තම් මවාගත් සුපිරි චරිතයක් ගැනයි. ඒත් අද අපි ඔබට ලබාදෙන චිත්‍රපටියේ සුපිරි චරිතය ඔබ අප ජීවත්වන ශතවර්ෂයේ ජීවත් වූ 2011 ඔක්තොම්බර් මස 5වෙනි දින අවසන් හුස්ම හෙලූ මහා බලවේගයක් බදු වූ චරිතයකි. ඉතින් මෙතුමා ගැන කතාකරන්න ගියොත් මගේ ඇගිලි ගෙවනකම් ටයිප් කරන්න වෙනවා. මේ චිත්‍රපටිය ඉතා ලස්සනට නිර්මාණාත්මකව කරලා තියෙනවා. ඒ හින්දා අනිත් චිත්‍රපටි වගේම මේ චිත්‍රපටියත් සතුටින් රසවිදීමේ හැකියාව ඔබට ලැබෙනවා. ඉතින් ඔයාලා මේ චිත්‍රපටිය අරගෙනම බලන්නකෝ මම කියන්නේ බොරුද කියලා!

මේ චිත්‍රපටියේ සිංහල උපසිරැසි නිර්මාණයට සහාය වූ නයනපද්ම සොයුරාට නැවත ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මේ චිත්‍රපටියේ උපසිරැසි නිර්මාණය කිරීමේදී නිතැතින්ම අපව දිරිගැන්වූ HEDZ සහෝදරයාටත් බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. මේ චිත්‍රපටියේ උපසිරැසි නිර්මාණය කිරීමට ප්‍රථමයෙන්ම යෝජනා කළ මිහිරි වාසනා සොයුරියට ස්තූතිවන්ත වෙනවා. මේ චිත්‍රපටියේ උපසිරැසි බොහෝම අමාරුවෙන් මාර කට්ටක් කාලා තමයි හැදුවේ. ඒ හින්දා නිකම්ම උපසිරැසි බාගෙන යන්නේ නැතුව ඔයාලගේ පුංචි අදහසක් පළකර යනවා නම් අපි බොහෝම සතුටු වෙනවා. ඉතින් මෙවැනි අපූරු චිත්‍රපටියක උපසිරැසි සමග අපි ආයෙත් හමුවෙමු. කට්ටියටම සුභ දවසක් වේවා! කිසියම් ගැටළුවක් වේ නම් පහත දැක්වෙන ෆේස්බුක් ගිණුම හරහා මාව සම්බන්ධ කරගන්න.
http://www.facebook.com/cyberperera



මෙම චිත්‍රපටියේ BRRIP හා WEBRIP පිටපත් දෙවර්ගය සදහාම උපසිරැසි ලබා දි ඇති අතර ඔබ ලග ඇති පිටපතට අදාල උපසිරැසි ගොනුව ලබාගන්න


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.95GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 950MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
487MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
775MB BRRIP Direct Links මෙතැනින් ලබාගන්න




පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.95GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 920MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
487MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉසුරු මධුසංඛ හා නයනපද්ම ලියනගේ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment