Chennai Express (2013) Sinhala Subtitles


Chennai Express (2013) Sinhala Subtitles
Add to Favorites
Chennai Express (2013) Sinhala Subtitles (145 min 35 sec)
10-25-2013 at 10:16 PM
Uploaded by HEDZ

Rating: 4.95455 after 22 votes

Hindi Movies
Favorites: 149 - Views: 34606



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත




  1. Most Popular Subtitles of this Contributor








2013 වසරේ වැඩිම කතාබහට ලක්වු වගේම රසික ජනතාව වසඟ කෙරු.. ඒ වගේම මම හිතන්නේ ලංකාවටත් වැඩිම චිත්‍රපටි පිටපත්ගානක් ගෙන්වලා තිරගත උන ඉන්දියාවේ වැඩිම ආදායම් වාර්තා තැබු චිත්‍රපටි අතර පළමු ස්ථානයේ වැජබෙන චිත්‍රපටියක් අරන් තමයි අද ආවේ.මුලින්ම මට පොඩි දෙයක් කියන්න තියනවා ඒක චිත්‍රපටිය ගැන නෙමෙයි.හිතට දැනුන දෙයක් ඒක නිසා චිත්‍රපටිය ගැන විතරක් නම් දැනගන්න ඕන ඊලග ජේදය කෙලින්ම බලන්න.2010 වසරේ ඉදන් උපසිරැසි දාන්න පටන්ගත්තාම කොහොම හරි හින්දි සිනමාවේ ලොව පුරා රසික සිත් වසඟ කරන්න පුලුවන් උන චිත්‍රපටි ගොඩක් මට දාන්න වාසනාව ලැබුනා.චෙන්නායි එක්ස්ප්‍රස් එක ඇරෙන්න අනිත් අලුත් චිත්‍රපටිවලට වෙන අය නම් සබ් දාන්න ඉල්ලලා තිබුනේම නෑ.කොහොම හරි Singham,RA One,
Agneepath,Housefull 2,EK THA TIGER [2012],Raaz 3,Jab Tak Hai Jaan [2012],Talaash, Race 2,Inkaar වගේ සුපිරිම චිත්‍රපටිවලට මගේ අතින් තනියම නිපදවුනේ නැහැ.එකට පාට්නර් කෙනෙක් හිටියා.ඒ අපි දෙන්නාගේම උපසිරැසි වල එකතුව හා වාසනවා නිසා වෙන්න ඇති Jab Tak Hai Jaan චිත්‍රපටිය ඩවුන්ලොඩ් කිරිම් 15112ක් ඉක්වමින් අද ඉහළම ස්ථානයේ පවතින්නේ.කොහොම හරි අද මට මේ සුපිරි චිත්‍රපටිය නම් අරගෙන එන්න උනේ තනියම.ඒ නිසා ඉහත ෆිල්ම් වල වගේ හොද සිංදු වලට පදගැලපිමක් නම් මගෙන් උනාද කියලා නම් මට විශ්වාස නැහැ. මොකද අපේ වගේම මගේ හින්දි හැම ෆිල්ම් එකකටම සිංදුවලින් වගේම සබ් එකට උදව් කරපු අපි කවුරුත් දන්න හසිතා කපුගමගේ අද අපිත් එක්ක නැහැ.ඒ පාළුව සයිට් එකට වඩා අද උපසිරැසිය කරන කොට මට හොදටම දැනුනා.ඒ නිසා මේක කියන්න ඕන කියලා හිතුනා වගේම.හැමදාම වගේ මේ ෆිල්ම් එක පලවෙනියටම ඔයාට සබ් එක බලන්න කියලා දෙන්න තිබුනා නම් හොදයි. කොහොමින් හරි අද වන් මැන් ෂෝ එකකින් සබ් එක ඉවර කලා. පෞද්ගලික කතාව ඉවරයි දැන් ෆිල්ම් එකට යමු...



බොලිවුඩ් වල ඛාන්ලා දෙන්නා හදුනනවානේ සල්මන් ඛාන් වගේම ශාරුක් ඛාන්.ඉන්දියාවේ වැඩිම ආදයම් ලැබපු ලැස්තුවේ සල්මන් ඛාන්ගේ ෆිල්ම් 4ක් තියෙද්දි ශාරුක්ඛාන්ගේ ෆිල්ම් තිබ්බේ 3යි.හැබැයි ශාරුක් රොහිත් ෂෙට්ටවත් අල්ලන් ගහාපු මේ චෙන්නායි එක්ස්ප්‍රස් චිත්‍රපටිය ඉංදියාවේ සේරම ආදායම් වාර්තා බිදදමින් ඉන්දියානු රුපියල් කෝටි 420ක් උපයගත්තා.ඒ වගේම වැඩිම ආදයම් ලබපු චිත්‍රපටිවලින් පලමු තැන.ඉන්දියාවේ විතරක් නෙමෙයි ලොව පුරාද මෙය සාර්ථක අයුරින් ප්‍රදර්ශනය උනා.රොහිත් ෂෙට්ටිගේ හැම ෆිල්ම් එකකම ප්‍රධාන නළුවා උනේ අජය දේව්ගන්...රොහිත් ෂෙට්ටගේ ෆිල්ම් විලාසය දැකලා ෂාරුක් රොහිත් ෂෙට්ට කියලා ෆිල්ම් එක හදාගත්තාද නැත්නම් රොහිත් ෂෙට්ටිට ෂාරුක් එකක් ෆිල්ම් එකක් කරන්න හිතුනාද කියන එක නම් ඔන්න දන්නේ නෑ.කොහොම හරි මට නම් හිතෙන්නේ මේතනින් මේ දෙන්නාගේ සම්බන්ධය නම් නතර වෙන එකක් නෑ...තව ඉස්සරහාට මේ දෙන්නාගේ ෆිල්ම් එවි.


චිත්‍රපටිය ගැන කිව්වොත් ඔබ මේක පලවෙනි පාරට නම් නරඔන්නේ ආපහු පරක් ඔබ මේක නරඔයි.සිනමා ශාලාවකට කෙනෙක් ඇවිත් ෆිල්ම් එකක් බලලා ආපහු එයාව ගෙන්න ගන්න පුලුවන් වෙන චිත්‍රපටි තියෙන්නේ අතලොස්සයි.මේ චිත්‍රපටිය අන්න ඒ වගේ චිත්‍රපටියක්.කතාව ඇත්තටම හරිම සරළයි.නමුත් චිත්‍රපටිය තුළ ඔබව රදවාගෙන තියාගෙන ඉන්න ආකාරය නම් විශිෂ්ටයි.එක ඔබට චිත්‍රප්ටිය නරඔද්දිම තේරෙයි.කතාවත් පොඩ්ඩක් කියන්නම් කෝ රාහුල් කියන්නේ අවුරුදු 40ක් වෙච්ච තරුණයෙක් (කසාද බැදලා නැති නිසා තරුණයෙක් කියලා කියන්න පුලුවන් නේ) රාහුල් ගේ සීයා නිසා රාහුල්ට කසාදයක් කරගන්න වෙන්නේම නෑ.කොහොම හරි සියාගේ නැති විමෙන් පස්සේ සියාගේ අන්තිම කැමැත්ත වෙන්නේ එයා ඉපදුන ගම රාමේෂ්වර්ම් වලට ගිහින් එයාගේ අළු ටික පා කරලා යවන්න.නමුත් ඒ අතරේ රාහුල්ගේ යාළුවන් ගෝවා වලට යන්න චාරිකාවක් සුදානම් කරනවා.ජිවිතේ පුරාම සියා නිසා රාහුල්ට විනෝද වෙන්න බැරි උන නිසා.රාමේෂ්වරම් යන ගමන අල්ලලා දාලා රාහුල් යාළුවෝ එක්ක ගෝවා යන්න හදන්නේ.එත් රාහුල්ගේ ආච්චි රාහුල්ගෙන් ඉල්ලා සිටිනවා සියාගේ අන්තිම ඉල්ලිම ඉටු කරන්න කියලා.රාමේෂ්වර්ම් තියෙන්නේ දකුණු ඉන්දියාවේ නේ.ඉතින් රාහුල් ආච්චිව රවට්ටන්න කියලා හිතාගෙන දකුණු ඉන්දියාවට යන කොච්චියක නගිනවා මගින් බැහැලා ගෝවා යන්න හිතාගෙන.රාහුල් නගින්නේ චෙන්නායි එක්ස්ප්‍රස් එකට.මේ කොච්චිය ගොඩ උනාට පස්සේ රාහුල්ගේ මුළු ජිවිතයම වෙනස් වෙනවා.ඒ.... ඇති ඇති කතාව ඔයින් ඇති ඕක ඩවුන්ලොඩ් කරන් බලන්න. මෙන්න මම ගියා.යන්න කලින් මේකත් කියලාම යන්න ඕන Don’t underestimate the power of a common man


මේ චිත්‍රපටියේ BRRIP හා DVDRIP දෙවර්ගයටම උපසිරැසි ලබා දි ඇති අතර. ඔබ සතුව ඇති පිටපතට ආදාල උපසිරැසි ලබාගන්න.

සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 975MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB Torrent File එක මෙතැනින් ලබාගන්න
350MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
850MB BRRIP Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත පීරිස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment