Escape from Planet Earth (2013) Sinhala Subtitles


Escape from Planet Earth (2013) Sinhala Subtitles
Add to Favorites
Escape from Planet Earth (2013) Sinhala Subtitles (92 min 28 sec)
11-01-2013 at 08:42 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 98 - Views: 12586



Tags:


උපසිරැසි ගැන්වීම: සෙනුරි නවෝද්‍යා හා ජයනි ඉමාෂා







ඔන්න එහෙනම් සුම් එකේ උපසිරැසි යාළුවෝ ටිකට මමත් එකතු වෙන්න හිතුවා.එකත් ලස්සනම ලස්සන ඇනිමේෂන් ෆිල්ම් එකක් අරන්.හැමදාම අපි දැක්කේ මේ ලොකේ අය උඩට ගිහින් (උඩට කිව්වේ අභ්‍යාවකාෂය හොදේ) වෙන වෙන ග්‍රහාලෝක එක්ක හැප්පෙන එකනේ.ඉතින් ඒ උඩ ඉන්න අයගේ ජිවිත මොන වගේද ඒ අය අපේ පෘතුවිය ගැන හිතන්නේ කොහොමද? අන්න ඒ වගේ හිතලා හදපු ලස්සන කතාවක් තමයි මේක. මුලින්ම මම කතාව ගැන ටිකක් කියන්නම්. ස්කොච් හා ගැරි කියන්නේ සහෝදරයන් දෙන්නෙක්.ස්කොච් තමයි මෙහෙයුම් වලට යන්නේ ගැරි තමයි මෙහෙයුම් පාලනය කරන්නේ.ඇත්තටම ස්කොච් නම් විකාර නටලා පිස්සු වැඩ කරලා වගේම තමන් කරපු විර ක්‍රියාගැන අධිතක්සේරුවෙන් ඉන්න කෙනෙක්.හැබැයි ස්කොච් කරන හැම මෙහෙයුමක්ම සාර්ථක වෙන්නේ ගැරි නිසා.නමුත් ස්කොච් එක පිලිගන්නේ නෑ.මොවුන් ජිවත් වෙන ග්‍රාහාලෝකය තමයි පැලැනට් බාර්බ් කියන්නේ.කොහොම හරි ස්කොච්ට එක්තරා මෙහෙයුමක් ලැබෙනවා.එක කරන්න යන්න වෙන්නේ ලොකේ තියන භායනකම ග්‍රාහාලෝකයට. එයාලා මේක නම් කරන්නෙම අදුරු ග්‍රාහාලොව කියලා.ගිය කිසි කෙනෙක් ආපහු ඇවිත් නෑ කියලා තමයි කියන්නේ.ඇත්තටම මේ ග්‍රාහාලොකේ තමයි පෘතුවිය.මෙයාලා භායානකම ග්‍රාහාලොකේ කියන්නේ පෘතුවියට. කොහොම හරි ස්කොච් මෙහෙයුම කරන්න අදුරු ග්‍රාහාලොවට එනවා එහෙමත් නැත්නම් පෘතුවියට.නමුත් ස්කොච්ට ලොකු කරදරයකට මුහුණ පාන්න වෙනවා.අන්තිමට ස්කොච්ව බේරගන්න එන්නේ ගැරි.ගැරිට පුලුවන් වෙයිද ස්කොච්වත් බේරගෙන පෘතුවියෙන් පැනලා යන්න.මම මේ කතාව පොඩි සාරංශ කරලා කිව්වේ.ඔයාලා අරන්ම බලන්නකෝ. ඒ වගේම ෆෙස්බුක්,සෙල් ෆොන්,ඉන්ටර්නෙට්,3D ටිවි එහෙම හැදුවේ ඇත්තටම කවුද කියලා මේ ෆිල්ම් එක බැලුවොත් හොයාගන්නත් පුලුවන් වේවි.

එහෙනම් මේ චිත්‍රපටිය අරන් රස විදින්න වගේම පොඩි අදහසක් කියලා යන්න.මේ චිත්‍රපටිය උපසිරැසි කරන්න කැමැති උන වගේම මගේ එක්ක එකතු වෙලා කරපු සෙනුරි අක්කාටත් ගොඩාරියක් ස්තුතියි.එහෙම නැති උනොත් තාමත් මේකට උපසිරැසි කර කර තමයි මට ඉන්න වෙන්නේ.අපි දෙන්නාම එකතු වෙලා තවත් ලස්සන චිත්‍රපටියකට උපසිරැසි අරන් එන්නම්.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.2GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න




පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සෙනුරි නවෝද්‍යා හා ජයනි ඉමාෂා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment