Besharam (2013) Sinhala Subtitles


Besharam (2013) Sinhala Subtitles
Add to Favorites
Besharam (2013) Sinhala Subtitles (143 min 14 sec)
11-03-2013 at 01:48 AM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

Hindi Movies
Favorites: 99 - Views: 20320



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්




  1. Most Popular Subtitles of this Contributor




2013 ඔක්තෝබර් මස 2 වන දින ලොව පුරා තිරගතවීම අරඹපු බොලිවුඩ් සුපිරු නළු Ranbir Kapoor රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටිය තමයි Besharam. සිංහලෙන්ම කිව්වොත් එහෙම නිර්ලජ්ජිතයා, තේරෙන භාෂාවෙන්ම කිවුවොත් ලැජ්ජාවක් නැති කෙනා. Dabangg (2010) චිත්‍රපටයේ අධ්‍යක්ෂක වරයා වෙච්ච Abhinav Kashyap විසින් තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ. ‍ Comedy, Romance, Action විදියට වර්ගීකරණය කළ හැකි මෙම චිත්‍රපටය විනාඩි 143ක් පුරා ඔබට හොඳ වින්දනයක් ලබා දේවි කියල සැක නැතිව කියන්න පුලුවන්. කොහොමත් රන්බීර්ගෙ හැම චිත්‍රපටියකම අමුතු ගතියක් තියෙනවනේ.

චිත්‍රපටියේ කතා නායකයා වෙච්ච Babli චරිතය රඟදක්වන Ranbir Kapoor ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නෑනේ. zoom වෙබ් අඩවියත් එක්ක නිරන්තරයෙන් රැඳිල ඉන්න ඔයාල වෙනුවෙන් අපි Ranbir Kapoor ගේ චිත්‍රපටි පෙළක්ම පසුගිය කෙටි කාලය තුළ ලබා දීල තියෙනවා. Saawariya (2007), Bachna Ae Haseeno (2008), Rocket Singh (2009), Barfi! (2012), Yeh Jawaani Hai Deewani (2013) සහ ඔහුගේ රංගනයෙක් හැඩ වුනු තවත් ෆිල්ම් ගණනාවක්ම ඔබ වෙනුවෙන් අපි තිළිණ කරල දීල තියෙනවා. Tara ලෙසින් මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන නිළියනම් ඔබට ටිකක් නුහුරු වෙන්නටත් පිළිවන්. ඇය තවමත් චිත්‍රපටි අතලොස්සක පමණයි රංගනයෙන් දායක වෙලා තියෙන්නේ. ඒ අතර Heroine (2012) චිත්‍රපටයත් තියෙනවා. නමුත් ඇය ප්‍රධාන චරිතයකට පණ පොවන ප්‍රථම සිනමා නිර්මාණය ‍වන්නේ මෙය තමයි.

චිත්‍රපටියේ කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් බබ්ලි කියන්නේ අංක එකේ වාහන හොරෙක්.කාටවත් නොදැනෙන්න වාහනයක් හොරකම් කරන්න බබ්ලි කියපු හපනා.මෙහෙම ඉන්න කොට බබ්ලිට ටිකක් ලොකු තැනකින් වැඩක් එනවා බහේම් සිං නැමැති පතාල නායකයාගේ වැඩක් කරන්න.වැඩක් කිව්වේ වාහනයක් හොරකම් කරලා දෙන්නම තමයි. ඔය අතරේ බබ්ලිට වෙඩින් එකකදි අහම්බෙන් වගේ ගැණු ළමයෙක් මුණ ගැහෙනවා. ඒ තාරා. තාරා නම් මහා ආඩම්බරකාර ගැණු ළමයෙක්.කොහොම වෙතත් මේ මුරණ්ඩු කෙල්ලට බබ්ලිගේ හිත යනවා.ගැණූ ළමයා කොච්චර එපා කිව්වාත් බබ්ලි තමන්ගේ උත්සහාය නම් අතහරින්නේ නෑ.කොහොමින් හරි බබ්ලි අතින් අත්වැරදිමකින් තාරාගේ වාහනේද හොරකම් කරනවා.බබ්ලි දැනන් ඉන්නේ නෑ ඒක තාරාගේ වාහනේ කියලා.හොරකම් කරලා විකුණන්නෙත් බබ්ලි අර දරුණුම මැරයාට.මේක තාරාගේ වාහනේ කියලා දැනගත්තාම තමයි බබ්ලිට තරුපෙන්නේ.කොහොම හරි තමන් ආදරේ කරන ගැණු ළමයාගේ වාහනේ ආපහු ගෙනල්ලා දෙන්නත් එපැයි.හැබැයි ඉතින් වාහනේ විකුණලා තියෙන්නෙත් හොද කෙනෙක්ට නෙමෙයි.මෙතෙනින් එහාට මොනා වෙයිද? බබ්ලිට තාරාගේ වාහනේ ආපහු හම්බවෙයිද? ඒ මොනා නැතත් බබ්ලිට තාරාගේ හිත දිනාගන්න පුලුවන් වේවිද? ඔය හැමදේම දැනගන්න මේ ෆිල්ම් එක අරන් බලන්න.

ඒ වගේම ගයාන් කිව්වා වගේ අලුත් ෆිල්ම් වලට සබ් දාන වැඩේ නම් දැන් මේ දවස් වල වැඩ එක්ක අමාරුවෙලා තියෙන්නේ.මේක මම කරන්න ආසාවෙන් වගේම බාරගත්තම ෆිල්ම් එකක් නිසා කොහොම හරි කරලා දුන්නා.කොහොම උනත් බලමුකෝ නේද ඉස්සරහාට.එහෙනම් මේ ෆිල්ම් එක අරන් රසවිදින්න කියලා කියන ගමන්ම මම යනවා.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1GB DVD RIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB Torrent File එක මෙතැනින් ලබාගන්න
450MB Torrent File එක මෙතැනින් ලබාගන්න
875MB Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1GB DVD RIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත පීරිස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment