Planes (2013) Sinhala Subtitles


Planes (2013) Sinhala Subtitles
Add to Favorites
Planes (2013) Sinhala Subtitles (92 min 27 sec)
11-03-2013 at 08:23 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 101 - Views: 16378



Tags:


උපසිරැසි ගැන්වීම: චම්පික ලක්රුවන්




  1. Most Popular Subtitles of this Contributor







අද දෙන්න යන චිත්‍රපටය අළුත් වුනාට හැමෝටම නිකං දැකලා පුරුදුයි වගේ නේද?. හරි එහෙනම් මම මෙහෙම දෙයක් අහන්නම්කෝ. cars හා cars 2 කියන චිත්‍රපට බලලා තියෙනවද? එහෙම බලලා තියෙනවා නම් ඒ නිසා වෙන්න ඇති මේ චිත්‍රපටයේ ඇතැම් රූප රාමු දැකලා පුරුදු ගතියක් තිබෙන්නෙ. හැබැයි පුළුවන් නම් cars චිත්‍රපට පෙළම නරඹලා මේක බැලුවොත් වඩාත් හොඳයි. කාර්ස් චිත්‍රපට පෙලෙත් දෙවැනි එකට සබ් දීපු නිසා ඇඩ්මින්ගෙන් මේ චිත්‍රපටයට සබ් දාන්න මමම ඉල්ලුවා. කතාව කියන්න කලිං අපි ඇනිමේෂන් චිත්‍රපට ගැන ටිකක් කතාකරලා ඉමු. ගොඩක් අය ඇනිමේෂන් චිත්‍රපට කිව්වාම බලන්න අමුතු කම්මැලිගතියක් පෙන්වනවා. ඒත් ඔබ දන්නවාද ලෝකෙ නිර්මාණය කරන හැම චිත්‍රපටයකටම වඩා නිර්මාණය කිරීමට අපහසුම චිත්‍රපට ඇන්මේෂන් ඒවා වන බව. මොකද මම මේක දන්නෙ මමත් ඇන්මේෂන් ඩිප්ලෝමාවක් හිමි අයෙක් නිසයි. ඔයාලා ගාව මොකක් හරි කැමරාවක් තිබෙනවා නම් අනිවාරයෙන් ඔබ දන්නවා ඇති එයින් විඩියෝවක් මැවෙන බව. ඒත් ඔබ දන්නවාද ඒ විඩියෝව නිර්මාණය වන්නෙ රූප රාමු එකතුවි බව. හරියට කියනවා නම් තප්පරයක් ගතවන්න අනිවාරයෙන් නිශ්චල චායාරූප 25 ක් වත් තිබිය යුතුයි. ඉතිං හිතාගන්න පුළුවන්නෙ ඇනිමේෂන් චිත්‍රපටයක් හදන්නෙ කොහොමද කියලා. සියල්ල මවන්න පරිගණකයෙන්. අප පරිගණකයෙන් ඇනිමේෂන් විඩියෝවක් නිර්මාණය කරනවිට එහි නිශ්චල රූපරාමු නිර්මාණය කිරිමට කියනවා රෙන්ඩර් කරනවා කියලා. ඔබ දන්නවාද ඇතැම් නිශ්චල රූප රාමු වලින් තප්පරයක් සෑදීමට පැය ගණනක් යන බව? එතකොට හිතාගන්නකො පැය 1.30 ක වගේ චිත්‍රපටයක් නිර්මාණය කරන්න කොපමණ කාලයක් වැයවනවද කියා. එනිසා තමයි ලෝකෙ මෙවන් චිත්‍රපට දුර්ලභ. ඇත්තටම කිව්වොත් නිර්මාණය වන්නෙ බොහොම අඩු ප්‍රමාණයකින්. ලංකාවෙ අපිට කවදා අපේ රටින් ඇන්මේෂන් චිත්‍රපටයක් නරඹන්න පුළුවන් වේවිද දන්නෑ. මොකද අපට ඒවගේ පිංතූර රෙන්ඩර් කරන්න තරම් තාක්ෂණයෙන් පිරිපුන් පරිගණක නෑ. ඒත් ඇතැම වෙළඳ දැන්වීම් නිර්මාණය කිරීමේ හැකියාව පවතිනවා. මොකද ඒවට වැයවන්නෙ අඩුකාලයක්නෙ. ඒනිසා මම ඔයාලාගෙන් ඉල්ලන්නෙ ඇන්මේෂන් කියලා අහක දාන්න එපා මේව තමයි පිරිගණක මෙහෙයුම්කරුවන්ගෙ අන්තිම සුපිරි වැඩ.

එදා වගේම අදත් චිත්‍රපටය නිපදවන්නෙ ඩිස්නි හා පික්සාර් සමාගම්. හැබැයි එදා ආපු කාර්ස් චිත්‍රපටයට වඩා මෙවර සජීවීකරණ හා ත්‍රිමාණ කොටස් වලින් පරිපූර්ණ චිත්‍රපටයක් නිපදනලා බව අනිවාරයෙන් කිවයුතුයි. මමත් චිත්‍රපට බලන්න කලිං කල්පනා කරා වාහන වලට පාරක් තිබුනට පාරක් නොමැතිව ආහස්යාත්‍රා තරඟ වදින්නෙ කියලා ඇත්තෙම්ම කිවයුතුයි ඒ අතින් නම් මේ චිත්‍රපටය නම් ඇඬෙන්න කරලා තියෙනවා. එමෙන්ම කිව යුතුයි ප්ලේන් චිත්‍රපටයේදී ඔබ හොඳින් බලන්න නිර්මාපකයන් අලංකාරවත් පසුබිම් නිර්මාණය කරපු අන්දම. ඇතැම් අවස්ථා තිබෙනවා හිතාගන්නවත් බෑ මේවා කොහොම නිර්මාණය කරාද කියලා. ඒ තරමට ලෝකෙ නැති තරමට පසුබිම් නිර්මාණය කරලා තිබෙනවා. එමෙන්ම ඒකට එක්කළයුතුයි මම චිත්‍රපටයෙ දැක්ක ලස්සනම තැන් තමයි අහසේ පෙනුම හා පසුබිමින් එක්කළ ලස්සන රූපරාමුත් ඒ අතරින් හිම සමඟින් අපේ ඩස්ටර් ප්‍රධාන නළුවා ගමන්කරන ස්ථානයක් පෙන්නුම් කරනවා ඒක මගෙ හිතට අල්ලපු ලස්සනම තැනක්. තවත් තැන් තිබෙනවා ඒවා ඔබම විනිශ්චය කරගන්න කෙසේ පිවිතුරුද කියලා

එහෙනම් කතාව ටිකක් කියන්නම් ඩස්ටර් කියලා සාමාන්‍ය අඩු වේගෙකින් යන්න පුළුවන් විදිහට හදපු අහස්යාත්‍රාවක් තිබෙනවා. ඔහුට උවමනායි විශ්වයාත්‍රා කියන තරඟයට මුහුණ දෙන්න. ඒත් හැකියාවක් නෑ මොකද ඔහු අඩු ප්‍රමිතියකින් හදලා තිබෙන නිසා. ඒත් ඔහු උත්සහය අතහරින්නෙ නෑ විවිධ තරඟ වලට සහභාගිවෙලා සුදුසුකම් ලබාගන්නවා. ඒත් කතාව ඇත්තවශයෙන්ම ඇතිවන්නෙ තරඟය තුලයි, සාමාන්‍යෙයන් රේස් තරඟවල හොඳම හරිය අවසන් තරඟය නිසා අවසානෙට තමයි පටංගන්නෙ ඒත් මේකෙ මුල් විනාඩි ගණන තුලදි තරඟය පටංගන්නවා පසුව ඩස්ටර් ඔහුට එන බාධක හමුවෙ තරඟය දිනන හැටි තමයි චිත්‍රපටය පුරාවටම යන්නෙ. විශේෂයෙන් තරඟය සංවිධානය කරන්නෙ ලෝකෙ බොහොම භයානක ස්ථාන අතරින් යැමටයි ඒ අතරිනුත් අපි අසල තිබෙන ඉන්දියාවෙ හිමාලයා කඳුවැටැයත් මැනවින් ලබාගෙන තිබෙනවා. එහෙනම් දැනට කතාව ඇති හැමෝම චිත්‍රපටය බාගෙන හොඳ කමෙන්ටුවකුත් දාගෙන යන්න. තවත් හොඳ චිත්‍රපටයකින් හමුවෙමු හැමෝම.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.3GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
580MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
325MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB Direct Links මෙතැනින් ලබාගන්න




පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

700P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
580MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
325MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චම්පික ලක්රුවන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment