Krrish3 (2013) Sinhala Subtitles


Krrish3 (2013) Sinhala Subtitles
Add to Favorites
Krrish3 (2013) Sinhala Subtitles (152 min 13 sec)
11-07-2013 at 11:07 AM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

Hindi Movies
Favorites: 177 - Views: 44017



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත




  1. Most Popular Subtitles of this Contributor







'
රසික සිත් අමන්දානන්දයට පත් කරමින්, ආදායම් වාර්තා බිඳ හෙලමින්, අති සාර්ථක ලෙස තිරගත වන Krrish 3 (2013) චිත්‍රපටයයි අද ඔබට මෙලෙසින් සමීප කරන්නේ. කෝටි 100ක් උපයාගත් බොලිවුඩ් චිත්‍රපට ලැයිස්තුවට මෙම චිත්‍රපටය එක්වීමට ගත වී තිබෙන්නේ තිරගත වීම ආරම්භ කළ දින පටන් දින 5ක් පමණයි. තිරගත වූ ප්‍රථම දින 5 තුළදී කෝටි 108.71 ක මුදලක් උපයා ගනිමින් කෝටි 100 චිත්‍රපට ලැයිස්තුවට එක්වන 24 වන චිත්‍රපටිය ලෙසින් වාර්තා පොත් අතරට එක්වන්නට මේ සුපිරි සිනමා සිත්තම සමත්කම් දක්වනවා. එක් දිනයක් තුළ උපයාගත් වැඩිම ආදයමට හිමි වාර්තාවත් මේ චිත්‍රපටය ඉදිරියේ ලියවී හමාරයි. නොවැම්බර් 4 වන සදුදා ‍සඳුදා දිනයේදී පමණක් කෝටි 35.91ක් තම ගිණුමට බැර කරගනිමින් තමයි Krrish 3 මේ වාර්තාවට හිමිකම් කිව්වේ. Chennai Express චිත්‍රපටය විසින් තබා තිබූ වාර්තාවක් තමයි එලෙසින් Krrish 3 විසින් බිඳ හෙලනු ලැබුවේ. ඒ වගේම ඉදිරියේදී තවත් බොහෝමයක් ආදයම් වාර්තා මේ චිත්‍රපටය ඉදිරියේ ලියවෙනු ඇතැයි විශ්වාසයෙන් යුතුව කියන්නට පුලුවන්.

ජාත්‍යන්තර චිත්‍රපට දර්ශක අගය 7.0ක් ලෙසින් සටහන් කරගන්නට සමත්කම් දක්වන Krrish 3 චිත්‍රපටය Action, Sci-Fi යන වර්ගීකරණය යටතේ තිරගත වන අතරම චිත්‍රපටයේ ධාවන කාලය විනාඩි 152ක්. 2003 වර්ෂයේ තිරගත වූ Koi... Mil Gaya චිත්‍රපටයේ දෙවන කොටස ලෙසින් Krrish චිත්‍රපටය තිරගත කරනු ලැබුවා 2006 වර්ෂයේදී. එම චිත්‍රපට මාලාවේ 3 වන චිත්‍රපට ලෙසින් තමයි මෙම Krrish 3 චිත්‍රපටය මෙලෙසින් තිරගත වන්නේ.මේ කලින් චිත්‍රපටි දෙකම අප ඔබට සිංහල උපසිරැසි සමගින් සමිප කලා මතක ඇති. සුපුරුදු පරිදි ප්‍රථම චිත්‍රපටි 2 අධ්‍යක්ෂණය කරනු ලැබූ Rakesh Roshan විසින්ම මෙම චිත්‍රපටයටත් අපූරු ලෙස අධ්‍යක්ෂණ කාර්යෙන් දායක වී තිබෙනවා.

සුපිරි වීරයා Krrish චරිතය එහෙමත් නැත්නම් Krishna Mehra කියන චරිතයත්, ඔහුගේ පියා වන Rohit Mehra චරිතයත් හැඩවන්නේ බොලිවුඩ් සුපිරි නළු Hrithik Roshanගේ රංගනයෙන්. ඒ වගේම Krishna Mehra ගේ බිරිඳ Priya Mehra ලෙසින් රංගන කාර්යේ නියැලෙන්නේ සුරූපී නිළි Priyanka Chopra. Kangana Ranaut, Kangana Ranaut සෙසු ප්‍රධාන චරිත සඳහා එක් වී තිබෙනවා.

කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් කාල් නම් පුද්ගලයෙක් විසින් දරුණු වෛරසයක් ලොවට මුදා හරිනවා.මොහු මේ දෙවල් කිරිමේ යටි අරමුණ ගැන මම සදහන් කරන්නේ නෑ ඔයාලාගේ කුතුහලය නැති වෙන නිසා.කාල් විසින් තමන්ගේ බුද්ධියෙන් වගේම තමන්ගේ ඩී එන් ඒ සත්වයන් සමග මිශ්‍ර කරලා සත්ව සහා මිනිස් ගති ගුණ ඇති මිනිස්සත්වයන් කිපදෙනෙක් නිපදවනවා.ඔවුන් තමයි ඔහුගේ ආරක්ෂකයින් වෙන්නේ.කාල්ටද ක්‍රිෂ්ට මෙන් සුපිරි බලයක් තියනවා.ඒ බලය ලැබුනේ කුමකින්ද? ඒ වගේම ක්‍රිෂ් කියන්නේ කවුද කියන එක ලෝකයාට හෙළිදරව් වේවිද? මේ සියල්ල දැනගන්න පුලුවන් මේ චිත්‍රපටිය බැලුවොත්.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 950MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
350MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 900MB DVDRIP Direct Links එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 970MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත පීරිස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment