All The Best (2009) Sinhala Subtitles


All The Best (2009) Sinhala Subtitles
Add to Favorites
All The Best (2009) Sinhala Subtitles (132 min 01 sec)
01-09-2014 at 08:08 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

Hindi Movies
Favorites: 92 - Views: 21145



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්




  1. Most Popular Subtitles of this Contributor






ඔන්න එහෙනම් තවත් චිත්‍රපටියක් අරන් ආවා.මේක සේරම අප්ලොඩ් කරලා බැනර් එක විතරක් දාන්න තියෙද්දි තමයි පොඩි කරදර ටිකක් වෙලා සයිට් එක නැති උනේ. කොහොම හරි අද මේ චිත්‍රපටිය දුන්නොත් හොදයි කියලා හිතුන නිසා ඔන්න අරන් ආවා.චිත්‍රපටිය බලන්න කලින් කෝකටත් ට්‍රේලර් එක ලොඩ් වෙන්න දාලා ඉන්න.ඊට පස්සේ පහල අපේ හැදින්විම කියවලා පස්සේ ට්‍රේලර් එක බලන්න.ඒකම ඇතිවේවි ඔයාට මේ චිත්‍රපටිය ඔයාගේ ඩවුන්ලොඩ් ගොන්නට එකතු කරගන්න.

අපි හැමෝම දවස ගානේ ප්‍රශ්න වලින් තෙරපිලා ඉන්න කොට පොඩ්ඩක් හිතට නිදහසක් ලබන්න කරන්නේ චිත්‍රපටි බලන එකනේ. එකෙනුත් කොමඩි ෆිල්ම් එකක් වගේ බැලුවාම හිතේ තියන කරදර ප්‍රශ්න මොහොතකට හරි අමතක වෙලා යන බව අමුතුවෙන් කියන්න උවමනා නෑ නේ.ඉතින් ඔන්න මම මේ චිත්‍රපටියට උපසිරැසි දාන්න හිතුවේ අන්න ඒ දේ නිසාම තමයි.හැමෝටම හිතේ හැටියට හිනා වේවි බලන්න පුලුවන් චිත්‍රපටියක් වේවි මේක.මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Chennai Express (2013),Singham (2011),Bol Bachchan [2012] වැනි ජනප්‍රිය චිත්‍රපටි අධ්‍යක්ෂනය කල රොහිත් ෂෙට්ටි විසිනි.මේ චිත්‍රපටියේ අජයදේව්ගන්,බිපාෂා බාසු ,සංජේ දත් හා තවත් නළු නිලියන් රැසකගේම රංගනයෙන් හැඩවෙනවා.කොහොමත් රොහිත් ෂෙට්ටිගේ චිත්‍රපටි ගැන වැඩිය කියන්න උවමනාත් නැතිවේවි. ගොල්මාල් චිත්‍රපටි පෙල කවුරුහරි නැරඹුවානම් අනිවාර්යෙන් මේ චිත්‍රපටියත් නරඔන්න.මොකද ඒ සියළුම චිත්‍රපටිවල ආරම්භය මෙයයි.

කතාව ගැන කිව්වොත් වීර් හා ප්‍රේම් කියන්නේ අතිජාත මිත්‍රයින් දෙදෙනෙක්.වීර්ට හිනයක් තියෙනවා ලොකු සංගිත කණ්ඩායමක් පටන් ගන්න ඒ වගේම ප්‍රේම් ගේ හීනය තමයි හොද කාර් රේසර් කෙනෙක් වෙන එක.වීර් ගේ අයියා ධරම් කපූර් ඉන්නේ පිට රට.ප්‍රේම් හා වීර් පොඩි බොරුවක් කියලා ධරම් අයියාගෙන් හැමදාම මාසේකට රු ලක්ෂය ගානේ ගෙන්න ගන්නවා.මේ බොරුව ගැන මම කියන්න යන්නේ නෑ.කොහොම හරි ධරම් කියන්නේ බොරුව පෙන්වන්න බැරි කෙනෙක්. හැබැයි වීර් හා ප්‍රේම් දන්නවා සැහෙන කාලේකට ධරම් අයියා නම් ඉන්දියාවට එන්නේ නෑ කියලා. නමුත් එක දවසක් අහම්බෙන් මෙන් ධරම් විසින් ඉන්දියාවට එනවා.දැන් එක බොරුවක් වහන්න බොරුවෙන් බොරුව කරන්න වෙනවා.ඒ බොරුව වහන්න තව බොරුවක්. ඒ අතර ප්‍රේම් කාර් රේස් එකක් ගිහින් පොඩි අකරතැබ්බයක් වෙලා ලක්ෂ 10ක ණයකරුවෙකුත් වෙනවා.එකත් පලාතේ ලොකුම මැරයාට.මේ වගේ වැඩ ගොඩක් වෙනවා. මේවා කියනවාට වඩා පවුලේ හැමෝටම එකතු වෙලා ආසාවෙන් බලන්න පුලුවන් චිත්‍රපටියක් වේවි. මේක තාම කිසිම රුපවාහිනි නාලිකාවක විකාශණය වෙලා නෑ.මේක හොයන්න පොඩි ගේමකුත් දුන්නා.කොහොමින් හරි ඔන්න ඔයාලා වෙනුවෙන් මහන්සිවෙලා හොයාලා ගෙනත් දුන්නා.එහෙනම් බලන ගමන් අදහසක් දාලා යන්න.අපේ අනිත් යාළුවන්ගෙත් ෆිල්ම් ලිස්ට් එකක්ම තියනවා එන්න. ඒක නිසා එවා බලන්නත් ලැස්තිවෙලා ඉන්න.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
375MB Direct Links මෙතැනින් ලබාගන්න




පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත පීරිස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment