Bombay Talkies (2013) Sinhala Subtitles


Bombay Talkies (2013) Sinhala Subtitles
Add to Favorites
Bombay Talkies (2013) Sinhala Subtitles (125 min 10 sec)
01-12-2014 at 06:54 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

Hindi Movies
Favorites: 101 - Views: 16210



Tags:


උපසිරැසි ගැන්වීම: ගයාන් බුද්ධික ගමගේ







ඉන්දියානු සිනමා කර්මාන්තයට වසර 100ක් සපිරීම නිමිත්තෙන් බොලිවුඩයේ අති දක්ෂ අධ්‍යක්ෂකවරු සිව් දෙනෙකුගෙ කෙටි චිත්‍රපට 4ක් ඇතුළත් කරමින් නිර්මාණය වූ අපූරු සිනමා සිත්තමයි Bombay Talkies.

කරන් ජෝහාර් අධ්‍යක්ෂණය කළ Ajeeb Dastaan Hai Yeh
දිබාකර් බැනර්ජි අධ්‍යක්ෂණය කළ Star
සෝයා අක්තාර් අධ්‍යක්ෂණය කළ Sheila Ki Jawaani
අනුරාග් කාෂ්‍යප් අධ්‍යක්ෂණය කළ Murabba යනු එම චිත්‍රපටි 4යි.

විනාඩි 127ක් පුරා විකාශය වන මෙම චිත්‍රපටය සඳහා ජාත්‍යන්තර සිනමා වර්ගීකරණයේ 6.7ක අගයක් ලැබී තිබෙනවා. මෙම චිත්‍රපටිය සඳහා බොලිවුඩයේ අති දක්ෂ නළු නිළියන් පිරිසක් රංගනයෙන් දායකත්වය ලබා දීල තියෙනවා. Rani Mukerji, Randeep Hooda, Saqib Saleem, Nawazuddin Siddiqui, Naman Jain, Vineet Kumar, මෙහි ඇතුළත්ව ඇති කෙටි චිත්‍රපටයන් තුළ තම රංග ප්‍රතිභාව මැනවින් ඉදිරිපත් කර ඇති අයුරක් දකින්න පුලුවන්. Sheila Ki Jawaani චිත්‍රපටයෙ විකී චරිතය නිරූපණය කරන ළමා නළු Naman Jainගේ රංගනය ඉතාමත් ඉහළ මට්ටමක තිබෙන බවත් මතක් කරන්නම ඕන. ඒවගේම Big B යන අනවර්ථ නාමයෙන් හඳුන්වන බොලිවුඩයේ සුපිරි නළු Amitabh Bachchan සහ සුරූපී බොලිවුඩ් නිළි Katrina Kaif මෙම චිත්‍රපටි සඳහා ආරාධිත රංගන ශිල්පීන් වශයෙන් දායක වී තිබෙනවා.

ඉන්දියානු සිනමා කර්මාන්තයේ පෙරළියක් ඇති කළ දක්ෂ, ජනප්‍රිය නළු නිළියන් බොහෝ පිරිසක් මෙම චිත්‍රපටය අවසානයේ ප්‍රචාරය වන ගීතය සඳහා අරාධිත රංගනයක නිරත වනු දකින්නටත් පුලුවන්. ගීතයේ පෙනී සිටින අනුපිළිවෙලින්ම ඒ අය කවුද කියල සඳහන් කරන්නම්කෝ. Aamir Khan, Madhuri Dixit, Karisma Kapoor, Akshay Kumar, Juhi Chawla, Saif Ali Khan, Rani Mukerji, Sridevi, Priyanka Chopra, Farhan Akhtar, Imran Khan, Vidya Balan, Kareena Kapoor Khan, Ranveer Singh, Anil Kapoor, Shahid Kapoor, Sonam Kapoor, Deepika Padukone, Ranbir Kapoor, Shahrukh Khan.

ඒ වගේම බොලිවුඩ් සිනමා කර්මාන්තය තුළ නොමැකෙන මතක සටහන් තැබූ සුවිශේෂී චරිත කිහිපයක් මෙම චිත්‍රපටය තුළ දක්නට නොලැබීමත් වි‍ශේෂත්වයක්. salman khan, aishwarya rai, kajol, hrithik roshan වැනි සුපිරි තරු ඒ අතර වෙනවා. චිත්‍රපටි 4 ගැන මම විස්තර කරන්න යන්නෙ නෑ. ඔයාලම අරගෙන බලන්න හොඳද කියල. අධ්‍යක්ෂකවරු හතර දෙනා දිහා බැලුවම ඉතින් හිතා ගත්ත හැකිනෙ චිත්‍රපටි කොහොමට ඇත්ද කියල. එහෙනම් තවත් චිත්‍රපටියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා, ඔබට සුභ දවසක්, සතුටින් ඉන්න.
[email protected]



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 950MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 950MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගයාන් බුද්ධික ගමගේ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment