Boss (2013) Sinhala Subtitles


Boss (2013) Sinhala Subtitles
Add to Favorites
Boss (2013) Sinhala Subtitles (3 min 18 sec)
01-15-2014 at 08:49 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Hindi Movies
Favorites: 97 - Views: 17752



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත




  1. Most Popular Subtitles of this Contributor






ඔන්න තවත් අලුත් හින්දි චිත්‍රපටියක් අරන් ආවා. කාලේකින් ටිකක් අමාරුවෙන් කරපු චිත්‍රපටියක්. මොකද මේකේ ඉංග්‍රිසි සබ් එකේ වැරදි එකක් දෙකක් නෙමෙයි වැරදි ගොඩාක් තිබ්බා. ඉතින් බොහොම කල්පනාවෙන් තමයි දාන්න උනේ.මම හිතන්නේ 99%ක් මම උපසිරැසියට සාධාරණයක් කරන්න ඇති කියලා.ඒක බලන ඔබට තමයි බාර.හරි එහෙනම් කතාව පැත්තට බහිමු.


ජනප්‍රිය නළු නිලියන් රැසක් මේ චිත්‍රපටියේ රංගනයෙන් දායකත්වය දක්වනවා ඒ අතරට Akshay Kumar,Mithun Chakraborty,Aditi Rao Hydari,Johnny Lever,Ronit Roy යන අය ඇතුලත් වෙනවා.හැමදාම වගේ අක්ෂේ කුමාර් රංගනයේ ලොකු වෙනසක් නම් මේ චිත්‍රපටියෙන් අපිට බලාපොරොත්තුවෙන්න නම් බැහැ. සමාන්‍ය කොමඩි ඇක්ෂන් චරිතයට කොටු වෙලා ඉන්න ආකාරයක් තමයි මට නම් මේ චිත්‍රපටියේ පුරාවට පෙනුනේ.කොහොම නමුත් පැය 2යි විනාඩි 20ක කාලයක් ඔබව වින්දනයෙන් තබන්න නම් මේ චිත්‍රපටියට හැකිවේවි.ඒ වගේම දමිළ ජනප්‍රිය සිංදුවක හින්දි නිර්මාණයත් මේ චිත්‍රපටියෙන් ඔයාලට දැක ගන්න පුලුවන් වේවි.

කතාව කියනවා නම් සත්‍යඛාන්ට් ශාස්ත්‍රී කියන්නේ ගමේ පාසලක ගුරුවරයෙක්.මොහුට ළමයි දෙදෙනෙක් සිටිනවා ශිව් හා සුර්යා.
සූර්යා කියන්නේ පොඩ්ඩක් ඇත්තනම් ටිකක් තරහා යන කෙනෙක්. තමන්ගේ තාත්තාට අපහස කලා කියලා මොහු පාසලේ ළමයෙක් එක්ක ගැටුමක් ඇති කරගන්නවා. සත්‍යාඛාන්ත් අවවාද කරනවා මේ විදියට ළමයි එක්ක ගහාගන්න යන්න එපා කියලා.නමුත් සූර්යා ඒ දෙවල් නවත්වන්නේ නෑ. අවසානයේ සූර්යා අතින් අර ළමයාව මරණයට පත්වෙනවා.මේ නිසා සත්‍යඛාන්ට් මෙයාව ගෙදරින් පන්නනවා. මොහුට මේ අතර තාවූජී කියලා ලොකු මැරයෙක්ව හම්බවෙනවා.තාවූජිට වෙන්න ගිය කරදරයකින් බේරගත්ත නිසා තාවූජී සූර්යාව තමන්ගේ ළමයෙක් වගේ උස්මහත් කරනවා. සූර්යා තමයි බොස් ලෙස පත්වෙන්නේ. වසර ගණනාවක් ගෙවිලා ගියත් සුත්‍යඛාන්ත් කිසිම දවසක සූර්යාට නම් කතා කලේ නැහැ.කොහොම හරි මෙහෙම අවුරුදු ගානක් ගියාට පස්සේ ශීව් ව එයාගේ දිල්ලි වල ඉන්න පොලිසියේ වැඩ කරන මාමා ගාවට යවනවා.කොහොම හරි පොඩි සිදුවිමක් වෙලා ශීව්ට අන්කිතා කියලා ගැණු ළමයෙක් මුණ ගැහෙනවා. අන්කිතාගේ අයියා තමයි ACP තමයි අයුෂ්මාන් තාකූර් කියන්නේ.ඔහු පොලිසියේ වැඩ කලාට මැරයෙක්.හිතුන දේ කරන කෙනෙක්.මොහු දැනගන්නවා ශිව් කියලා කොල්ලෙක් තමන්ගේ නංගිට ඇගළුම් කම් පානවා කියලා.අයුෂ්මාන් ශිව්ව බොරු චොදනා රැසක් කරලා හිරේට දානවා. සත්‍යාඛාන්ට කරගන්න කිසිම දෙයක් නැතිවෙනවා. මොකද පොලිසිය එතකොට මැති ඇමතිවරු හැමෝම අයුෂ්මාන්ට උදව් කරන නිසා.අයුෂ්මාන් එක්ක හැප්පෙන්න පුලුවන් එකම කෙනයි ඉන්නේ. ඒ බොස්. එත් සත්‍යාඛාන්ත් තමන්ගේ ලොකු පුතා සූර්යා ඒ කියන්නේ බොස් ගේ උදව් ඉල්ලන්න යයිද? බොස්ටත් මේ අයුෂ්මාන් එක්ක හැප්පෙන එක්ක ලේසි වෙයිද? එතකොට ශීව්ට මොනා වෙයිද? මේ හැමදේම දැනගන්න නම් චිත්‍රපටිය බලන්න.


කාලේකට පස්සේ චිත්‍රපටියක ලොකු විස්සතරයක් ලිව්වා එහෙම නම් චිත්‍රපටිය අරන් යන ගමන් මොනා හරි කොටලා යන්න ඩවුන්ලොඩ් පිටුවේ.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 950MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
350MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 950MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත පීරිස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment