The Conjuring (2013) Sinhala Subtitles


The Conjuring (2013) Sinhala Subtitles
Add to Favorites
The Conjuring (2013) Sinhala Subtitles (112 min 04 sec)
01-16-2014 at 06:43 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 134 - Views: 18349



Tags:


උපසිරැසි ගැන්වීම: සුලාන් සම්පත්




  1. Most Popular Subtitles of this Contributor







ඔන්න එහෙනම් මම ඔයාලට තවත් ලස්සන චිත්‍රපටියක් අරගෙන ආවා.ලස්සන කිව්වට භයානක එකක්.. දෙමළ, තෙළිගු, හින්දි යන වර්ග තුනේම චිත්‍රපටි වලට මම ඔයාලට උපසිරැසි දීල තියෙනවානෙ.ඉතිං ඉංග්‍රිසි එකකටත් උපසිරැසි දෙන්න ඕන කියල හිතුන නිසයි මේ චිත්‍රපටිය අරගෙන ආවෙ. මම භයානක එකක් කියල කිව්වෙ මේක හොල්මන් ෆිල්ම් එකක්.ඇත්තටම හැබැයි බය හිතෙනවා. මේකෙ කථාව ලස්සන පුංචි පවුලක් වටා තමයි ගෙතිල තියෙන්නෙ. මේකට VERA FARMIGA, PATRICK WILSON, LILI TAYLOR, RON LIVINGSTON යන නළු නිළියන් රන්ගනයෙන් දායකවෙලා තියෙනවා.
චිත්‍රපටිය ගැන කියනව නම් මේක නිර්මාණය වෙලා තියෙන්නෙ සත්‍ය කථාවක් ඇසුරෙන්.මේ කථාව දිවෙන්නෙ බැංකු වෙන්දේසියකින් මිලදී ගත්ත ගෙයක් මුල් කරගෙනයි.බැංකු වෙන්දේසියෙන් මේ ගේ මිලදී ගන්නෙ රොජර් (RON LIVINGSTON) ගෙ පවුලෙ කට්ටියයි.මේ ගොල්ලො මේ ගේ මිලදී ගන්නෙ මෙහෙ හොල්මන් සිටින බව නොදැනයි.නමුත් ගේ මිලට අරන් ටික දවසක් ගියාට පස්සෙ මේ ගොල්ලන්ට තේරෙනවා ගෙදර මොකක් හරි අමනුෂ්‍යය දෝෂයක් තියෙනවා කියලා. ඉතිං රොජර්ගෙ බිරිද කැරොලින් (LILI TAYLOR) මේ පිළිබදව හොල්මන් එළවන කට්ටියක්ට දැනුම් දෙනවා.ඒ ලොරේන් (VERA FARMIGA) සහ එඩ් (PATRICK WILSON) යන දෙන්නටයි. මේ දෙන්නගෙ දැනුමෙන් හොයාගන්නවා මේ ගෙදර හොල්මනක් සිටින බවටත් ඒ හොල්මන මීට පෙරත් ජීවිත බිලි අරගෙන තියෙන බවටත්.මේ හොල්මන ගෙදර සිටින මවට වැසී ඇගේ දරුවන්ව මරා දමන බවටත් ඔවුන් සොයා ගන්නවා.අන්තිමේදි කොහොම කොහොම හරි කැරොලින්ට මේ හොල්මන ආවේශ වෙනවා.කැරොලින්ට ඉන්නවා ලස්සන පුංචි ගෑණු ළමයි හතර දෙනෙක්. කැරොලින් මේ ළමයින්ට කරදරයක් කරයිද? නැත්නම් එඩ්ලට මේ හොල්මන එළවන්න පුළුවන් වෙයිද? කියල ඔයාලම බලන්නකො.
හැබැයි ඔන්න දැම්ම කිව්වා ටිකක් බය හිතෙන චිත්‍රපටියක්... පස්සේ මට නූල් බදින්න කියල නම් කියන්න එපා. . එහෙනම් ළගදිම තවත් ලස්සන චිත්‍රපටියකින් හම්බවෙමු. ඔබට ජය.....!




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.65GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 810MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
360MB BRRIP Torrent File මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.65GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 810MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුලාන් සම්පත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment


(function(i,s,o,g,r,a,m){i['GoogleAnalyticsObject']=r;i[r]=i[r]||function(){ (i[r].q=i[r].q||[]).push(arguments)},i[r].l=1*new Date();a=s.createElement(o), m=s.getElementsByTagName(o)[0];a.async=1;a.src=g;m.parentNode.insertBefore(a,m) })(window,document,'script','//www.google-analytics.com/analytics.js','ga'); ga('create', 'UA-56778863-1', 'auto'); ga('send', 'pageview');