Jannat (2008) Sinhala Subtitles


Jannat (2008) Sinhala Subtitles
Add to Favorites
Jannat (2008) Sinhala Subtitles (135 min 16 sec)
01-17-2014 at 09:00 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Hindi Movies
Favorites: 96 - Views: 13927



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත




  1. Most Popular Subtitles of this Contributor






ආදරය මහා පුදුමාකාර දෙයක් නේ. කොච්චර නරක කෙනෙක් උනත් කොච්චර දරුණු කෙනෙක් උනත් අවංක ආදරය හමුවේ හිස නමන්න ලැස්තියි.හැබැයි ඒකට අවංක ආදරයක් නම් අනිවාර්යෙන් මුණ ගැහෙන්න ඕන.ඒ නිසාම වෙන්න ඇති කියන්නේ ආදරයට කෙනෙක් පිස්සෙක් උනත් කරන්න පුලුවන් කියලා. ගැණු ළමයින්ට මොකක් හරි දේකින් හිත කැඩුනාම හිත හදාගන්නවා කියන එක බොහෝම සරළ දෙයක්. ඇත්තටම පිරිමි ළමයි තමයි හැමවේලේම තදට හිටියාට ඒ වගේ දෙයක් උනොත් හුගක්ම ඇද වැටෙන්නේ.තමන්ගේ ගැණු ළමයා තරහා උනොත් මොකක් හරි දෙයක් උනොත් ආපහු එයාව ලබා ගන්න ඕනම දෙයක් කරන්න ඒ වගේ අය ලැස්තියි.මම හිතන්නේ ඒකයි අවංක ආදරය කියන්නේ.එහෙම නැති අයට නම් මේ ගැන ගානක් නෑ. ඒ වගේ ආදරයවන්තයෙක් ගැන කියවෙන කතාවක් තමයි අද මම අරන් ආවේ.ජන්නත් කියන නම සූම් ඔයාලාට අලුත් නමක් නෙමෙයි මොකද Jannat 2 [2012] චිත්‍රපටිය මම කලින්ම ඔයාලාට ගෙනත් දිපු නිසා.චිත්‍රපටි දෙක එකිනෙකට වෙනස් දෙකක් හින්දා තමයි කලින්ම දෙවැනි චිත්‍රපටිය ආව ගමන්ම දිලා ඇත්තේ. පලවෙනි චිත්‍රපටියේ අඩුව පුරවන්න තමයි අද මම හදන්නේ.

2008 මැයි මාසේ තිරගත උන ජන්නත් චිත්‍රපටිය Vishesh Bhatt ගේ අධ්‍යක්ෂනයක්. මෙහි රංගනයෙන් අපි කවුරුත් දන්න Emraan Hashmi හා Sonal Chauhan දායක වෙනවා. බොක්ස් ඔෆිස් වාර්තා තැබිමට මේ චිත්‍රපටිය සමත්වෙනවා මෙන්ම ඒකල බිහිවු ලස්සනම ආදර කතාව සහිත චිත්‍රපටියද මෙය වෙනවා.හරියට දැන් ආශිකි 2 එක වගේ.ඉන්දිය රුපියල් කෝටි 12ක් වියදම් කරලා හදපු මේ චිත්‍රපටිය ලොව පුරා තිරගත වෙලා හොයපු ආදයම කෝටි 68ක්.මෙහි ඇති Zara Sa හින්දි ගීතය අදටත් ජනප්‍රියව පවතිනවා.ඒ එක්කම මේ චිත්‍රපටිය විචාරකයන් හදුන්වනු ලැබුවේ මාසාලා හිට් එකක් කියලා. ඒ මෙහි කතා තේමාව නිසා එක් අතකට මෙය ක්‍රියාදාම චිත්‍රපටියක් ලෙස ගන්න පුලුවන්,තවත් කෙනෙක්ට මේක ආදර කතාවක් වෙන්න පුලුවන් අනීක් අතට මේ චිත්‍රපටිය කාලීන මාතෘකාවක් වෙන ක්‍රිකට් තරඟ පවා දිම ගැන හදපු නිසා.කාලින තේමාවක් රැගත් චිත්‍රපටියක් ලෙසත් හදුන්වන්න පුලුවන්.කෝකටත් ඔයත් මේ චිත්‍රපටිය බලලා මේක ගැන තිරණයක් කරන්න.

චිත්‍රපටිය ගැන කියනවා නම් අර්ජුන් කියන්නේ රස්සාවක් නැති ඔට්ටු සෙල්ලම් කරලා ජිවත් වෙන තරුණයෙක්.මොහුට පුදුම හැකියාවක් තියනවා ඒ තරඟයක් දිහා බලන් ඉදලා කවුද ක්‍රිකට් තරගේ හරියටම දිනින්නේ කියලා කියන්න පුලුවන්.පොඩියට ඔට්ටු අල්ලන්න පටන් ගන්න මොහු අන්තිමට මහාපරිමාන ලෙසම තමන්ගේ වැඩේ ආරම්භ කරනවා. මෙච්චර සල්ලි පස්සේ දුවන් යන්නේ ඔහු සල්ලි වලට තියන ලැදි කම නිසා නම් නෙමෙයි.ඒ ඔහුට අහම්බෙන් හම්බුන සෝයා නම් තරුණිය නිසා.ඕනම කෙල්ලෙක් මුලින් කියනවා නේ අනේ අපිට සල්ලි නම් එපා. ඔයා විතරක් මට හොදටම ඇති. කියලා.එත් ඇත්ත තමයි කෙල්ලන්ට සල්ලි තියනවා නම් ඕනම එකක්.මේ ගැන අර්ජුන් දන්නවා.ඒ නිසා තමන්ගේ ගැණු ළමයාව සතුටු කරන්න හිතලා සල්ලි හොයන්න මේ මාර්ගය තෝරගන්නවා.නමුත් මේක වැරදි බව අමුතුවෙන් කියන්න උවමනා නැනේ.ACP අජය.මේ ගැන පරික්ෂන කරන නිලධාරියෙක්. ඔහු දන්නවා අර්ජුන් මැච් ෆික්ස් කරන බව.එත් සාක්ෂි නැතිවෙනවා.සාක්ෂි හොයාගන්න අජය සෝයාව පාවිච්චි කරන්න ගන්නවා.එයාගේ මාර්ගෙන් අර්ජුන්ගේ හොර වැඩ අල්ලන්න.මෙතැනින් එහාට මම කතාව කියන්නේ නෑ අරන් බලන්න....

කොහොම උනත් එක දෙයක් නම් කියන්නම ඕන. කොහොම උනත් කොල්ලෝ තරම් අවංකව ආදරය කරන්න කෙල්ලන්ට මම නම් හිතන්නේ නෑ පුලුවන් වෙයි කියලා. කොහොම උනත් ජන්නත් චිත්‍රපටිය මේ හැමදේකටම උත්තරයක් වේවි. සමුගන්නම් තවත් ආදරණිය සිනමා සිත්තමක් සමගින් හමුවෙන බලාපොරොත්තුවෙන්.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 750MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 750MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත පීරිස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment