Phata Poster Nikhla Hero (2013) Sinhala Subtitles


Phata Poster Nikhla Hero (2013) Sinhala Subtitles
Add to Favorites
Phata Poster Nikhla Hero (2013) Sinhala Subtitles (139 min 29 sec)
01-20-2014 at 07:18 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Hindi Movies
Favorites: 92 - Views: 20296



Tags:


උපසිරැසි ගැන්වීම: M.D.W.Eranga




  1. Most Popular Subtitles of this Contributor





ඔන්න එහෙනම් තවත් ලස්සන හින්දි චිත්‍රපටියක් අරන් ආවා. Action | Comedy යන ගණයට අයත් වෙන මේ චිත්‍රපටිය, Imdb Ratings: 5.0/10ක අගයක් අරන් තියෙනවා. Shahid Kapoor, Ileana D'Cruz විසින් මේකෙ ප්‍රධාන චරිතයන් සදහා පණපොවනවා. ඒවගේම මේක Shahid Kapoor, 2012දී නිර්මාණය වූ Teri Meri Kahaani චිත්‍රපටියෙන් වසරකට විතර පසුව රංගනයෙන් දායකවූ මුල්ම චිත්‍රපටියද වීම විශේෂ කරුණක්. එහෙනම් වැඩි විස්තර නැතුව කතාව ගැන ටිකක් බලමු.

විශ්වාස් රාඕ (Shahid Kapoor)පුංචි කාලයේ සිටම ඔහුගේ අම්මාගේ සිහිනය තමයි එයාව හොද පොලිස් නිළධාරියෙක් කරන එක. ඒත් එයාටනම් පුංචි කාලයේ ඉදන්ම ඕනි වුනේ චිත්‍රපටිවල සුපිරි තරුවක්(වීරයෙක්) වෙන්නයි. කාජල් (Ileana D'Cruz) කියන්නේ සමාජ සේවිකාවක් වගේම වාර්තාකාරියක්, ඇය කරන්නෙ නගරයේ මොකක් හරි වැරැද්දක් ගැන දැනගත්තොත්, ඒ ගැන පොලීසිය දැනුවත් කරන එකයි. දවසක් විශ්වාස් පොලිස් ඇදුමින් ෆොටෝ වගයකට පෙනී ඉදලා එනකොට, එයාට කාජල්ව මුණ ගැහෙනවා. එයා හිතන්නෙ විශ්වාස් කියන්නෙ ඇත්තම පොලිස් නිළධාරියෙක් කියලයි. ඇය නගරයේ සිදුවන පැහැරගැනීමක් පළිබද දැනුවත් කරලා, විශ්වාස් ලවා ඒ මැරයින්ව නවත්වනවා. ඊට පස්සෙ නගරයේ බොහෝ දෙනා හිතන්නෙත් මෙයා ඇත්තටම පොලිස් නිළධාරියෙක් කියලයි.ඒකෙන් මෙයා ගොඩක් ප්‍රසිද්ධ වෙනවා. ඒවගේම මේ ගැන දැනගත්තු විශ්වාස්ගෙ අම්මාත් විශ්වාස්ව හමුවීමට මුම්බායි වලට එනවා. අම්මා මේ ගැන දැනගත්තහම ගොඩක් සතුටු වෙනවා. ඒක නිසා විශ්වාස්ට ලොකු බොරුවක් කරන්න වෙනවා. ඒත් එක දවසක් විශ්වාස් ෆිල්ම් ශූටින් එකක් කරන අතරතුර එතනට එයාගෙ අම්මා එනවා. එයා ඇත්ත මොකක්ද කියලා දැනගත්තහම ඒ දුක දරාගන්න බැරි වෙලා ඇයව රෝහලට ඇතුලත් කරන්න වෙනවා. ඒවිතරක් නෙමෙයි, මේ අතරතුර නැපෝලියන් කියලා මැරයෙක්ගෙ දරුණු මෙහෙයුමකුත් දියත්වෙනවා. නැපෝලියන් කවුද කියලත් ඔයාලට අන්තිමට දැනගන්න ලැබේවි. ඒවගේම මේක නියම කොමඩියක් කියලත් කියන්න පුළුවන්. ඒවගේම ලස්සන සිංදු ටිකකුත් තියෙනවා. කතාව ඇති, එහෙනම් ඔයාලම අරන් බලන්නකෝ.

ඒවගේම කියන්න ඕනි, මේකෙ සබ් ලයින් 2450කටත් වැඩි ගණනක් තිබුනා. මම දාපු සබ් ලයින් ගාන වැඩිම ෆිල්ම් එකත් මේක. ඒකනිසා අදහසකුත් දාගෙනම යන්න හොදේ. එහෙනම් තවත් ලස්සන චිත්‍රපටියකින් හමුවන තුරු හැමෝටම සුභ දවසක්.



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB DVDRIP Torrent file එක මෙතනින් ගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent file එක මෙතනින් ගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ M.D.W.Eranga විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment