Redemption (2013) Sinhala Subtitles


Redemption (2013) Sinhala Subtitles
Add to Favorites
Redemption (2013) Sinhala Subtitles (101 min 00 sec)
01-22-2014 at 09:05 PM
Uploaded by HEDZ

Rating: 5 after 5 votes

English Movies
Favorites: 108 - Views: 20671



Tags:


උපසිරැසි ගැන්වීම: ධනුෂ්ක ලක්මාල් (tharaka)







සුබ දවසක් හැමෝටම.සමහර අය හිතනවා ඇති කෝ මේ සුම් එකේ පරණ අය කියල.මේ දවස් වල බොහෝම කාර්යය බහුලයි.එත් ඒ බවින් මිදිලා අද උපසිරැසි එකක් අරන් ආවා.ඒ වගේම අද නම් මට විශේෂ දවසක්. අද තමයි මගේ 100 වෙනි උපසිරැසි නිර්මාණය. outlander 2008 චිත්‍රපටයෙන් උපසිරැසි නිර්මාණය එක් වු මම අද redemption 2013 චිත්‍රපටයෙන් උපසිරැසි 100 සම්පූර්ණ කරනවා. චිත්‍රපට උපසිරැසි 67 ක් සහ රූපවාහිනි කතාංග 33 ක් උපසිරැසි ලෙස පරිවර්ථනය කරලා තියෙනවා. හිංදි, දමිළ, තෙළිඟු, ඉංග්‍රීසි සහ වෙනත් භාෂාවල චිත්‍රපට මේ තුළ ඇතුලත්ව තියෙනවා. මම හිතන්නේ සූම් එකේ උපසිරැසි 100 පසුකල පළමු සමාජිකයා මම වෙන්න ඕන, ගොඩක් බාධක මැද උපසිරැසිකරණයට එක් වු මා අද මේ පසු කරන කඩ ඉම ගැන ගොඩක් සතුටු වෙනවා, උපසිරැසිකරණයේදි මා හට ගොඩක් උදව් උපකාරකල HEDZ සහෝදරයාව මුලින්ම මතක් කරන්න ඕන, ඔහු නැත්නම් අද මට මේවගේ තැනකට එන්න වෙන එකක් නැහැ. ඒවගේම මා සමඟ සහයෝගයෙන් උපසිරැසි නිර්මාණය කල නම් වශයෙන් සඳහන් නොකලත්,ඒ හැම කෙනෙක්ටම ස්තූතිවන්ත වෙනවා. ඒවගේම මාව දිරිමත් කරන්න වගේම අධෛර්‍යයමත් කරන්නත් අදහස් හා යෝජනා චෝදනා එල්ලකල හැමදෙනාටමත් ස්තූතිවන්ත වෙනවා. මගේ හැම උපසිරැසි නිර්මාණයක්ම එකම තැනකින් ලබාගන්න පුළුවන්, ඒ සූම් එකෙන් පමණයි.උපසිරැසි 100 ම සූම් එකෙන් ලබාගන්න පුළුවන්.ඉතින් වැඩි විස්තරයක් කියන්න යන්නේ නැහැ,මින් ඉදිරියටත් සූම් එකත් එක්ක එකතුවෙලා උපසිරැසි නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා.


චිත්‍රපටිය ගැන කියන්නම් ටිකක්. මේ චිත්‍රපටිය නම් තුනකින් හදුන්වනවා ඒ Redemption,Hummingbird හා Crazy Joe කියන නම් වලින්.සාජන්ට් ස්මිත් හමුදා විශේෂ බලකායේ හිටිය නිළධාරියෙක්. ඇෆ්ගනස්ථානයේදි ඇතිවන ප්‍රහාරයකින් මොහුගේ මුළු කණ්ඩායමම මිය යනවා. නමුත් මොහු බේරෙනවා. නමුත් මොහුට යුධ අධිකරණයේ චෝදනා ගොනුවෙනවා.මොහු මෙයින් පැනලා යනවා.පැනලා ගිහින් ලන්ඩන් නුවර විථි වල ජිවත් වෙමින් කාලය ගත කරනවා. නමුත් එක රැයකදි ඇති වන සිදුවිමකින් හැමදේම වෙනස් වෙනවා.මොහු හමුදා යුධඅධිකරණයෙන් පැන ආවේ ඇයි? එතකොට මොහුගේ ජිවිතය මොන වගේ ඉරණමකට මුහුණ පායිද මේ සියල්ල දැනගන්න පුලුවන් මේ චිත්‍රපටිය බැලුවොත් තමයි..

ඒ වගේම අපි මේ දිලා තියන ටොරන්ට් එක අරගන්න.චිත්‍රපටිය නම් ගොඩකින් ආවා වගේම ධාවන කාල වෙනස් චිත්‍රපටිත් ආවා. මේ අපි දුන්න ටොරන්ට් එක චිත්‍රපටියට නියමිත වු ඉතාමත් හොද ගුණාත්මක භාවයෙන් යුත් එකක්.සමහර විට ඇතැම් බුලුරේ පිටපත් වලට උපසිරැසි නොගැලපෙන්න ඉඩ තියෙනවා. එහෙම උනොත් දන්වන්න.එකත් හදලා දෙන්නම්. එහෙනම් මගේ 100වැනි උපසිරැසිය දක්වා සිටි හැමෝටම ස්තුතියි. ඔබ සතුටු නම් කමෙන්ට් එකක් පල කරලා යන්න. ඔයාලා හැමෝම දන්නවා සුම් එකේ කිසිම සමාජිකයෙක් කමෙන්ට් හෝ වෙනත් වාසි බලාගෙන වැඩ කරන්නේ නෑ. බල කරලා ගන්න අදහස් 1000කට වඩා ඔබගේ හිත ඇතුලින් ලැබෙන කමෙන්ට් එක අපිට ඇති. එහෙනම් ආපහු චිත්‍රපටි කිහිපයක් සමගින් හමුවෙමු.




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල් (tharaka) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment