Gori Tere Pyaar Mein (2013) Sinhala Subtitles


Gori Tere Pyaar Mein (2013) Sinhala Subtitles
Add to Favorites
Gori Tere Pyaar Mein (2013) Sinhala Subtitles (3 min 26 sec)
01-29-2014 at 09:30 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Hindi Movies
Favorites: 121 - Views: 20275



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත




  1. Most Popular Subtitles of this Contributor






ඔන්න එහෙනම් තවත් හින්දි චිත්‍රපටියක් ඔයාලට තිළිණ කරන්නයි හදන්නේ.මේ චිත්‍රපටියත් එක්ක මම තවත් කඩඉමක් පනින්න එන්න එන්න ලං වෙනවා. ඒ ගැනත් ලගදිම කට්ටියටම දැනගන්න පුලුවන් වේවි. ඉම්රාන් ඛාන්,කරීනා කපූර් රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටිය ලොව පුරා තිරගත විම ඇරබුනේ 2013 නොවැම්බර් 23වැනි දින ඉදලායි.කට්ටියට මතක ඇතිනි ආශිකි 2 චිත්‍රපටියේ ආරෝහි (Shraddha Kapoor) මේ චිත්‍රපටියේ ආරාධිත රංගනයෙකුනුත් දායක වෙලා තියෙනවා.I Hate Luv Storys චිත්‍රපටිය ඔයාලා වෙනුවෙන් තිළින කරපු Punit Malhotra තමයි මේ චිත්‍රපටියත් අධ්‍යක්ෂනය කරන්නේ.

කතාව මෙහේමයි ශ්‍රිරාම් ට දවසක් අහම්බෙන් වගේ තමයි දියාව මුණ ගැහෙන්නේ. දියාව දැක්ක ගමන් ශ්‍රිරාම්ට ආදරයක් ඇති වෙනවා. නමුත් දෙන්නාගේ නොගැලපීම් ගොඩයි.එකක් වයස අතින් දියා ශ්‍රිරාම්ට වඩා අවුරුදු 3ක් 4ක් වැඩිමහල්. අනික දියා කියන්නේ සමාජ සේවයට කැමැති කෙනෙක්.නමුත් ශ්‍රිරාම් සල්ලි මත්තේම මැරෙන පුලුවන් උපරිම වෙලාවේ ජොලියේ ඉන්න බලන කෙනෙක්. කොහොමින් කොහොම හරි දෙන්නා ආදර සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියත් මේක බිදිලා යනවා. ශ්‍රිරාම් කියන්නේ කිසිම බරක්පතලක් හිතන්නේ නැති කෙනෙක්.ඉතින් ගෙදර අය හිතනවා අඩුම තරමේ කසාද බැන්දාමවත් ශ්‍රිරාම් හැදෙයි කියලා එයාට හොද පවුලකින් ගැණු ළමයෙක් බලනවා. ශ්‍රිරාම් යන්නේ මේකට අකමැති වෙන්න කියලා හිතාගෙන නමුත් ගැණූ ළමයා දැක්කාම ශ්‍රිරාම්ගේ අදහස වෙනස් වෙනවා.ඒ ගැණු ළමයා තමයි වසූදා (Shraddha Kapoor) එත් මේ වසුදා වෙන කෙනෙක්ට ආදරේ කරන නිසා ශ්‍රිරාම්ට කියනවා මේ කටයුත්තට අකමැති වෙන්න කියලා.නමුත් ශ්‍රිරාම් හිතනවා වසූදාගේ ප්‍රශ්නයක් නම් එයා ගෙදර අය එක්ක විසදගන්න එපැයිනේ මම මොකටද අකමැති වෙන්නේ කියලා කසාදේට කැමැති වෙනවා. නමුත් ශ්‍රිරාම්ගේ හිතේ දියා ගැන තියන මතකේ නැති වෙලා නැහැ. වසූදාට ශ්‍රිරාම් කියනවා මේ දියා ගැන. ඒ දෙන්නා යාළු උන හැටි තරහා උන හැටි. මේ කතාව අහගෙන හිටිය වසුදාට නම් දැනෙන්නේ ශ්‍රිරාම් තරහින් හිටියාට දියාට තාමත් ආදරේ කරනවා කියලා.එත් දැන් ශ්‍රිරාම්ගෙයි වසූදාගෙයි කසාදේ තින්දු වෙලාත් ඉවරයි.එතැනින් එහාට මොනා වෙයිද? ශ්‍රිරාම් වසූදාව සද්ද නැතුව කසාද බදිවිද? නැත්නම් දියාව හොයාගෙන ආපහු යාවිද? අවුරුදු ගානකින් අනික දියාව මුණ ගැහිලාත් නෑ ඉතින් දියා මොන තත්වයේ ඇතිද? මේ සේරම ගැන උත්තර දැනගන්න මේ චිත්‍රපටිය අරන් බලන්න. තව දෙයක් ආදරය කරද්දි ප්‍රශ්න කරදර බාධක එනවා තමයි සමහර විට නොගැලපිම් වැඩි නිසා මේ ශ්‍රිරාම් දියා වගේ නිතර රණ්ඩුවෙන්නත් පුලුවන් එත් කල්පනා කරලා බලන්න හැමදාම පැටියෝ බබෝ ගාන ආදරේකට වඩා අර වගේ ආදරයකත් අමුතුම ගතියක් තියනවා නේද කියලා. ඉතින් ඔය වගේ කතාවක් තියන මේ චිත්‍රපටිය බලන්නකෝ. මෙන්න අපි ගියා.


මේ චිත්‍රපටියේ DVD හා BRRIP පිටපත් වර්ග දෙකටම ගැලපෙන ලෙස උපසිරැසි නිකුත් කර ඇත.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 950MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
350MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

720P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත පීරිස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment