Luv Ka The End (2011) Sinhala Subtitles


Luv Ka The End (2011) Sinhala Subtitles
Add to Favorites
Luv Ka The End (2011) Sinhala Subtitles (114 min 42 sec)
02-04-2014 at 10:22 AM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

Hindi Movies
Favorites: 101 - Views: 25840



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත




  1. Most Popular Subtitles of this Contributor






එහෙනම් ඔන්න තවත් ලස්සන චිත්‍රපටියක් අරගෙන ආවා. චිත්‍රපටියේ ඉන්නේ කවුද කියනවා නම් Aashiqui 2 චිත්‍රපටිය නොබලපු කෙනෙක් නැහැ නේ. මේ චිත්‍රපටියේ හිටපු ආරෝහි (Shraddha Kapoor) මතකද? එයාගේ රංගනයෙන් හැඩවුන ලස්සන ෆිල්ම් එකක් තමයි අරන් ආවේ.ආශිකි චිත්‍රපටියේ නම් අහිංසක කෙල්ලෙක්ගේ චරිතේ රඟපානවා උනාට මේ චිත්‍රපටියේ නම් නපුරු පාට පිරිලා. මේ චිත්‍රපටිය හදලා තියෙන්නේ ඔයාලා කවුරුත් බලපු Mujhse Fraaandship Karoge,Mere Dad Ki Maruti චිත්‍රපටි නිශ්පාදනය කරපු Y-Films වෙතින් තමයි.ඉතින් චිත්‍රපටිය සුපිරි එකක් කියලා කියන්න උවමනා නැහැනේ.

අපි කතාව පැත්තට හැරෙමුකෝ රිහා හා ලව් කියන්නේ ආදරවන්තයින් දෙන්නෙක්.මේ ලව් කියන පිරිමි ළමයා ටිකක් සල්ලි කාරයෙක්
සල්ලිකාර කොල්ලන් ගේ හැටි ඉතින් දන්නවානේ ගැණු ළමයි කිපදෙනෙක් ආශ්‍රය කරන එක එයාලාගේ විනෝදාංෂයක්.මේ ලව් කියන්නෙත් එහෙම කොල්ලෙක් කියලා රිහාගේ යාළුවෝ අනතුරු අගවනවා.එත් රිහා එවා විශ්වාස කරන්නේ නැහැ. එත් එක දවසක් ලව් වෙන ගැණු ළමයෙක් එක්ක ඉන්නවා රිහා ඇස්දෙකෙන්ම දකිනවා.රිහා අඬලා දුක නිවා ගන්නවා.එත් මේ අතර වාරයේ කැම්පස් එකේම තවත් පිරිමි ළමයෙක් රිහාව හම්බවෙන්න එනවා.ඇවිත් කියන විස්තරය නිසා රිහා විතරක් නෙමෙයි එයාගේ යාළුවෝ දෙන්නත් බයවෙනවා.ලව් කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි.එක්තරා අන්තර්ජාල වැඩසටහනක් තියනවා BBC (Billionaire Boys Club) කියලා.මේ වැඩසටහනෙන් කෙරෙන්නේ පුලුවන් තරම් ගැණූ ළමයි යාළුකරගෙන එයාව කිස් කරන ඒ වගේම එයා එක්ක ඉන්න දර්ශන අන්තර්ජාලයට එකතු කරන්න.එහෙම එකතු කලාම පොයින්ට්ස් ලැබෙනවා.ඉතින් මේ ලව් ගැණු ළමයි යාළු කරන්නේ ඔන්න ඔය වැඩසටහනේ පලවෙනියා වෙන්න.මේ දැක්ක ගමන්ම රිහා හිතාගන්නවා ලව්ට හොද පාඩමක් උගන්වන්න.රිහායි එයාගේ යාළුවෝ දෙන්නයි එකතු වෙලා ලව්ට ඇත්තටම හොද පාඩමක් උගන්වනවා අමතක නොවෙන්නම.ඒ දෙවල් ගැන බලාගන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනවා.නිකමට වගේ උඩ තියන ට්‍රේලර් එක බලන්නකෝ.එතකොට තේරෙයි චිත්‍රපටිය ගැන.

ඒ වගේම අද විශේෂ දවසක්.අද විශේෂ කෙනෙක්ගේ උපන්දිනයක්.වෙන කවුරුත් නෙමෙයි මහේෂීගේ ඉතින් මගේ මේ චිත්‍රපටිය එයා වෙනුවෙන් උපන්දින තැග්ගක් කියලා කියන්නත් පුලුවන්.පැය 1 විනාඩි 45ක චිත්‍රපටියක් උනාට මේකේ ලයින් ගාන නම් 2240ක් තිබ්බා.උපන්දින තැග්ගකට සුපිරිම චිත්‍රපටියක් දෙන්නත් එපැයිනේ. ඉතින් හොද එකක්ම අරන් ආවා. එහෙනම් චිත්‍රපටිය නරඔන්න.ආපහු ඉතින් ලඟකදි මම හින්දි චිත්‍රපටියක් නම් අරන් එන එකක් නැහැ.ඒකට පොඩි විශේෂ හේතුවකුත් තියනවා.එහෙනම් එකත් කියන්නම් කෝ ලඟදිම.එහෙනම් මම යනවා. හැමෝටම සුභම සුභ දවසක් වේවා!


ආ යන්න කලින් කියන්න ඕන කෙල්ලන්ට බුට් දෙද්දි පරිස්සමින් මේ වගේ සිදුවිමක් සිදුවෙන්නත් බැරි නෑ.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DIrect Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත පීරිස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment